වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 17 වැනිදා සිකුරාදා




සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු

සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු

නිහාල් බණ්ඩාර

මා අදටත් වැඩියෙන් ආදරය කරන අධ්‍යක්ෂවරයා වන්නේ ධර්මසේන පතිරාජ මහත්තයායි. ඔහුගේ ‘පාර දිගේ’, ‘අහස්ගව්ව’ වගේ චිත්‍රපටවල ස්ටයිල් එකට මා බොහොම කැමැතියි. ඒ නිසා ඔහු ඒ නිර්මාණවලින් කතා කරන තරුණ ප්‍රශ්න ගැන ඔළුවේ තියාගෙනයි මමත් මේ චිත්‍රපටය ලියන්නේ. ඒත් මට එවැනි චිත්‍රපටයක් කිරීමට නොහැකි වෙනවා. නැවතත් මා මේ නිර්මාණයට ගියොත්, මේ නිර්මාණයෙන් කතා කරන්නේ පවුල් ප්‍රශ්නයක්. සමාජ හා සංස්කෘතිය කියන අප විසින් ගොඩනඟා ගත්ත සමාජය ඇතුළේ තරුණයන්ගේ ලෝකයට මොකද වෙන්නේ කියන කාරණය මා මෙහිදි කතාබහට ලක් කරනවා.

නිහාල් බණ්ඩාරගේ ‘සීමා නෑ ආකාසේ’ සිනමාවට එකතු වන අලුත් ම චිත්‍රපටයයි. එහි මංගල දර්ශනය හෙට සවස 6.15ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. ඉදිරියේදී එල්.එෆ්.ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය නිහාල් බණ්ඩාරගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි. මේ පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ හා ඔහුගේ කලාවේ පිවිසුම පිළිබඳ ‘සරසවිය’ට කළ කතාබහකි.

ඔබ කලා ක්ෂේත්‍රයට කලඑළි බැසීමට උත්සාහ කරන්නේ පිටපත් රචකයකු ලෙසින්. ඒ උත්සාහය අද වනවිට සාර්ථක වී තිබේද?

මා ඉපදෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ. පාසල් යන කාලයේ පටන් ම මගේ සිතේ තිබුණේ පිටපත් රචකයකු වීම ගැන නොවෙයි. පොතක් ලියන සිහිනයයි. ඒ සිහිනය සැබෑකර ගැනීමට සිත සිතා සිටින විටයි මට හදිසියේ ම වගේ සරසවිය පුවත්පතේ පළ කළ දැන්වීමක් දකින්නට ලැබෙන්නේ. ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන වසන්ත ඔබේසේකර පිටපත් රචකයන් පුහුණු කරනවා කියන දැන්වීමයි. ඒ අනුව මා පිටපත් රචනය පුහුණුවීම සදහායි කොළොම්පුරවරයට පිවිසෙන්නේ. මේ වනවිට මා චිත්‍රපට නැරැඹුවත් චිත්‍රපට හැදෙන්නේ කොහොමද කියලා දැනගෙන සිටියේ නැහැ. ඒ ගැන මා දැන ගන්නේ වසන්ත ඔබේසේකර මහත්තයාගෙන්. එහි සිටි සුමින්ද වීරසිංහ මහත්තයාගෙන් එහි තිබෙන තාක්ෂණය මා ඉගෙන ගන්නවා. ඒ සිටින අතරරේදියි මට මාධ්‍ය ආයතනයක රැකියාවක් ලැබෙන්නේ.

ඊට පසුව ඔබ දිගු කලක් මාධ්‍ය ආයතනවල රැකියාවේ නිරතවනවාද?

වසර පහළොවක කාලයක් ගතවන්නේ ඒ කටයුතු සඳහායි. මුලින් ම ටී.එන්.එල්. ආයතනයේ සේවය කළ මා ආලෝකකරණ ශිල්පියකු ලෙස හා නිෂ්පාදන සහකාරකවරයකු විදියටයි සේවය අරඹන්නේ. පසුව ස්වර්ණවාහිනි ආයතනයට සම්බන්ධ වන මා දිගු කලක් සේවය කරන්නේ ඒ ආයතනයේයි. ඉන් ඉවත් වනවිට විධායක නිෂ්පාදකවරයකු දක්වා ගමනක නියැළෙන මා ඒ ඔස්සේ කරන වැඩසටහන් පිළිබඳ කිසිදු සතුටක් ලබන්නේ නැහැ. මේ අතරේදියි මා කොළඹට පිවිසියේ ඇයිද යන්න මතකයට නැඟෙන්නේ. ඒත් සමඟ ම මා ඉන් ඉවත් වී මගේ සිතේ යටපත් වී තිබුණු පිටපත් රචනයට යොමුවන්නේ ඉන්පසුවයි.

