රන් පෝරුව වැඩ අරඹයි...

අප්‍රේල් 1, 2021

කීර්තී රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය ' රන් පෝරුව' ටෙලිනාට්‍යයේ සමාරම්භය පසුගියදා කොට්ටාව පැනොරාමා හෝටල් පරිශ්‍රයේදී සිදුකෙරිණ. විශිෂ්ට මානව ශිෂ්ටාචාරයේ සංස්කෘතික හැඩතල නිමවාලූ එහෙත් දහස් වසරක් නොදුටු - නොහඳුනන්නා වූ යට ගිය දවසේ යථාර්ථය රන් පෝරුවෙන් කතා කරයි.

අනිල් ජයසූරිය නිෂ්පාදනයක් වන මෙහි පිටපත කපිල කුමාර අටුපෙළගේගෙනි. කැමරාකරණය ජයන්ත රණසිංහද, සංගීතය නිමේෂ ජයතුංග, තේමා ගී ගායනය සුනිල් එදිරිසිංහද වන මෙය 'සිනේ සිතාරා' ඉදිරිපත් කිරීමකි.

ඩග්ලස් රණසිංහ, විශාකා සිරිවර්ධන, රමණි සිරිවර්ධන, සුසිලා කෝට්ටගේ, පාලිත සිල්වා, සරත් චන්ද්‍රසිරි, ජනක් ප්‍රේමලාල් ඇතුළු ප්‍රවීණ මෙන්ම නවක නළු නිළියන් රාශියකගේ සහභාගිත්වයෙන් මෙය නිර්මාණය වේ. අනිල් ජයසූරිය මෙයට පෙර සඳ යහනට චිත්‍රපටයේ නිෂ්පාදක විය.