වර්ෂ 2018 ක්වූ පෙබරවාරි 21 වැනිදා බදාදා




හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
තහනම ඉවතට පද්මාවති හෙට ලොව පුරා
ප්‍රේමයටත් මුදලටත් මැදිවන පවන්ගේ කතාව ආදරෙයි මං
සිනමා විමසුම
රැකියාවත් යෝජනාවත් අතරට මැදිවන සේනකගේ කතාව උගුලයි මඟුලයි
තවත් මහා පරිමාණ බැංකු කොල්ලයක්
සොර සතුරන් රැස මෙල්ල කරන්නට දඬු මොනරෙන් එනවෝ
ක්‍රීඩාවක් දිනන මග
ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
පහ සමත් අපි තවමත් අසමත්

සිනමා විමසුම

පහ සමත් අපි තවමත් අසමත්

ශ්‍රී ලංකාව තුළ දිගු කාලයක සිට පැවත එන අධ්‍යාපන පසුබිම තුළ අද දවසේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දෙමාපිය ආතතියෙන් අනතුරුව පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් කිරීමේ ආතතිය දෙමාපියන් මුහුණ දෙන සුවිසල් තරඟකාරී තරඟයක අරුමයයි. මෙහිදී දරුවා මෙන්ම දෙමාපියන් ද මුහුණ දෙන විපාක අතිශයින් ඛේදජනක බව මෙනෙහි කළ යුතු වේ.

"පහ සමත්' චිත්‍රපටය ආරම්භයේදීම අධ්‍යක්ෂවරයා අප තුළ සංකේතයක් ඉදිරිපත් කරයි. එය ක්‍රියාකාරකමක් ලෙස සමත් විසින් ඉදිරිපත් කරනු ලබන 'බොලොක්කය'කි.

බැටරි ආධාරයෙන් විදුලි එළිය ගෙදරට ගෙන ඒම, වෙසක් කූඩුව කරකැවෙන සේ නිර්මාණය කිරීම, දොළේ සිට දිය කුඹුරට ගෙන ඒමට සකසන සරල එහෙත් ප්‍රයෝජනවත් මෙවලම අවුරුදු දහයේ සමත්ගේ චින්තන ශක්තිය තුළ දලු ලා වැඩෙන කුසලතා සපිරි ක්‍රියාකාරකම් වේ. එසේම හිරු එළියේ ආධාරයෙන් උත්තල කාචයක් භාවිතයට ගෙන ගින්දර ලබා ගැනීමේ ක්‍රියාකාරකම සමත් ගේ අනාතය දැනීමේ ඥානයේ ඉස්මතුවකි.

අනාගත අපේක්ෂාවන් ද සමත් සතුය. පොසොන් පොහොය දින වෙනුවෙන් තැනෙන මිහින්තලය ඉදිරිපිට දේවානම් පියතිස්ස රජතුමා මුවා පසුපස දිව යන සරල තාක්ෂණ ක්‍රියාකාරකම තවත් එකකි. අනික වන්නේ අනාගතයේදී ගමට ජල විදුලිය සපයා ගැනීමේ ක්‍රමයක් පිළිබඳව විමසිලිමත් වීමයි. මෙම විමසිලිමත්වීම් සමත්ගේ අපේක්ෂා සිහින වේ.

ඊටත් ඉදිරියෙන් පහේ ශිෂ්‍යත්වය ලිවීමයි. බාධක හමුවේ සමත් එම අභියෝගය සවිමත් ලෙස ජය ගනියි. සමත් ලංකාවෙන්ම පළමුවැනියා වෙයි.

සිහින විලාසිතා කරගත් නාගරික පන්තියේ දෙමාපිය අපේක්ෂා බිඳ භංගත්වයට පත්වන මධ්‍යම පන්තික වෙනුරගේ (ශරාද් චන්දුම) ප්‍රතිඵල ඔහුටම පිළිගන්නට නොහැකි වෙයි. ඔහු දෙවෙනියා නොව පළමුවැනියා විය යුතුම බව සිතයි. වෙනුරට පමණක් නොව ඔහුගේ දෙමාපියන්ට ද එසේමය. ඒ විභාග මානසිකත්වයේ හරය මතුකර දැක්වීමකි. එහි ප්‍රතිවිපාක අත් විඳින්නට සිදුවන්නේ සමත්ටය. පහර කෑමට පීඩා විඳීමට නින්දා අපහාස ලබන්නට සමත්ට සිදු වන්නේ එහි ප්‍රතිඵල ලෙසිනි. වෙනුරගේ වෛරී හැසිරීම හේතුවයි.

