සිග්නිස් උත්තමාචාර අයැදුම්පත්

මාර්තු 28, 2019

 සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණ ශිල්පින් අගයමින් වාර්ෂිකව සංවිධානය කරන සිග්නීස් උත්තමාචාර සම්මාන උලෙළ (2019) සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවලදී සිදු වේ. මෙවර උලෙළේ සම්මාන සඳහා සලකනු ලබන්නේ 2018 වසරේ තිරගත වූ චිත්‍රපට සහ 2018 දෙසැම්බර් 31 වැනිදාට පෙර නිමා කළ කොටස් 100 කට නොවැඩි ප්‍රාසාංගික ටෙලි නාට්‍යයන්ය. නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා වන අයැදුම්පත සිග්නීස් ශ්‍රී ලංකා කාර්යාලයෙන් ලබා ගත හැකිය. නිර්මාණයන් ඩි. වී. ඩී මාධ්‍යයෙන් එළඹෙන අප්‍රේල් මස 25 වැනිදාට ප්‍රථම සිග්නීස් කාර්යාලයට ගෙනත් භාරදිය යුතු අතර 01126993425 හෝ 0718069085 යන අංකවලින් වැඩි විස්තර ලබා ගැනීමට පුළුවන. එක් නිර්මාණයක් සඳහා ඩි. වී. ඩී. තැටි තුනක් එවිය යුතු බව උලෙළේ සංවිධායක කමිටුව දන්වා සිටියි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.