මානව හිමිකම් සිනමා උලෙළ දෙසැම්බර් 05 ඇරැඹේ

දෙසැම්බර් 1, 2018

දකුණු ආසියා මානව හිමිකම් සිනමා උලෙළ එළඹෙන දෙසැම්බරයේ 05 වැනිදායින් ආරම්භ වේ. එය එදින සිට දින පහක් පුරා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනු ඇත. මේ සිනමා උලෙළ අග්නි ජාත්‍යන්තර සංවිධානය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් සංවිධානය කර තිබේ. උලෙළ නොමිලයේ පැවැත්වෙන අතර සෑම චිිත්‍රපට දර්ශනයකම එයට අදාළ අධ්‍යක්ෂවරුන් සහ නළු නිළියන් සහභාගි වන බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

උලෙළේ සිනමාපට තිරගත වන පිළිවෙළ මෙසේය.

දෙසැම්බර් 05 වැනිදා සවස 5 ට - අ ලෙටර් ටු ප්‍රසිඩන්ට් - ඇෆ්ගනිස්තානය

දෙසැම්බර් 06 වැනිදා සවස 5 ට - සලාම් - පාකිස්තානය

දෙසැම්බර් 07 සවස 5 ට අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් - බංග්ලා දේශය

දෙසැම්බර් 08 වැනිදා සවස 05 ට කෝර්ට් - ඉන්දියාව

දෙසැම්බර් 09 වැනිදා සවස 05 ට වයිට් සන් - නේපාලය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.