වර්ෂ 2018 ක්වූ මැයි 26 වැනිදා සෙනසුරාදා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා

අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා

හෙක්ටර් කුමාරසිරිගේ දෙවැනි සිනමා නිර්මාණය

ආකාශ් තරුණ නර්තන ගුරුවරයෙකි. තවත් නැටුම් කණ්ඩායම් කිහිපයක් දායකත්වය දක්වන රියැලිටි නැටුම් තරගාවලියකට ඉදිරිපත්වීමට ඔහු තම නර්තන කණ්ඩායම සමඟ සුදානම් වේ. ආකාශ් විවාහ ගිවිසගෙන සිටින්නේ අමෝරා සමඟය.

ඇය ද නර්තන ශිල්පිණියකි. ආකාශ්ගේ නර්තන කණ්ඩායමේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරන්නේ අනෝරාය. එහෙත් එක්තරා කරුණක් මත ඇය ආකාශ්ව මඟ හරිමින් සිටින්නීය. එපමණක් ද නොව නර්තන කණ්ඩායමේ පුහුණුවීම්වලට ද එන්නේ නැත.

අනෝරා මෙම මඟ හැරිම ආරම්භ කරන්නේ කලක් විදේශගතව සිටියදී. විවාහ උත්සවයට සහ නර්තන තරගාවලියට වෙහෙසෙන ආකාෂ්ට අනෝරාගේ මඟ හැරීම ප්‍රහේලිකාවකි. මේ හේතුවෙන් ඔහුට නර්තන කණ්ඩායමෙන් මෙන්ම මවුපියන්ගෙන් ද මහත් වූ පීඩාවක් ඇතිවේ.

අනෝරාගේ හොඳම යෙහෙළිය සචිනිය. ඇයට අනෝරා නොකියන දෙයක් නැතිවග ආකාශ්ට මතක් වන්නේ මේ වෙලාවේය. ඔහු ඇයව සොයා වහ වහා පිටත් වන්නේ සියලු ප්‍රශ්නයන් විසඳා ගැනීමේ අටියෙන්ය. ආකාශ් සිතුවා නිවැරිදිය. අමෝරා සචිනිට සියලු දේ පවසා ඇත.

මේ මඟ හැරිම්වලට හේතුව දැනගන්නා ආකාශ් පුදුමයෙන් පුදුමයට පත් වන්නේය. තම අනාගත බිරිය ලිංග විපර්යාසයකට ලක් වෙමින් සිටින්නීය. බියෙන් ත්‍රස්ත වන ආකාශ් තම ඊළඟ සැලසුම ක්‍රියාත්මක කිරීමට පටන් ගනී.

මේ කතාව රැගත් සිනමාපටය අමෝරා යැයි නම තබා තිබේ. මේ හෙක්ටර් කුමාරසිරිගේ දෙවැනි සිනමා නිර්මාණයයි. ඔහු මෙයට පෙර අභිනික්මන නමින් මුල්ම සිනමා කෘතිය එළි දැක්වූවේය.