මේ අනුව 'පහ සමත්' චිත්‍රපටය තුළ කාලෝචිත අභියෝග සඵල වී ඇති වග පෙනේ. කිසියම් හරයක් ඉස්මතු වේ. නමුත් විද්‍යාලය තුළ නිදහසේ සිදුවන සිසු මැරකම් ඉස්මතුව නම් නොගැළපේ. විදුහල්පතිතුමාගේ අලසකම 'පහ සමත්' අලසවීමට ඉඩහසර සලසයි. ඔහුගේ භූමිකාව අධ්‍යක්ෂවරයා අවතක්සේරුවට ලක් කරවන තරම්ය. අතාර්කික දසුන් බහුලය. විදුහල්පතිතුමාට සැඟ වූ සිද්ධිය ඉස්මතු නොවීම දුර්වලතා වේ.

සමත්ගේ භූමිකාවට පණ පොවන අමිරු කෝරලාගේ රංගන හසුරුව සතුටුදායක අවධානයකි. හැඟීම් දැනීම මතුවීමකි. චරිතයට රිසි සේ චිත්ත පීඩාවන් ඉස්මතුව සමත්ගේ අභිනය තුළ දැකගත හැකිය.

සෙසු ළමා චරිත ද ලඝු කළ හැකි නොවේ. වෙනුරගේ චරිතය වුව ද හොඳ තෝරා ගැනීමක පෙරමඟ ලකුණකි.

නමුත් සමත්ගේ පියා ලෙස රඟන උද්දික ප්‍රේමරත්නට වුව ද යමක් ඉස්මතු කරවන්නට තිබූ අවස්ථාවන් බොහෝ සේ අතහැරී ඇති බව නම් කිවමනාය. ආංගික අභිනය හොඳ මතුවිමකි. ඊට හොඳ පරිසරයක් 'පහ සමත්' චිත්‍රපටය තුළ මැවෙන්නේ නැති තරම්ය. වේශ නිරූපණ ශිල්පියාගෙන් (රුචිර සංජීව) ලැබෙන්නේ හොඳ ඉඩකඩකි. ඒ නිසාවෙන් චරිතය ඉස්මතු වන්නට තිබූ අවස්ථාවන් කෙසේ හෝ අතහැරී තිබීම නම් සැබවින්ම කනගාටුවකි. මුහුණේ හැඩය, විරූපී කහට බැඳුණු දත්, රැවුලේ වෙනස්කම්, හිසකේ බෙදී තිිබෙන ආකාරය පමණක් සමත්ගේ පියාගේ චරිතයෙන් කියාපායි. සෙසු වැඩිහිටි චරිත අතරේ සමත්ගේ මවගේ චරිතයට ද වැඩි ඉඩක් නොලැබී තිබේ.

'මේකා ගමම කරකවයි වගේ'

බස් රියදුරා (ගිරිරාජ් කෞශල්‍ය), බස් කොන්දොස්තර (ප්‍රියන්ත සෙනෙවිරත්න) අතරේ දෝලනය වන පාඩම, විශේෂයෙන් බස් කොන්දොස්තර මඟින් ආප්තෝපදේශ, පිරුළු, උපමා සමඟ බොහෝ වැරැදි නිවැරැදි කර ගැනීමට කළ අභ්‍යාසයක් දැයි සිතේ.

දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය තුළින් අධ්‍යාපනය ජය ගැනීමේ තරඟය තුළ ඇති පීඩනය 'පහ සමත්' චිත්‍රපටය තුළින් විමසයි. දෙමාපියන් අසහනකාරී පරිසරයක් නිර්මාණය කර තිබීම, සොබා දහම, ගහ කොළ, ඇල දොළ සත්ව වර්ගයා අතර මුසුවීමේ ඵලදායීතාව පහ සමත් චිත්‍රපටය තුළින් ඉදිරිපත් කරයි. එසේම අනාගයේ ක්‍රියාකාරකම් පාදක සිතිවිලි චිත්ත ශක්තිය ඇති දරුවන් අවැසි යුගයක් බව ඒත්තූ ගන්වයි.

