රෝස මල් මත පිපුණු සිහිනෙන් ගෑ සුවඳක් බඳු ආදරයක්

ජුනි 4, 2020

 
 මේක ආදර කතාවක්.ඒ වුණත් සම්ප‍්‍රදායික රටාවේ එකක් නොවේ. ත‍්‍රාසජනක මෙන්ම කුතුහලයෙන් සපිරි ආදර අන්දරයක්.චිත‍්‍රපටයේ නම secret of the rose.ඒ කියන්නේ රෝස රහස
 
  කොරෝනා වසංගතය නිසා සිනමාශාලා වහලා.අලූ‍ත් සිනමාපටයක් නරඹන්න සිනමා ලෝලීන්ට අවස්ථාව නැතිවෙලා තියනවා. ඒත් එහෙම වුණා කියලා සිනමාපට නිර්මාණය නොවී තියෙන්නේ නැහැ. සුපුරුදු පරිදි සිනමා ක්ෂේත‍්‍රයේ වැඩ දැන් දැන් ආරම්භ කරලා.එහෙම තැනෙන සිනමාපටයක් ගැනයි මේ කියන්න හදන්නේ.
 
 මේක ආදර කතාවක්. ඒ වුණත් සම්ප‍්‍රදායික රටාවේ එකක් නොවේ. ත‍්‍රාසජනක මෙන්ම කුතුහලයෙන් සපිරි ආදර අන්දරයක්. චිත‍්‍රපටයේ නම secret of the rose.ඒ කියන්නේ රෝස රහස. රෝස රහස අධ්‍යක්ෂණය කරන්නේ ඉරාන් ගොඩමුණ්න. ගොඩමුණ්න නාමය සිනමාවට යම් සමීපකමක් දන්වනවා.පෙර කලෙක හෙල ළඟ නමින් සිනමාපටයක් තැනුව ධම්මි ගොඩමුණ්න ඉරාන්ගේ මව. ඇය තමයි රෝස රහස සිනමාපටය නිෂ්පාදනය කරලා පුතාට සිනමාකරුවෙකු වෙන්න මඟ පාදලා දුන්නේ. එලෙස මවුපුතු හවුලෙන් නිර්මාණය වූ රෝස රහස සඳහා රොෂාන් රවීන්ද්‍ර,රොෂාන් රණවන, රිචාඞ් වීරක්කොඩි, වින්දි මැදපාත (හඳුන්වා දෙන) ඇතුළු පිරිස රංගනයෙන් දායක වනවා. චිත‍්‍රපටයේ කතාව ඉරාන්ගේ. ඔහු සමඟ චන්ද්‍රරත්න මාපිටිගම තිරරචනය නිමකොට තිබෙනවා. මහනුවර අවට ප‍්‍රදේශවලයි රෝස රහස රූපගතකිරීම් කරලා තියෙන්නේ. ඉරාන් මීට ප‍්‍රථම කෙටි චිත‍්‍රපට පහක් නිර්මාණය කළ නිර්මාණකරුවෙක්.