වර්ෂ 2018 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
ඇන්තනි රූසෝ හා ජෝ රූසෝ අධ්‍යක්ෂණයක්
සුවඳ මල් නිතර පිපියන් රන්කඳට බිම්බා දේවි හෙවත් යශෝධරා
ඇත්තටම බිය දැනෙන විශිෂ්ට චිත්‍රපටයක් A Quiet Place
අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්

Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්

ඇසක් ගසා ලොවක් කැලඹූ චිත්‍රපටය

මාර්තු 03 සිට රිදී තිරයේ...

මේ දිනවල තරුණයන්ගේ සිත් සොරගත් තරුණියක් පිළිබඳව සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වෙනවා. මේ අතරේ පාසල් සිසුවියක සහ සිසුවකු අතරේ සිදුවන ආදර ජවනිකාවක් සමඟින් "Manikya Malaraya Poovi" නම් ගීතයටත් ඉහළ ප්‍රසිද්ධියක් ලැබුණා. එහි එක් දසුනක ඇතුළත්, තරුණිය විසින් ඇසක් ගසා කරන්නා වූ ඉඟිය මෙලෙස එක් රැයකින් ලොව පුරාම ජනප්‍රිය වන්නට සමත් වී තිබෙනවා. එපමණක් නොව මේ වනවිට එම තරුණියගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ ජාල මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන තිබෙනවා.

ලොව පුරා තරුණ හදවත් සොරාගත් එක් රැයකින් මුළු ලෝකයේම ජනප්‍රියත්වයට පත් ඇහැක් ගහන කෙල්ලගේ ඇත්ත කතාව ගෙන එන්නේ Oru Adaar Love නම් මලයාලම් චිත්‍රපටය යි. ලබන මාර්තු 03 වනදා තිරගත වීමට නියමිත Oru Adaar Love චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ, කේරළයේ තිස්තුන් හැවිරිදි සිනමා අධ්‍යක්ෂවරයකු වන ඔමාර් ලුලු විසින්. මෙය ඔමාර්ගේ තෙවැනි සිනමා නිර්මාණය වන අතර ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන Happy Wedding (2016) බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයක්. දෙවැන්න Chunkzz, 2017 වසරේ කේරළයේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරට ඇතුළත් වුණා. මෙම චිත්‍රපට ද්විත්වයටම නවක නළු නිළියන් දායකකර ගැනීමත් විශේෂයි.

ඔමාර්, Oru Adaar Love චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් ද එම ප්‍රතිපත්තිය අනුගමනය කරමින් තෝරා ගත්තේ නවකයන්. මෙහි ප්‍රධාන පිරිමි චරිතයට පණ පොවන යොවුන් රෝමියෝ ලෙසින් නම් ලද

දහනව හැවිරිදි රෝෂන් අබ්දුල් රහූෆ් කෙරළ සිනමාවට පිවිසෙන්නේ Oru Adaar Love චිත්‍රපටය සමඟින්. අබුඩාබිහිදී උපත ලද ඔහු මේ වනවිට ත්‍රිසූර්හි අයිසීඒ උසස් අධ්‍යාපන ආයතනයේ පළමු වසරේ සිසුවෙක්. ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන ප්‍රියා ප්‍රකාශ් වැරියර් මේ වන විට ලොව පුරා කතාබහට ලක් වී තිබෙනවා. තම කුලුඳුල් සිනමා නිර්මාණය තිරගත වීමටත් පෙර එහි ගීතයක තත්පර කිහිපයක එක් දසුනකින් ඇය මෙලෙස ජනතා ආකර්ෂණයට ලක් වීම පුදුමයක් බව සිනමා විචාරකයන්ගේ අදහසයි.

