අමාත්‍ය සජිත් වෙතින් සරසවිය සම්මාන දිනූ අනූෂාට නව නිවසක්

ජනවාරි 10, 2019

1995 වසරේ නැඟීගෙන එන නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ දැනට රෝගාතුරව සිටින අනූෂා සොනාලි වෙත අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙතින් නිවසක් පිරිනැමිණි.විසිදෑල, හඬන කිංකිණි, භව සසර, ගිනිගත් හෝරාව, දරු උපත, සුන්දර වරද සහ මමත් ගැහැනියක් වැනි චිත්‍රපට ගණනාවකට රංගනයෙන් ඇය දායක වූවාය.මාංශපේෂිවල ක්‍රියකාරිත්වය දුර්වලවීමේ ‘මායෝපති’ නම් දුර්ලභ රෝගි තත්ත්වයකින් පෙළෙන අනූෂා සොනාලි වසර 4 ක් මුළුල්ලේ ඇවිදීමේ අපහසුතාවයකින් පෙළෙයි.

එහෙයින් ස්ථිර ආදායම් මාර්ගයක් හෝ නිවෙසක් නොමැති ඇයට මොරටුව අඟුලාන ‘සයුරුපුර’ නිවාස යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ තිහක් වටිනා නිවසක් පරිත්‍යාග කිරීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් පසුගිය දින එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. මෙම නිවාස පිරිනැමීම කලා ශිල්පිනියකට පිරිනැමූ පළමු පරිත්‍යාගය ද වේ. මේ අවස්ථාවට අමාත්‍ය රන්ජන් රාමනායක ද සහභාගි විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.