වර්ෂ 2018 ක්වූ මැයි 26 වැනිදා සෙනසුරාදා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
රයිගමයයි ගම්පලයයි

දන්නා දෙන්නෙක් ගැන පරණ කතාවක්

රයිගමයයි ගම්පලයයි

ලලිත් පේ‍්‍රමතිලකගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක්

පැරැණි චිත්‍රපට ගෙනා ති: නා: අලුත් වෙයි

රයිගමයා රයිගමය. ගම්පළයා ගම්පොළය. දෙන්නා හමුවන්නේ තවත් පොළකය. රයිගමයා ගම්පළයාට දෙවැනි නැත. ගම්පළයා රයිගමයාට දෙවැනි නැත. දෙදෙනාම පළමුතැන ගන්නේ කපටිකමින්ය.

උඹ මොකෝ කරන්නේ?

රයිගමයා ගම්පළයාගෙන් අසයි.

වෙළෙඳාම, වෙළඳාම.

ගම්පළයා කියයි.

එතකොට උඹ මොකෝ කරන්නේ?

ගම්පළයා රයිගමයාගෙන් විමසයි.

මාත් වෙළඳාම, වෙළඳාම තමයි.

රයිගමයා උත්තර දෙයි. එහෙත් දෙදෙනා කරන වෙළඳාමක් නැත්තේය. පැය ගණනක් එලෙස බොරු ආටෝප කරමින්, ගජබින්න ඇදබා ගනිමින් දෙන්නට දෙන්නා හඳුනා ගත්තේය. තවත් මිනිත්තු කිහිපයක් ගත වූ තැන රයිගමයාත් ගම්පළයාත් කුළුපඟ මිතුරන් බවට පත් වන්නේය. දෙදෙනා එදා නවාතැන් ගන්නේ අලුත් ගමේ අම්බලමකය.

එදින ඔවුනට නින්දක් නොමැත. මින් ඉදිරියට ජීවත්වන ආකාරය පිළිබඳ කතිකා කරමින් සිටින්නේය. අවසන රයිගමයත් ගම්පළයත් බුලත් පුුවක් වෙළඳාමක යෙදෙන්නට තීරණය කරති.

එමඟින් රයිගමයා ගම්පළයාව රවටන්නට හිතන්නේය. ගම්පළයා රයිගමයාව රවටන්නට හිතන්නේය. මේ අභිප්‍රායෙන් දෙදෙනා වෙළඳාම අරඹන්නේය. එහෙත් සිදු වන්නේ නොසිතූවකි.

මේ අතර මේ කතාව තුළ ආඬි හත් දෙනාගේ කැඳහැලිය හදන්නට ගනියි. ඉදිරියට ගලාගෙන යද්දී පුහුල් හොරා කරෙන් දැනෙන්නට පටන් ගනියි. තවත් ජනකතා රැසකි. මේ සියල්ල එකතු වු තැන අපූරු ළමා සිනමා සිතුවමකි. එය නමින් රයිගමයයි ගම්පළයයි වේ.

ලලිත් ප්‍රේමතිලකගේ කුලුඳුල් අධ්‍යක්ෂණයෙන් නිම වු මෙහි රයිගමයා සහ ගම්පළයා ලෙස කුමාර තිරිමාදුර සහ ගිරිරාජ් කෞශල්‍ය රංගනයේ යෙදෙති. රයිගමයයි ගම්පළයයි ලබන සතියේ තිරයට පැමිණෙයි.

රයිගමයි ගම්පළයයි නළු නිළියෝ:

ගිරිරාජ් කෞශල්‍ය, කුමාර තිරිමාදුර, විජේරත්න වරකාගොඩ, පියුමි හංසමාලි, රෝහිත් මාන්නගේ, ලක්ෂ්මන් අමරසේකර, මල්කි ප්‍රනාන්දු, ඉසුරු නවෝද

ඉදිරිපත් කිරීම - තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් සමාගම

නිෂ්පාදනය - හරේන් නාගොඩවිතාන, දිලිනි සිල්වා

සම නිෂ්පාදනය - හර්ෂමාන පණ්ඩිතරත්න, කුෂානි විජේසිංහ

කැමරා අධ්‍යක්ෂණය - බුද්ධික මංගල

සංස්කරණය - අනුර බණ්ඩාර

සංගීතය - ශාන්ත පීරිස්

පසුබිම් ගායනය - කුමාර තිරිමාදුර, ශාන්ත පීරිස්

අංග රචනය - හෙන්රි ප්‍රේමරත්න

කලා අධ්‍යක්ෂණය - හේමන්ත ජයලත්

සහාය අධ්‍යක්ෂණය - අමිල පහතගෙදර

නිෂ්පාදන කළමනාකරු - උෂාන් පෙරේරා

විධායක නිෂ්පාදනය - රොෂාන් සංජේ හේරත්

කතා සංකල්පය, ගීත රචනය, තිර රචනය - ලලිත් ප්‍රේමතිලක