ඇය නිල්වලා විශ්වමාලි

අගෝස්තු 8, 2019

වඩාත් ජනප්‍රිය වුණේ දෙවැනි ඉනිමේ කලණි ලෙස.

කාර්යබහුලකමත් එක්ක එම නාට්‍යයෙන් ඇය ඉවත් වුණා.

මේ දිනවල ඇගේ රංගන කටයුතු පිළිබඳ කතා කළොත් සනත් ගුණතිලකගේ ගැහැනු සිනමා සිතුවමට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම නාලන් මෙන්ඩිස්ගේ අලුත් ටෙලි සිතුවමටත් කතා කරලා තියෙනවා.

නිල්වලාගේ ගම කොස්ගම.

උපන් දිනය මැයි විසි තුන.

ඇය ජනප්‍රියවීමට වඩා කැමැති දක්ෂ රංගන ශිල්පිණියක් ලෙස කිරුළු පැලදීමට. රංගනයට අමතරව නිල්වලා නර්තන ශීල්පිණියක ද හැටියට කටයුතු කරනවා.

නිල්වලා ඩාන්සින් ටීම් යනුවෙන් නර්තන කණ්ඩායමක් ද පවත්වාගෙන යනවා.

මේ වන විට ඇය පෙම්වතියක් නෙවෙයි.

නිල්වලා වැඩිය ආහාර පාලනයේ යෙදෙන්නේ නැති නිළියක්.

එහෙයින් ඇගේ මිතුරියන් නිතරම කියනවලු නිල්වලා ඔයා මහත් වෙලා කියලා.

ඇය මමත්වය අත හරින්නට සූදානමින් සිටින නිළියක්.

නිල්වලා විශ්වමාලි චන්ද්‍රසේකර කියන ෆේස්බුක් පිටුවෙන් සහ එනමින් තිබෙන ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමෙන් ඇය ඔබට හමු විය හැකියි.

ඇගේ සොඳුරු රුවින් මෙවර සරසවිය පසු පිටුව සැරසෙනවා.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.