නන්දි අලුත්ගේ රත්නවීරට තෙවැනි ස්ථානය

දෙසැම්බර් 27, 2018
ආචාර්ය නන්දා මාලිනී මහත්මිය අතින් ඇයට හිමි ත්‍යාගය සහ සහතිකය ලබාගත් මොහොත.

ප්‍රවීණ මාධ්‍යවේදී ගීත රචක ධර්මසිරි ගමගේ සැමරුම් උපහාර උලෙළක් පසුගිය 04 වැනිදා කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

'පහන් වැට නිර්මාණ කේන්ද්‍රය' අනුග්‍රහයෙන් පැවැති ධර්මසිරි ගමගේ නිර්මාණ තරගාවලියේදී ලේක්හවුස් 'මාංචු' කර්තෘ මණ්ඩලයේ නන්දි අලුත්ගේ රත්නවීරගේ 'දුරුතු වස්සානය' නම් පද්‍ය සංග්‍රහ අත් පිටපත සඳහා එහි තෙවැනි ස්ථානය හිමි විය.

ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් උලෙළ සංවිධානය කර තිබිණි.

ඡායාරූප - අසංග ප්‍රදීප්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.