බහුභූතයෝ 3-ගින්දරී 2 ජනවාරියේ වැඩ අරඹයි

ජනවාරි 3, 2019

ඉමහත් ජනප්‍රියත්වයක් ලබමින් ආදායම් වාර්තා අලුත් කොට තිරගත වුණු ගින්දරී සිනමාපටයේ දෙවැනි කොටස ගින්දරි ධ්ධ් නමින් නිර්මාණය වන වග සරසවියට වාර්තා වේ. ඒ උදයකාන්ත වර්ණසූරියගේ අධ්‍යක්ෂණයෙන් යුතුවය. කලකට ඉහතදී තිරගත වූ බහුභූතයෝ සිනමාපටයේ දෙවැනි කොටස ලෙසින් ගින්දරී නිර්මාණය විය. ගින්දරී කතාව නිම වූ තැන සිට ගින්දරී ධ්ධ් ආරම්භ වනු ඇත. එළඹෙන ජනවාරියේ සිට රූපගත කිරීම් ආරම්භ වන ගින්දරී ධ්ධ් සිනමාපටයේ පබෝධා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, කීර්ති රත්නායක, චංචලා වර්ණසූරිය, ආනන්ද අතුකෝරල, සජීව මල්මාලආරච්චි, අනුර ශ්‍රීනාත්, නිල්මිණි කෝට්ටේගොඩ ආදීහු රංගනයේ යෙදෙති. කේ. ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂවරයාය. ඩොනල්ඩ් ජයන්තගේ සහාය අධ්‍යක්ෂණයකි. නලින් ප්‍රේමතිලක අංග රචනයෙන් එක් වෙයි. අරුණ ඩයස් කලා අධ්‍යක්ෂණයෙන් ද, අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් ද ආනන්ද පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙන් ද ගින්දරී ධ්ධ් සඳහා එකතු වේ. සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. ගින්දරී ධ්ධ් සිනමාපටයේ තිර රචනය මෙන්ම නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරියගෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.