අතුලසිරිට සුවඳ පද්ම

දෙසැම්බර් 27, 2018

 රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි පසුගියදා සුවඳ පද්ම රජත සම්මානයෙන් පිදුම් ලැබීය. වසර 35 ක් වූ ඔහුගේ රංගන දිවිය තුළ වේදිකා නාට්‍ය වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ කරන ලද සුවිශේෂ කලා මෙහෙවර අගයමින් ජේ්‍යෂ්ඨ රංගන ශිල්පී කලා ශූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන් ප්‍රමඛ මිහිදු පදනම මඟින් සංවිධානය කෙරූ සම්මාන ප්‍රදාන උලෙළේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ලද මේ රංගනවේදියාට එම සම්මානය ප්‍රදානය කරන ලදී. නුවරඑළිය ශාන්ත සේවියර් පාසල් වේදිකාවෙන් ඇරඹූ ජයතිස්ස අතුල රංග චාරිකාව සිය ප්‍රථම නිර්මාණයෙන්ම හොඳම නිර්මාණය හා හොඳම නළුවා යන සම්මානයෙන් පිදුම් ලැබීය.

ජයන්ත චන්ද්‍රසිරි, පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, ජර්මන් ජාතික යෙලර්, නෙදර්ලන්ත ජාතික හාන්ස් යන ප්‍රවීණයන්ගෙන් නාට්‍ය කලාව හදාරා ඇති අතුල මේ දිනවල ඇන්ටන් සමන්ප්‍රිය නිෂ්පාදනය කරන දයා වයමන්ගේ සයිබු නානා යන වේදිකා නාට්‍යයේ සයිබු නානාගේ චරිතය පුහුණුවීම් කරයි. සිය බිරිඳ නන්දා මනම්පිටිය කිවිඳියක් ලෙස ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රියය. සිය බිරිඳ ඇතුළු පුතුන් දෙදෙනාගෙන් ද රංගන කාර්ය සඳහා ලැබෙන සහයෝගය සිහිපත් කරන අතුල, සුවඳ පද්ම රජත සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා විශේෂ ඇගයුමක් කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ට සිය ප්‍රණාමය පුද කරයි.

කට්ටඹුවාගම විජයපාල කුමාරසිංහ
පණ්ඩුලගම සමූහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.