එම්. පී. අයි. සහ හොලිවුඩ් සිනමාව අතිනත ගනී

දෙසැම්බර් 27, 2018

ලොව ප්‍රධාන පෙළේ චිත්‍රපට නිෂ්පාදන හා බෙදාහැරීමේ ආයතන සෝනි, වොර්නර් බ්‍රදර් සහ ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් හි උසස් ගණයේ හොලිවුඩ් චිත්‍රපට මෙරට ප්‍රේක්ෂකයන්ට ගෙන ඒමට එම්. පී. අයි. මණ්ඩලය කටයුතු සූදානම් කොට තිබේ. මේ වෙනුවෙන් එම මණ්ඩලය සහ මෙම ව්‍යාපෘතියට එකතුවී සිටින ස්කයිලයින් සමාගම අතර ගිවිසුමක්ද හුවමාරු කරගන්නා ලදී.

පසුගිය දහහතරවැනිදා සිට ස්පයිඩර් මෑන් ඇක්වාමෑන් මෙරට තිරගත කළ අතර තවත් නවතම සිනමාපටයන් කිහිපයක්ම ඉදිරි වසරේදී සිනමාලෝලීන් වෙනුවෙන් ගෙන ඒමට නියමිතය.

එම්. පී. අයි. මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, නිමල් කුලරත්න, තුෂාන් රංගන මීමනගේ සමඟ ස්කයි ලයින් ආයතනයේ අධ්‍යක්ෂිකා ඩැනියල් නොබයිල් සේයාරුවෙහි වෙති.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.