තුසිත අනුරාධගේ කැමරා හැසිරවීම තුළ නවමු රූපණ දෘෂ්ටියක් ප්‍රේක්ෂක ඇසට සොබා අසිරිය සමඟ ළගා කරවයි. ඊට යා වන සංගීතය (කපිල පුගලආරච්චි) නිවැරැදි එකතුවකි. රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණ මහන්සිය 'පහ සමත්' චිත්‍රපටය කිසියම් ඉමකට සමත් කරවන්න සමත් වී තිබේ.

සිතිවිලි මත ජනිත වන බොහෝ දේවල් අපට පාඩම් උගන්වයි. එනම් කුඩා සමත්ගේ 'බොලොක්කය' ක්‍රියාත්මක වූයේ නම් ඔහුගේ තාත්තාගේ පාද අහිමි නොවන බවයි. භාවිත අපූරු සංසිද්ධීන් 'පහ සමත්' චිත්‍රපටයට උත්තේජන සපයයි.

'මුතු සිනහා කැකුළු පිපී - අහස් දොරේ හිරු හිනැහේ

හිරු එළියේ මුතු දිළිසී - හිත් පොකුරේ සිනා පිපේ'

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිත අහස් දසුන් හා විශාල වපසරියක් සිනමා කාචයට වපුරාගෙන එහි අස්වැන්න 'පහ සමත්' චිත්‍රපටයට නෙළාගෙන තිබේ.

ගැමි දරුවන් ජීවිතයේ අත් විඳින දරිද්‍රතාව, හිස් බව පාසල් යාම අතරින් නිරූපණය වන ගීතය චිත්‍රපටයට අත්වැලකි.

'අපේ ගමටත් ලයිට් තිබුණා නම් . . .'

ලාම්පුව කුමක් ද කියා නොදන්නා දරුවන් සිටින රටක මෙවැනි දරුවන් සම්පත් වැන්න.

විභාග දෙපාර්තමේන්තුවෙන් එන වාහනයේ විභාග අමාත්‍යාංශය යැයි සඳහන්ව ඇති දෝෂ සියුම් අත්වැරැදීම්දැයි සිතේ.

එසේම දරුවන්ට අනවශ්‍ය බලාපොරොත්තු දීමෙන් ඇතිවන මානසිකත්වය මෙහි එක් කෝණයකින් දෘෂ්ටාන්තයකි.

'ඇත්ත, පුතා දෙවෙනියා'

වෙනුර තම මිත්තනියගේ ප්‍රකාශය පවා ප්‍රතික්ෂේප කිරිම හොඳම නිදසුනකි.

වැරැදි ආභාසයන් මත මනස වැඩී තිබීමේ අනිසි හරය කියා පෑමකි. වෛරය වපුරා තිබීම හරහා වෛරී ගීතයක් ද වේ. එය අනුචිත යැයි හැඟේ. උත්කෘෂ්ටයට පත්වන්නේ වෛරය බැවිනි. අවස්ථා කීපයකදීම මතුවන වාර්තා ස්වරූපය තවත් දුබලතාවකි. එබැවින් ඉස්මතු වන හාස්‍යය වැළලී යයි. ලත් තැනම ලොප් වෙයි.

'නොගිහින් බැහැ අප්පච්චි'

රැකවරණය, සොයා නොබැලීම නේවාසිකාගාරය තුළ සිදුවීම් අභව්‍ය වේ. අවස්ථාවට අනුචිතය. පාසල් නේවාසිකාගාර සමස්තයටම කළ සරදමක් වැනිය.

කෙසේ වෙතත් අවසානයේ වෙනුරගේ පාපොච්චාරණය ධනාත්මක සලකුණකි. සාධකයකි. වෙනුුරගේ පාපොච්චාරණය නිසා සියල්ල සමත් කරවයි. නමුත් මීට පෙර සිදුනොවීමයි, ගැටලුව වන්නේ.

හෙවිලි කන්ද ගම්මානයට සමත්ගේ අපේක්ෂාව මල්ඵල ගැන්වීමෙන් 'පහ සමත්' නිමා වෙයි. නමුදු සමස්තය කැටිකොට ගත් කළ ක්‍රියාකාරකම් සහිතව සමත්, පහ සමත් වුව ද අධ්‍යක්ෂවරයා (ජයප්‍රකාශ් සිවගුරුනාදන්) චිත්‍රපටය තුළ අසමත් වී ඇතැයි යන සිතුවිල්ල ප්‍රේක්ෂකයා තුළ ජනිත වේ.