මන්දාකිණි වීරයන් අතරදී පෙම් යුවලක් යළි හමුවන ලකුණු

ජූලි 3, 2019
බ්‍රැඩ්ලි කූපර් සහ ලේඩි ගගා ගැන කතාබහට ලක්වුණේ පසුගිය වසරේ තිරගත කෙරුණු A Star Is Born චිත්‍රපටය සමඟින්. 
 
A Star Is Born  යනු හොලිවුඩයේ දිගු අතීතයකට උරුමකම් කියන්නා වූ සිනමා නිර්මාණයක්.
 
එම ප්‍රතිනිර්මාණය ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බ්‍රැඩ්ලි කූපර්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය යි. බ්‍රැඩ්ලි සමඟින් එහි ප්‍රධාන නිළිය වුණේ අමෙරිකානු ගායිකාවක වන ලේඩි ගාගා. 
 
මෙම චිත්‍රපටයෙන් පසුවත් මේ යුවල තවත් නිර්මාණ තුළින් දකින්න රසික රසිකාවන් ප්‍රිය කරන බව කාටත් නොරහසක්.
 
ඒ සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිරෙන අතර මීළඟ Guardians of the Galaxy චිත්‍රපටය සමඟින් ලේඩි ගාගාගේ නමත් කියවෙනු ඇති බවයි ආරංචි.
 
මන්දාකිණියේ වීරයන් සමඟ 2014 වසරේදී Guardians of the Galaxy  චිත්‍රපටය රිදී තිරයට පැමිණි අතර අනතුරුව තවත් වික්‍රමාන්විත රැසක් එහි දෙවැන්න Guardians of the Galaxy Vol.2 හිදී දිග හැරුණි.
 
මන්දාකිණියේ වීරයන් අතරේ රොකට් රැකූන්ගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ බ්‍රැඩ්ලි විසින්. Guardians of the Galaxy Vol. 3 චිත්‍රපටයේදී ලේඩි ගාගා මන්දාකිණි වීරයන් සමඟින් එක් වීමට නියමිතව තිබෙන්නේ රොකට් රැකූන්ගේ පෙම්වතිය ලෙසින් බවයි ආරංචි. 
 
2001 වසරේදී යොවුන් ගායිකාවක ලෙසින් ගායක ක්ෂේත්‍රයට පැමිණි ස්ටෙෆනි ජොආන් ඇන්ජලීනා ජර්මනෝටා හෙවත් ‘ලේඩි ගාගා’ ගිනස් ලෝක වාර්තා ද ඇතුළුව සම්මාන රැසකට හිමිකම් කියන ගායිකාවකි. American Horror Story: Hotel  රූපවාහිනි කතා මාලාවේ රංගන වෙනුවෙන් 2016 වසරේදී හොඳම නිළියට (රූපවාහිනි කතාමාලා) හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය.
 
2016 වසර වන විට ඇයගේ ගීත ඇල්බම මිලියන 27ක අලෙවියක් ද තනි ගීත මිලියන 146ක අලෙවියක් ද වාර්තා කර තිබුණි. 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.