වර්ෂ 2018 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe

ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe

1976 වසරේ දී සිදු වූ සත්‍ය සිදුවීමක්

ජොසේ පදිල්හා අධ්‍යක්ෂණයක්

ලොව සිදු වූ ගුවන්යානා පැහැර ගැනීම් ගැන නම් අප කොතෙකුත් අසා ඇත්තෙමු. වරෙක ශ්‍රී ලාංකිකයකු විසින් ද ගුවන් යානාවක් පැහැර ගත් අවස්ථාවක් අසූව දශකයේදී අසන්න ලැබුණා ඔබට අමතක නැතුව ඇති.

සේපාල ඒකානායක විසින් 1982 ජූනි 30 වෙනිදා අලිතාලියා ගුවන් සමාගමට අයත් සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම සිදු කරන්නේ තම බිරිඳ හා දරුවා පිළිබඳ තිබූ අසීමිත ආදරය නිසා.

ඉතාලි ජාතික බිරිය සහ පුතු සමඟින් ඉතාලියේ ජීවත්ව සිටියදී වීසා අහිමි වී බිරිය සහ පුතුගෙන් වෙන්වීමට නොහැකි වූ වේදනාවෙන්. අද මේ කතාවත් ගුවන් යානා පැහැර ගැනීමක් ගැනයි.

එය සේපාල ඒකනායක ගැන නොවුණද ගුවන්යානා පැහැර ගැනීමක් පිළිබඳ අසන්නට ලැබෙන විටදී ඔහු පිළිබඳ මතකයත් සිහියට නැඟෙන්නේ නිරායාසයෙන්.

පසුගිය 16 වැනිදා අමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව ලොවපුරා තිරගත කිරීම ආරම්භ කළ Entebbe චිත්‍රපටය ගෙන එන්නෙත් තවත් එක් ගුවන් යානා පැහැර ගැනීමක්.

Entebbe ලෙසින් එය නම් වුණත් අමෙරිකා එක්සත් ජනපදයේදී 7 Days in  Entebbe ලෙසින් එය නම් වී තිබෙනවා. ජොසේ පදිල්හා විසින් අධ්‍යක්ෂණය කළ Entebbe හෙවත් 7 Days in  Entebbe 1976 වසරේ දී සිදු වූ සත්‍ය සිදුවීමක් වන එන්ටෙබේ මෙහෙයුම ඇසුරෙන් නිර්මාණය වූවක්. එහි තිරරචනය කර තිබෙන්නේ ග්‍රෙගරි බෲක් විසින්.

මෙය එන්ටෙබේ මෙහෙයුම පිළිබඳ සිනමාවට නැඟුණු පස්වැනි චිත්‍රපටය යි. මීට පෙර අමෙරිකානු රූපවාහිනි චිත්‍රපට ද්විත්වයක් වන Victory at Entebbe (1976), Raid on Entebbe (1977)  සහ ඊශ්‍රායල චිත්‍රපටයක් වූ Operation Thunderbolt (1977) ද චක් නෝරිස් හා ලී මාවින් ප්‍රධාන චරිත රඟපෑ Delta Force එලෙස තැනුණ ද චිත්‍රපටයන්ය.

Operation Thunderbolt  හා Delta Force චිත්‍රපට දෙකම ශ්‍රී ලංකාවේ අතිශය සාර්ථක ලෙස තිරගත විනි. මෙම චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන ලද්දේ මෙනහම් ගෝලන් විසිනි.

උගන්ඩාවේ එන්ටෙබේ ගුවන්තොටුපොලේදී මෙම ගුවන්යානා පැහැර ගැනීම සිදු වූයේ 1976 වසරේ ජූනි 27 වැනිදා.

