පාට ගෑව හීනයක් රූපගත කිරීම් නිමයි

අප්‍රේල් 1, 2021

වැඩිමල් සහෝදරියක සමඟ දිවිගෙවන මවුපිය සෙනෙහස අහිමි දැරියක් වටා ගෙතුණු කතා පුවතකින් සමන්විත පාට ගෑව හීනයක් ළමා සිනමාපටයේ රූපගත කිරීම් පසුගියදා නිමවිය. එය සමඟ තවත් නවක නිර්මාණකරුවෙක් සිනමාවට පිවිසිණි. ඔහු ඉෂාන් ඩී. වඩුගේයි. ජනක් ප්‍රේමලාල්, රංජිත් රූබසිංහ, රත්නා සුමනපාල, බුද්ධි රන්දෙණිය, ක්ලාරා අතපත්තු, ආරාධ්‍යා දිනේශා රණවීර, මලීස තුල්නෙත්, නෙත්මි බණ්ඩාර, සිතාරා මිහිරාණි, පවන්ත මධුසංක, තුවාන් මොහොමඩ්, තිසත් දිනුල්ක, දිනුති තිලෝක්‍යා, පවින්ත සන්හිත් සහ නිතිනි නිම්සරා ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති. අධ්‍යක්ෂණය මෙන්ම කතාව දෙබස් තිරරචනයද ඉෂාන් ඩී.වඩුගේ. ඔහුට වයස අවුරුදු විසි තුනකි. භානුක විදානගමගේගේ කැමරා අධ්‍යක්ෂණයකි. සංස්කරණය තාරුක දිල්ශාන්ගෙනි. තරිඳු විද්‍යානන්ද සංගීත අධ්‍යක්ෂවරයාය. පාට ගෑව හීනයක් සිනමාපටය නුවන් මධුසංකගේ නිෂ්පාදනයකි.