මාධ්‍ය ආයතනවල සිටින විට ඔබට පිටපත් රචකයකු වීමේ සිහිනය සැබෑකර ගැනීමට නොහැකි වූවාද?

ස්වර්ණවාහිනියේ සිටින විටදියි මා චිත්‍රපට තිරරචනයක් ලියන්නේ. එය එක්තරා අවස්ථාවකදි ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ මහත්මියට ලබාදෙන්නේ නිෂ්පාදනය කිරිම සඳහායි. ඒත් ඈ මට පවසන්නේ ටෙලි නාට්‍යය පිටපතක් ලියාදෙන ලෙසයි. මේ අනුවයි මගේ සිත ටෙලි නාට්‍ය පිටපත් රචනයට යොමුවන්නේ. එහෙත් ඒ පිටපත නිෂ්පාදනය කරනු ලබනනේ ටිකිරි රත්නායකයි. ඉන්පසුව ඔහුත් සමඟයි මා දිගින් දිගට ම ටෙලි නාට්‍ය පිටපත් රචනයට පිවිසෙන්නේ. ඒ අතරදි වෙනත් නිර්මාණකරුවන් සමඟත් වැඩ කළ අවස්ථා තිබුණා. පළමුවෙන්ම ටිකිරි රත්නායකට ලියන පිටපත වන්නේ ‘ස්වරාංජලී’යි. අප දීර්ඝ ටෙලිනාට්‍යවලට පිවිසීම සිදුවන්නේ ‘දූ කුමරියෝ’ ටෙලි නාට්‍යය හරහායි. එහෙත් අප දීර්ඝ වශයෙන් කරන ලද්දේ ‘ආදරණීය පූර්ණිමා’ ටෙලි නාට්‍යයයි. එය දෙරණ රූපවාහිනි නරඹන්නන් අතර බොහොම ජනප්‍රියත්වයට පත්වෙනවා. පසුව අනුරුද්ධ ජයසිංහට ‘අකුරු තරහ නෑ’ කියන තිරරචනය ලියනවා. මාව ඇගයීමට ලක්වුණු එකම නිර්මාණය වන්නේත් එයයි.

මේ අතර ඔබට සිනමා තිරරචනය සඳහා සම්බන්ධ වීමටත් ආරාධනා ලැබෙනවා?

ඒ මට මුණ ගැසෙන වී. සිවදාසන් මහත්තයා නිසයි සිනමාවට පිවිසීමේ අදහස සඵල වන්නේ. ඔහු අධ්‍යක්ෂණය කරන ‘දකින දකින මල්’ හා ‘පාටක් නැති ආදරයක්’ නිර්මාණවල තිරරචනා ලියන්නේ මමයි. ‘පාටක් නැති ආදරයක්’ චිත්‍රපටය තවම තිරගතවී නැහැ. මේ දවස්වල තවත් තිරරචනයක් ලියමිනුයි කාලය ගතවන්නේ. එහි රූගත කිරීම් ජනවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිතයි.

ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ටෙලි නාට්‍ය හරහායි පැවසුවොත් එය සත්‍යයක්ද?

‘හරිත නිම්නය’ කියන යොවුන් ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරමිනුයි මා පුංචි තිරයට පිවිසෙන්නේ. එහි පිටපත ලියන්නේත් මමයි. ඊට පසුව ‘ඇලී සහ ගැලී’ කියන කොමඩි ටෙලි නාට්‍යයයි මා අධ්‍යක්ෂණය කරන්නේ. එහි පිටපත ලියන්නේ වජිර කස්තුරියි.

‘සීමා නෑ ආකාසේ’ ඔබ සිනමාවට පිවිසෙන කුලුඳුල් අධ්‍යක්ෂණයයි?

මා කාලයක් සිනමාව අමතකකර දමලයි සිටියේ. එහි පිවිසීම සිදුවන්නේ හදිසියේමයි. ඒ පුබුදු චතුරංග නිසයි. පුබුදු මගේ හොඳ යහළුවෙක්. ඔහු මා මුණ ගැසීමට පැමිණි අවස්ථාවකදියි මේ තිරරචනය දකින්නේ. එය කියවන ඔහු චිත්‍රපටයක් ලෙස මේ තිරරචනය රැගෙන එමු කියන මතයේ ඉන්නවා. ඒ අනුවයි මෙහි නිෂ්පාදක තිස්ස බාලසූරිය ආරච්චි මුණ ගැසෙන්නේ. ඔහුත් පුබුදුගේ යහළුවෙක්. ඒ නිසා යහළුවන් කිහිපදෙනෙකුගේ එකමුතුවකිනුයි ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටයක් ලෙස එළිදකින්නේ.