මගීන් 248ක් රැගත් ඊශ්‍රායලයේ සිට ප්‍රංශයේ පැරිස් දක්වා ගමන් ගත් එයාර් ෆ්‍රාන්ස් ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය පැහැර ගැනීම පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු සහ ජර්මානු ජාතිකයන් දෙදෙනෙකුගෙන් සැදුම් ලද ත්‍රස්ත කල්ලියක් විසින් සිදු කරන්නේ ඩොලර් මිලියන පනහක මුදලක් සහ ඊශ්‍රායලයේ සිරකර ගෙන සිටි පලස්තීන හමුදා භටයන් 53 දෙනෙකු නිදහස් කර ගැනීම වෙනුවෙන්.

එහිදී ගුවන් යානයේ මඟින් සහ 12 දෙනෙකු වූ ස්වක මණ්ඩලය ප්‍රාණ ඇපකරුවන් බවට පත් වුණා. රාජ ත්‍රාන්තික මට්ටමේ සාකච්ඡා අසාර්ථක වූ පසු ත්‍රස්ත කණ්ඩායම සහ උගන්ඩා හමුදා භටයන් සිය දෙනෙකුට පමණ එරෙහිව ඊශ්‍රායල හමුදාවේ කොමාන්ඩෝ භටයන් සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතු හමුදා මෙහෙයුමක් දියත් කළා.

එහිදී ත්‍රස්ත කල්ලියේ සියලුම සාමාජිකයන් සහ උගන්ඩා හමුදා භටයන් 45 දෙනෙකු මරණය පත් වූ අතර එන්ටෙබේ ගුවන්තොටුපොලේ තිබූ ගුවන් යානා විශාල සංඛ්‍යාවකට ද හානි පැමිනුණා.

මෙහෙයුම අතරතුර එක් ඊශ්‍රායල හමුදා භටයෙක් මරණයට පත්වී තවත් පස් දෙනෙකු තුවාල ලද අතර ගුවන් යානයේ මඟින් අතරින් තිදෙනෙකු මරණය පත් වී දස දෙනෙකු තුවාල ලැබුවා.

දින හතක් ගත වූ පසු 1976 ජූලි 04 වැනිදා ඊශ්‍රායල හමුදාව විසින් මෙම එන්ටෙබේ මෙහෙයුම ඉතා සාර්ථක අයුරින් නිම කළේ ලොව සිදු වූ භයානකම මුදා ගැනීමේ මෙහෙයුම ලෙසින් ඉතිහාසයට එක් වෙමින්.

පසුගිය පෙබරවාරි මාසයේදී බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළේදී මංගල දර්ශනය පැවැත් වූ Entebbe චිත්‍රපටයේදී මෙම මෙහෙයුම යළිත් ප්‍රතිනිර්මාණය වී ඇති අතර රොසමුන්ඩ් පයික්, ඩැනියෙල් බෘහ්ල්, ලියෝ අශ්කෙන්සි, මාර්ක් අයිවන්, ඩෙනිස් මෙනොෂේ ඇතුළු පිරිසක් එහි රංගනයෙන් දායක වී ඇත.

මිනිත්තු 106ක් පුරා දිවෙන මෙම චිත්‍රපටයට දැනට විචාරක ප්‍රතිචාර හිමි වී තිබෙන්නේ සෘණ මට්ටමෙන් බවයි හොලිවුඩ් පුවත් ගෙන එන්නේ. අධ්‍යක්ෂ පදිල්හාට තිබුණු මෙහෙයුම ඉතා සරළ එකක් බවත් ලොව අවධානය දිනා ගත් 1976 වසරේදී සිදු වූ මෙහෙයුම පිළිබඳ ඔහු අලුත් යමක් පවසන්න ගත් උත්සාහය අසාර්ථක බව 'ද රැප්' හි විචාරක බෙන් ක්‍රෝල් පවසයි.

මෙම චිත්‍රපටය නරඔන විටදී ප්‍රාණ ඇපකරුවන් පිරිස දින හතක් පුරා ප්‍රාණ ඇපයේ සිටි බව නොපෙනුණ ද තමන් විසින් මෙම චිත්‍රපටය නැරඹූ මිනිත්තු 106 දින හතක් සේ දැනුණු බව තවත් විචාරකයෙකුගේ අදහසයි.