වයස අවුරුදු 18ක් වන ප්‍රියා තවමත් උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. කේරළයේ ත්‍රිසුර්හි විමලා විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන ඇය සිනමාවට පිවිසීමට පෙර එක් වරක් මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කර තිබෙනවා. මේ වන විට ඇය, අන්තර්ජාලයේ වැඩිම පිරිසක් සෙවූ ඉන්දියානුවන් අතරින් කෙනෙකු බවට ද පත් වී සිටිනවා. එපමණක් නොව ඉන්ස්ටග්‍රම් වාර්තාවක් ද ඇය සතුයි. පැය විසිහතරක් ගතවීමට පෙර ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුමේ පිරිවර 616,000ක් ලෙස වාර්තා වී තිබෙනවා. මේ වන විට එහි පිරිවර මිලියන දෙක ද ඉක්මවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙතෙක් ඇය සමඟින් කළ කිසිදු සම්මුඛ සාකච්ඡාවක් මාධ්‍ය ඔස්සේ පළ වී නොමැති අතර චිත්‍රපටය තිරගත වූ පසුව ඇයගේ සම්මුඛ සාකච්ඡා පළ වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එනවා. ප්‍රියාගේ මව ප්‍රීතා, මාධ්‍ය වෙත කර තිබෙන දැනුම් දීමට අනුව තවමත් ඇය අධ්‍යාපනය ලැබීම හේතුවෙන් මේ දිනවල ඇය පාසල් නේවාසිකාගාරයේම නැවතී සිටිනවා. "මෙය අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්. ප්‍රියා රංගනයට බෙහෙවින් ඇලුම් කරනවා. ඒ නිසාම පසුගිය වසරේ තවත් තිර පරීන්ෂණයකට පෙනී සිටියා. එයින් තෝරා ගනු ලැබුවත් තවමත් දොළාස්වන වසරේ අධ්‍යාපනය ලබන නිසා ඇයගේ විභාග කටයුතු එයට හරස් වුණා" ප්‍රියාගේ මව පවසා තිබෙනවා. එසේම මෙම ඉන්ස්ටග්‍රම් ගිණුම ව්‍යාජ එකක් බවත් ඇය පවසනවා.

Oru Adaar Love චිත්‍රපටයට යොදා ගෙන තිබෙන "Manikya Malaraya Poovi" ගීතය උස්තාද් පී.එම්.ඒ ජබ්බාර් විසින් රචනාකර තිබෙන්නේ 1978 වසරේදී යි. තලාසරී කේ. රෆීක් විසින් සංගීතවත් කළ එය සම්ප්‍රදායික මලබාර් මුස්ලිම් ගීතයකි. එහි නව සංගීත සංයෝජනය සිදු කර තිබෙන්නේ, ශාන් රහ්මාන් විසින්. මේ වන විට හයිද්‍රාබාද්හි ෆලක්න්මා පොලිස් ස්ථානයට මෙම ගීතයට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙහි පද රචනය මුස්ලිම් හැඟීම්වලට පටහැණි බවත් එය මුහම්මද්තුමාගේ අනුගාමිකයන්ට අනුකම්පා විරහිතව රචනා කර ඇති බවත් පැමිණිලිකරුවන් චෝදනාකර සිටිනවා. කෙසේ නමුත් මෙම ගීතය නිසා පාසල් කාලයේ සුන්දර ආදර කතාවක් රැගෙන එන Oru Adaar Love චිත්‍රපටයට නම් මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

සංගීතමය ආදර කතාවක් සමඟින්, අනර්ඝ වූ ආදරය යනු කුමක් ද? යන්න පවසන Oru Adaar Love චිත්‍රපටයේ ගීත 8ක් අන්තර්ගතයි. උසස් ද්විතියික පාසලක එකොළහ සහ දොළහ වසරවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවක සහ ශිෂ්‍යයකු ප්‍රධානව තවත් ගැහැනු ළමයින් සිව්දෙනෙකු සහ පිරිමි ළමයින් පස් දෙනෙකු මෙහි ප්‍රධාන චරිත අතරට ඇතුළත්. Oru Adaar Love චිත්‍රපටය කියන්නේ, ඔවුන්ගේ ජීවිත, ආදරය සහ මිත්‍රත්වය ගැන කතාවයි.