සිනමාව නඟා සිටුවීම වෙනුවෙන්

ජනවාරි 31, 2019

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නිපදවනු ලබන කුලුඳුල් සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා පැවැත්විණි. එයට මහාචාර්ය, ආචාර්යවරුන් අතරට ආරාධිතයෝ රැසක් සහභාගි වී සිටියහ. කලක පටන් හඳුනන පුද්ගලයන් තිදෙනකු සිනමාපටය ගැන එහිදී කතාබහක නිරත විය. ඒ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව සහ ටි. වී. ටී. ආයතනයේ සභාපති රවීන්ද්‍ර ගුරුගේයි. එදින ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැවට සහ රවීන්ද්‍ර ගුරුගේට පැමිණ සිටි සියලු දෙනාගෙන් සුබාශිංසන නොඅඩුව ලැබුණි. ඒ වෙන හේතුවක් නිසා නොවේ. ඔවුන් දෙදෙනා අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු මූල්‍යමය පදනමකින් තොරව විද්‍යාර්ථයන්ගේ පළමු සිනමාපටයට දක්වන දායකත්වය නිසාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.