|
හිරු මිනිසාගේ නව බලය samson
බෲස් මැක්ඩොනල්ඩ් අධ්යක්ෂණයක්හෙට සිට ලංකාව ඇතුළු ලොවපුරා...
බයිබලයේ සඳහන් අන්දමට ශිම්සන් හෙවත් සැම්සන් හට තම සතුරන්ට මුහුණදීම සඳහා මහා බලයක් සතු වූ අතර ඔහු කළ ශක්තිමත් ක්රියාවන් අතර වරෙක සිංහයකු තම දෙඅතින් මරා දැමූ බවත් තවත් අවස්ථාවකදී පිලිස්තීන හමුදාවක් සහමුලින්ම විනාශකර දැමීමත් සඳහන්. ඔහු සතුව දිගු වරලසක් විය. එම දිගු වරලස කපා දැමුව හොත් දෙවියන් ඉදිරියේ දී තිබූ ප්රතිඥාව අවලංගු වී ඔහු සතු බලය සහ ශක්තිය නැති වී යන බවත් එහි කියවේ. සැම්සන්ගේ ආදරවන්තිය ඩිලයිලා, සැම්සන් නිදා සිටියදී සේවකයකු යොදවා ඔහුගේ වරලස කපා දමා සතුරන් වන පිලිස්තීනුවන්හට පාවා දුන් බවත් ඔහු පිළිබඳ කතාපුවත්වල කියැවේ. සතුරන් විසින් සැම්සන්ගේ දෑස් උගුල්ලා ගාසා හි ධාන්යාගාරයක බලහත්කාරයෙන් වහල් සේවයේ යෙදවූ බවත් පසුව ඩැගෝන්හි දේවස්ථානයකට රැගෙන ගොස් කණුවකට උර දී සිටින පරිදි ගැට ගසා තබන ලදී. එම අවස්ථාවේදී තමාට යළිත් බලය, ශක්තිය ලබා දෙන ලෙස සැම්සන් විසින් අයැද සිටි අතර අශ්චර්යජනක ලෙසින් යළිත් ඔහුහට බලය ලැබුණු බවද සඳහන් වේ. එම බලයෙන් සහ ශක්තියෙන් සැම්සන් විසින් දරා ගෙන සිටි කණුව ඔසවා දේවස්ථානය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමූ අතර එහි සිටි සියලුම පිලිස්තීනයන් සමඟින් සැම්සන් ද මරණයට පත් වූ බව කියවේ. ශිම්සන් හෙවත් සැම්සන්ගේ කතාපුවත පාදක කරගෙන දැන් චිත්රපටයක්ද නිර්මාණය වී අවසන්. Samson නම් වූ එය ලබන 16 (පෙබරවාරි 16) වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතයි. බෲස් මැක්ඩොනල්ඩ් විසින් අධ්යක්ෂණය කළ එහි තිරරචනය කර තිබෙන්නේ, ජේසන් බෞම්ගාඩ්නර්, සැක් ස්මිත්, තිමති රැටසැක් සහ ග්ලේන් ගිල්බට් විසිනි. ටේලර් ජේම්ස්, ජැක්සන් රැත්බෝන්, බිලි සැන්, කැට්ලින් ලී, ලින්ඩ්සේ වොග්නර් ඇතුලු පිරිසක් එහි රංගනයෙන් දායක වී සිටිති. මෙහි බොහොමයක් දර්ශන රූගත කර තිබෙන්නේ, දකුණු අප්රිකාවේදී ය.
|