ගුත්තිල ඇරඹුණා සනත් අබේසේකරගේ චිත්‍රපටයක්

මාර්තු 28, 2019

 වෑත්තෑවේ හිමිපාණන් විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍ය ඇසුරෙන් නිර්මාණය වන ගුත්තිල සිනමාපටයේ මුහුරත් උලෙළ ඉකුත්දා එගොඩ කැලණිය විහාරස්ථානයේදී පැවැත්විණ. එය සනත් අබේසේකරගේ අධ්‍යක්ෂණයකි. මහින්දාගමනය, සිරිදළදාගමනය, මහරජ අජාසත්, අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ ආදී සිනමාපට අධ්‍යක්ෂණය කරන ලද්දේ ද සනත් අබේසේකරයි. තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් ඉදිරිපත් කරනු ලබන ගුත්තිල සිනමාපටයෙහි ගුත්තිල ලෙස සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි රංගනයෙන් දායක වේ. අකිල ධනුද්ධර මූසිලට පණ පොවයි. අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, යශෝධා විමලධර්ම, විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, නදීකා ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, චුලක්ෂි රණතුංග, ශ්‍රීමාල් වෙඩිසිංහ, මහින්ද පතිරගේ සරත් චන්ද්‍රසිරි, හේමන්ත ඊරියගම, මිෂෙල් දිල්හාරා යන නළු නිළියන් සෙසු ප්‍රධාන චරිත මවනු ලබති. කැමරා අධ්‍යක්ෂණය සුජිත් නිශාන්තගෙනි. සංගීත අධ්‍යක්ෂණය දිනේෂ් සුබසිංහ විසිනි. විශාරද එඩ්වඩ් ජයකොඩි සහ උරේෂා රවිහාරි ගී ගැයුමෙන් දායක වේ. පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, ලූෂන් බුලත්සිංහල සහ සනත් අබේසේකර ගීත රචනයෙන් දායක වෙති.

ආනන්ද එස්. කපුගේ සහාය අධ්‍යක්ෂවරයාය. දෙවැනි සහාය අධ්‍යක්ෂණය පවිත්‍රා මධුභාෂිනි සහ සුනෙත් රසාංගගෙනි. ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය සහ සංස්කරණ කටයුතු ප්‍රවින් ජයරත්නගෙනි. රමේෂා ඕෂනී ඇඳුම් නිර්මාණය කරනු ලබයි. කොණ්ඩා සැකසුම් නිලේෂ් ෂෙවෝන් දිසානායක සහ රුචිර දිනෙෂ්ක කහඳගෙනි. නර්ථන නිර්මාණය සංඛ අබේසිංහ විසින් සිදු කරනු ලබයි. ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්ෂණයෙන්, තරංග රුක්මල්වල අංග රචනයෙන්, සුමුදු අමල්ක සටන් අධ්‍යක්ෂණයෙන්, හිරංග විශ්ව රණසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන්, රොෂාන් සංජේ හේරත් විධායක නිෂ්පාදනයෙන් මේ සඳහා එක් වෙති.

ගුත්තිල සිනමා කාව්‍යයෙහි නිෂ්පාදනය හරේන් නාගොඩවිතාන සහ දිලිනි සිල්වාගෙනි. අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස් රචනය සනත් අබේසේකරගෙනි. තිස්ස නාගොඩවිතාන අධීක්ෂණ දායකත්වය සපයයි.

ඔබ දුටු ඕනෑම චිත්‍රපටයක් පිළිබඳ සිතෙන දේ දැන් සරසවිය වෙබ් පිටුවට ලියා එවන්න [email protected]  යන විද්‍යුත් ලිපිනයට එවිය හැකියි.

www.sarasaviya.lk

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.