ඔබ ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය මඟින් කතාබහ කිරීමට සිතුවේ කුමක්ද?

මා අදටත් වැඩියෙන් ආදරය කරන අධ්‍යක්ෂවරයා වන්නේ ධර්මසේන පතිරාජ මහත්තයායි. ඔහුගේ ‘පාර දිගේ’, ‘අහස්ගව්ව’ වගේ චිත්‍රපටවල ස්ටයිල් එකට මා බොහොම කැමැතියි. ඒ නිසා ඔහු ඒ නිර්මාණවලින් කතා කරන තරුණ ප්‍රශ්න ගැන ඔළුවේ තියාගෙනයි මමත් මේ චිත්‍රපටය ලියන්නේ. ඒත් මට එවැනි චිත්‍රපටයක් කිරීමට නොහැකි වෙනවා. නැවතත් මා මේ නිර්මාණයට ගියොත්, මේ නිර්මාණයෙන් කතා කරන්නේ පවුල් ප්‍රශ්නයක්. සමාජ හා සංස්කෘතිය කියන අප විසින් ගොඩනඟා ගත්ත සමාජය ඇතුළේ තරුණයන්ගේ ලෝකයට මොකද වෙන්නේ කියන කාරණය මා මෙහිදි කතාබහට ලක් කරනවා. තරුණයන් කියන්නේ අලුත් ලෝකයක් සොයාගෙන යන්න හදන කණ්ඩායමක්. එවැනි පිරිසකට මේ සමාජය ඇතුළේ තිබෙන අතුරු ආබාධය කුමක්ද? යන්නයි ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය හරහා කතා කිරීමට මා උත්සාහ ගත්තේ. ඒ නිසා මගේ පණිවුඩය කියන්නට මා මේ නිර්මාණයේදී වෙනස් ම වූ ස්ටයිල් එකක් අනුගමනය කළා.

‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන් අතරට රැගෙන පැමිණීමට ඔබ එලෙස වෙනස් වූ ස්ටයිල් එකක් අනුගමනය කිරීමට සිතුවේ ඇයි?

මොකද අද තරුණයන් වඩාත් කැමැත්තක් දක්වන්නේ බොලිවුඩ් චිත්‍රපටවලටයි. ඔවුන් අන්තර්ජාලය හරහා විවිධ විදියේ චිත්‍රපට නරඹනවා. වෙබ් සිනමා ව කියන එක අද වෙන ම විදියට වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා එවැනි ස්ටයිල් එකකින් ‘සීමා නෑ ආකාසේ’ සිනමා ප්‍රේක්ෂකයන් අතරට රැගෙන එන්නට උත්සාහ ගත්තේ, මේ නිර්මාණයෙන් කතාබහ කරන දේ තරුණයන් නැරැඹුවේ නොමැති වුණොත් ඒ පණිවුඩය ඔවුන් අතට යන්නේ නොමැති නිසයි.

වර්තමානයේ සිටින තරුණයන්ගේ ප්‍රශ්න පිළිබඳ සිනමා කෘතියකින් කතාබහ කිරීමට තරම් ඔබගේ සිතට බලපෑම් කළ කාරණය කුමක්ද?

මාත් සමඟ වැඩ කරන්නේ තරුණ පිරිසක්. ඔවුන්ගෙන් බහුතරයක් ක්ලබ් යන, දහඅතේ ණය වුණු පිරිසක්. ඔවුන්ගේ ජීවිතේ හදා ගන්නට අම්මා තාත්තා අවවාද කළත් අහන්නේ නැති නම්, ඒ අයට මම අවවාද කළා කියලා වැඩක් වන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ජීවිත ඔවුන්ට ම දකින්නට අවස්ථාවක් සලසා දිය යුතුයි. එයයි මා මේ සිදු කළේ. එවැනි වෙනසක් කළ හැක්කේ ආගමට හා කලාවට පමණයි. ආගමෙන් එය කළ හැකි වන්නේ සීමිත ප්‍රමාණයයි. එහෙත් කලා කෘතියක් ඇතුළේ ඒ කියන දේ සෞන්දර්යත් සමඟ එක්ව යා හැකියි.

‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටයේදී ඔබ නව නිළියක් හඳුන්වා දෙනවා. ප්‍රධාන චරිතයකට මාධ්‍යවේදිණියක්ව තොරා ගන්නේ ඇයි?

මෙහි එන ප්‍රධාන නිළියගේ චරිතයට කෙනෙකු සෙව්වා. ඒත් හමුවුණේ නැහැ. අනෙක් කාරණය නම් ඔවුන් මේ චරිතයේ කතාවට, එහි තිබෙන විදියට අඳීන්න කැමැති වුණේ නැහැ. ඒ වගේ විවිධ ප්‍රශ්න පැන නැඟුණා. ඒ වගේ ම මට මේ චරිතයේ ලක්ෂණවලට හරියන නිරූපණ ශිල්පිනියක් තෝරා ගන්න තිබුණා. ඒත් ඈට මේ පිටපත තේරුම් කිරීම ගැන තිබුණේ ප්‍රශ්නයක්. ඒ නිසා මා අරුණිව මේ චරිතයට තෝරා ගත්තා. රැකියා ස්ථානයේ නිවාඩු අරගෙනයි ඈ මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. ඒ චරිතය සඳහා ඈ එවැනි කැපකිරීම් රැසක් සිදු කළා.

මෙහි පුබුදු චතුරංග ඇතුළු වර්තමානයේ සිටින තරුණ නළු නිළියන් රැසකුත් රංගනයෙන් දායක වනවා නේද?

මා පුබුදුව තෝරා ගත්තා නොවෙයි පුබුදු මාව තෝරා ගත්තා. ඔහු ගැන අමුතුවෙන් කතා කළ යුතු නැහැ. වර්තමානයේ අපට ඉන්න දක්ෂ රංගන ශිල්පීන් අතර එක් අයෙක් ඔහුයි. මෙහි දුෂ්ට චරිතය කරන්නේ ක්‍රිෂානුයි. ඊට අමතරව ධනංජි තාරුකාත් රඟපානවා. ඈ රඟපාන්නේ පුබුදුගේ කලින් පෙම්වතිය ලෙසයි. ඔවුන් සමඟ ප්‍රවීණ නිළියක වන ශ්‍රියාණි අමරසේන හා ප්‍රවීණ නළුවකු වන බුද්ධදාස විතානාරච්චි, සංගීතා තදානි වැනි නළු නිළියන් රඟපානවා. මේ චිත්‍රපටයේදි වැඩි නළු නිළියන් පිරිසක් ඇත්තේ නැහැ. ඒත් ඒ චරිතවල තිබෙන හුදකලා බවට මා බොහොම කැමැතියි.

මේ චිත්‍රපටයේදී ඔබ ගීත රැසක් යොදා ගන්නවා. එහෙම කළේ ඇයි?

මනිරත්නම්ගේ රෝජා චිත්‍රපටයේ ‘චින්න චින ආසයි...’ කියන ගීතයෙනුයි ඇගේ මුළු චරිත ස්වරූපයම විදහා දැක්වෙන්නේ. එවැනි සංකේතාත්මක ආකාරයටයි මේ චිත්‍රපටයේදිත් අප සමහර ගීත භාවිත කළේ. මෙහි එන අවසන් ගීතයෙන් විදහා දැක්වෙන්නේ වෙනස් ම දෙයක්. මෙහි විදහා දැක්වෙන්නේ සියදිවිනසා ගැනීම නොකළ යුතු බවයි. එවැනි දේ සමාජ ගත නොකළ යුතුයි. ජීවිතය කියන්නේ ප්‍රශ්නයක් තමයි. එතැනින් එහාට ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද? මේ සමාජයේ වෙනස් කෙනෙක් විදියට ඉදිරියට යන්නේ කොහොමද කියන කාරණාත් එක්ක දෙන හැඩයකිනුයි ඒ ගීතය නිර්මාණය වී තිබෙන්නේ. මේ කතාවේ තිබෙන හැඩයත් එක්ක කතාවම පමණක් චිත්‍රපටයේ තිබුණොත් සිනමා ප්‍රේක්ෂකයන්ට ඒ දෙස බලාගන ඉන්න බැහැ. ඒ චරිත හා බැඳෙන ප්‍රශ්නවල තිබෙන අමිහිරි බව නැති කිරීමටත් සිතාගෙනයි මා මේ තරම් ගීත යොදා ගත්තේ. මෙහි සංගීතය අධ්‍යක්ෂණය කළේ සංඛ රුවන්දිතයි.