වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ කෙටි චිත්‍රපට උලෙළේ ජය උපාලිට සහ හසංකට

දෙසැම්බර් 27, 2018

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මඟින් පසුගිය 20 වැනිදා පවත්වන ලද කෙටි චිත්‍රපට උලෙළේ විවෘත අංශයේ ජය ‘ද ප්‍රීස්ට්’  (THE PRIEST)  කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කේ උපාලි නිමල් විසින් අත්පත් කරගත් අතර ශිෂ්‍ය අංශයේ ජය ‘වර්චුවල් රියැලිටි’ (VIRTUAL REALITY) කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ හසංක ඩී. හල්විට අත්කර ගත්තේය.

විවෘත අංශයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් ‘වින්ඩ් ත්රූ ද හෝල්ස්’  (WIND THROUGH THE HOLES)  අධ්‍යක්ෂණය කළ රොෂාන් එඩ්වර්ඩ් සහ ‘බ්ලර්’ (BLUR) අධ්‍යක්ෂණය කළ රමේෂ් හෙට්ටිආරච්චි හිමි කරගත් අතර ශිෂ්‍ය අංශයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ‘විත්‍යා’ (VITHYA)  අධ්‍යක්ෂණය කළ සී. තනූෂන්හටත් ‘ෆොක්ස් ටියුබ්’ (FOX TUBE) අධ්‍යක්ෂණය කළ සංඛ චන්ද්‍රභානු ගුණවර්ධන විසින් හිමිකර ගන්නා ලදී. මෙහිදී ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ සිනමාවේදිනි සුමිත්‍රා පීරිස් මහත්මිය සිනමා විද්‍යාධර සම්මානය සහ ඊට අදාළ ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. වෘත්තීය තාක්ෂණ හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.