වර්ෂ 2018 ක්වූ මැයි 26 වැනිදා සෙනසුරාදා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා

සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා

මහාචාර්ය සුනිල් ආරියරත්න නවතම සිනමා නිර්මාණය

එච්.ඩී. පේ‍්‍රමසිරි නවතම නිෂ්පාදනය

ශ්‍රී සම්බුද්ධ අපදානයෙහිදී අපට හමු වන්නා වූ අනේකවිධ චරිත අතර අතිශය දීප්තිමත්ව දිදුලන වනිතාවෝ දෙදෙනෙක් වෙත්. එක් වනිතාවක් නම් මහා ප්‍රජාපතී ගෝතමියයි.

එනම්, සිය දෙතනේ කිරි පොවා මහ බෝසතාණන් වහන්සේ ඇති දැඩි කළ බුද්ධ මාතාවයි.

බුදුරජාණන් වහන්සේගේ ආදර ගෞරයට පාත්‍ර වූ අනෙක් වනිතාව නම් යශෝධරාවයි.

ඇතැම් තැනෙක බිම්බා, බිම්බසුන්දරී, යශෝවතී, ගෝපා, සුභද්දකා, මනෝහරා යන නම්වලින් ද හඳුන්වා දී ඇති රාහුල මාතාවයි.

සැරියුත් - මුගලන් අග්‍රශ්‍රාවකයන්ටත් වඩා, අසූ මහා ශ්‍රාවකයන්ටත් වඩා, මහ බෝසතාණන් වහන්සේ සමඟ සසර සැරිසැරූ බුද්ධ පතිව්‍රතාවයි .

සොළසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ අෂ්ට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් හෝ පෙරුම් පුරා ලබා ගත යුතුව තිබුණු බුද්ධත්වය, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකින් ලබා ගැනීම සඳහා මහත් වූ ආත්ම පූජාවක් කළ වනිතා රත්නයයි යශෝධරා.

ඊට කළගුණ සැලකීම් වස් බුදුරජාණන් වහන්සේ යශෝධරාවගේ පරිනිර්වාණයෙන් ඉක්බිති දේහය දැවූ චිතකය අසල රෑ තුන්යම නිදි වරමින් මහා ආදාහන පූජෝත්සත්වයක් පැවැත් වූහ. අනතුරුව රජගහ නුවර චෛත්‍යයක් ද ඉදි කරවුහ.

ලෝක සත්ත්වයාගේ වන්දනාවට පාත්‍ර වූ ඒ චෛත්‍යය, එවක යශෝධරා මහ සෑය නමින් ප්‍රකට විය. ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’ වනාහි ඒ වනිතා ශ්‍රේෂ්ඨාව පිළිබඳ පූජාර්හ කථාන්තරයයි.