රුක්මණී අනුස්මරණයට අලුත් නිලධාරීන්

නොවැම්බර් 22, 2018

රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ 31 වන වසර සඳහා නිලධාරීන් තේරීම පසුගියදා බොරැල්ල සුදර්ශි ශාලාවේදී සිදු කෙරිණි.

1989 දී සංගමය ආරම්භ කරන ලද හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් මහතා නිර්මාතෘ, උපදේශක සහ සභාපති වශයෙයන් ඒකච්ඡන්දයෙන් පත් කර ගන්නා ලදී. සෙසු නිලධාරින් මෙසේය.

කෘත්‍යාධිකාරී සහ භාණ්ඩාරික ඊ. ජී. පී.චිත්‍රා කාන්ති, සභාපති වින්ධ්‍යා හේමමාලි සම සභාපති කේ. ඒ. ඩී. රාණි චන්ද්‍රිකා, උප සභාපති බී. ඒ. චානක සඳරුවන්, ලේකම් සහ මාධ්‍ය සම්බන්ධිකරණ මංගලා පෙරේරා, උප ලේකම් මයුරි වර්ණකුලසූරිය, උප භාණ්ඩාගාරික ඩබ්ලිව්. බී. ජයරත්න, ප්‍රධාන සංවිධායක යූ. ජී. කේ. සුසිල් වික්‍රමසුරිය, සහාය සංවිධායක හා ඡායාරූප ශිල්පි ආනන්ද සෝමසිරි, කලාකරු අවමංගල්‍ය සම්බන්ධිකරණ මොහමඩ් මොහිදින් සහ නිර්මලී කරුණාරත්න, ගණන් පරීක්ෂක ලක්මාලි විජේසිංහ. අයිරිල් ලුසිල් ප්‍රනාන්දු, ශ්‍රිමති චන්ද්‍රානි ජයසිංහ, ස්ටැන්ලි විජේසිංහ මහත්ම මහත්මීන් කාරක සභාවට පත් වූහ. ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් සහ චිත්‍රපට සංස්ථාවේ වැඩ බලන සභාපති සනත් වීරසූරිය, මාධ්‍යවේදී සේනක ජයතිලක, මාධ්‍යවේදී එල්. ආර්. මෙන්දිස්, සිරිමා ඇනස්ටා මර්සලින් සහ කේ. ඒ. එඩ්වින් පෙරේරා තේරී පත් වූහ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.