විශ්‍රාම නොයන කලාකරුවෝ

ජනවාරි 3, 2019

ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් යුතුව මහජන බැංකු විශ්‍රාමික කලාකරුවන්ගේ එකමුතුව ප්‍රථම වරට පවත්වනු ලැබූ කලා උලෙළ පසුගිය දින මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. විවිධ කලා කුසලතාවයන්ගෙන් හෙබි විශ්‍රාමික බැංකු සේවකයන් රැසක් මේ සඳහා සහභාගී වූහ. කාව්‍ය රචනා, ගී පබැඳුම් හා කෙටිකතා යන අංශ තුන යටතේ පැවැත් වූ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා එදින ජය සංකේත ප්‍රදානය කිරීම ද සිදු විණි. සාමාජික සාමාජිකාවන්ගේ හැකියාවන් වර්ධනය කර ගැනීමේ අරමුණින් සිංහල, හින්දි ගීතාවලියකින් සහ නව නිර්මාණ රංගනයන්ගෙන්, මැජික් සංදර්ශනයකින්, කෙටි නාට්‍යකින් එදින පැවැත් වූ කලා උලෙළ වර්ණවත් විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.