උදයකාන්තගේ 25 වැනි චිත්‍රපටය ගිනිමල් පොකුරු වැඩ අරඹයි

අප්‍රේල් 1, 2021

හිරිපොද වැස්ස, ආසයි මං පියාඹන්න, ගින්දරී වැනි ජනප්‍රිය සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය "ගිනිමල් පොකුරු" රූගත කිරීම් අප්‍රේල් මස 22 සිට ආරම්භ කිරීමට නියමිතය. මෙහි කතාව, තිරරචනය, අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය උදයකාන්තගෙනි.

ගිනිමල් පොකුරු යනු අනපේක්ෂිත අයුරින් තම ජීවිතයේ තීරණාත්මක ගැටුමකට මුහුණ දෙන තරුණියක් පිළිබඳ අනුවේදනීය උද්වේගකර මෙන්ම ත්‍රාසජනක සිද්ධීන් රැසක් චිත්‍රපටයකි.

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චුලක්ෂි රණතුංග, චරිත් අබේසිංහ, ආනන්ද කුමාරඋන්නැහේ, දිල්රුෆා ෂානාස්, කුමාර වඳුරැස්ස "ගිනිමල් පොකුරු" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙති.

ප්‍රසාද් රුද්‍රිගු, බන්දුල ගුණවර්ධන, ක්‍රිශාන්ත හෙට්ටිආරච්චි, නිශාන්ත ජයවර්ධන, උදයංග සුරේෂ්, සුරංග ද සිල්වා, නිව්ටන් විදානපතිරණ මේ සඳහා. සම නිෂ්පාදනයෙන් දායකත්වය සපයති. මෙහි කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගෙන් ද සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙන් ද සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්තගෙන් ද වන අතර කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලකගෙනි. සරත් ද අල්විස් මේ සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන අතර වේශනිරූපණය ඉන්දික උදාරලංකා විසින් වන අතර නිෂ්පාදන කළමනාකරණය අශෝක ආරියරත්නගෙනි.