ඩොල්බි ඇට්මොස් ශබ්ද සහිත මුල්ම සිංහල චිත්‍රපටය ‘වෙඩි නොවදින ළමයි’

මාර්තු 28, 2019

 මෙරට ප්‍රථම වතාවට ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණය භාවිත කරමින් සිනමාපටයක් නිර්මාණය වන වග සරසවියට වාර්තා විය. ලොව නවීනතම ක්‍රමය වන ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණය අන්තර්ගත කොට ජාත්‍යන්තර සිනමා පට නිර්මාණය කෙරුණ ද එය දේශීය සිනමාවට යොදාගෙන තිබුණේ නැත.

එලෙස එම තාක්ෂණයෙන් යුතුව තැනෙන සිනමා නිර්මාණය වෙඩි නොවදින ළමයි චිත්‍රපටයයි. එය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ අධ්‍යක්ෂණයකි. මේ ඔහුගේ දෙවන සිනමාපටය වන අතර මින් පෙර ඉන්දික හෝගානා පොකුණ සිනමාපටය ප්‍රේක්ෂකයා වෙත ගෙන ආවේය. ඉන්දිකගේ නව සිනමාපටය සඳහා ඩොල්බි ඇට්මොස් තාක්ෂණය භාවිත කරන වග අනාවරණය වූයේ කොළඹ සිටි සෙන්ටර් හී ඉකුත් දා පවත්වනු ලැබූ එකී තාක්ෂණය පිළිබඳ මාධ්‍ය හමුවේදීය. ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණය ප්‍රවර්ධනය කරන ඩොල්බි රසායනාගාරයේ පිරිසක් එයට සහභාගිව සිටියහ.

ස්පීකර් 32 කින් සමන්විත ශබ්ද තාක්ෂණයක් ඩොල්බි ඇට්මොස් සඳහා ඇතුළත් වේ. එමඟින් සිනමා ප්‍රෙ‍්‍ර්ක්ෂකයාට ඉහළ රස වින්දනයක් ලබා දෙනු ඇත. මේ වන විට මෙම තාක්ෂණය භාවිත කොට ඉදි වූ සිනමා ශාලාව වනුයේ කොළඹ සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා ශාලාවයි. ඉන්දිකගේ සිනමාපටයෙහි ඩොල්බි තාක්ෂණයෙන් යුතුව ශබ්ද සංකලනය මවනු ලබන්නේ ශෂික රුවන් මාරසිංහයි.

සසික මේ වන විට සරසවි ශබ්දාගාරයේ ශබ්ද පරිපාලකවරයකු ලෙස රාජකාරි කරනු ලබයි. ඉකුත් වසරේ සරසවිය සම්මාන උලෙළේදී හොඳම ශබ්ද පරිපාලනයට හිමි සම්මානය (2017) දිනා ගැනීමට ද සසික සමත් විය. ඒ ආලෝකෝ උදපාදි සිනමාපටය වෙනුවෙනි. ඔහු එලෙස ශබ්ද සංකලනය කළ වෙඩි නොවදින ළමයි සිනමාපටයේ පසු නිපැයුම් කටයුතු සිදු කරනු ලැබුවේ ඉන්දියාවේදීය. ඩොල්බි ඇට්මොස් ශබ්ද තවත් සිනමා ශාලාවක් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි විවෘත වීමට නියමිතය.

ඔබ දුටු ඕනෑම චිත්‍රපටයක් පිළිබඳ සිතෙන දේ දැන් සරසවිය වෙබ් පිටුවට ලියා එවන්න [email protected]  යන විද්‍යුත් ලිපිනයට එවිය හැකියි.

www.sarasaviya.lk

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.