වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 17 වැනිදා සිකුරාදා




සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල නැවතත් ලංකාවට ඇවිත්

බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල නැවතත් ලංකාවට ඇවිත්

සුද්දන්ට ගේ වැඩ ගැන සමහර විට මට සිතෙන්නේ මුන්ට පිස්සු කියාය.එය මුලින්ම දැනුණේ නිකම්ම දූපතක් ව තිබුණු හොං කොං දේශය කිසිදු කහටක් නැතුව චීනයට බාර දෙන හැටි දුටු විටය. විටෙක අපේ රට ගැන වුවත් එසේ හිතුනත් එසේ ලියන්නට නම් ටිකක් බයක් ඇත.ඒ නිසා මම චීනය සහ හොංකොං ගැන ගැන ලිව්වෙමි.පසුගිය සතියේ මාත් අපේ ඡායාරූප ශිල්පි තිලක් පෙරේරාත් තකහනියක් ගාලු ගියේ එහෙම සුද්දන්ගේ වැඩක් ගැන ආරංචියක් නිසාය.ඔවුන් පිරිසක් මේ දිනවල ගාල්ලේය.ගාල්ලට සුද්දන් ඒම අද ඊයේ සිදුවුවක් නොවේ.කතාවේ හැටියට පෘතුගිසි කාරයන් රටවල් අල්ලන්ට යන ගමන් වැරදීමකින් මුලින්ම ගොඩ බැස්සේ ගාල්ලටය. ඕල්කට් තුමන් ගොඩ බැස්සේ ද ගාල්ලටය.

වීර පුරන් අප්පු චිත්‍රපටයට දෙබස් ලියන අභාවප්‍රාප්ත තිස්ස අබේසේකරයන් එහි සිටින අයිරිස් ජාතිකයෙක් ගැන මෙසේ ලියා තිබිණ.පුරන් අප්පු චිත්‍රපටයේ කුඩාපොල හාමුදුරුවන්ගේ චරිතය රඟපෑවේ ද තිස්ස අබේසේකරයන්ය. සුද්දා පවසන්නේ හාමුදුරුවන්නේ අපි ඉංග්‍රිසි නෙවේ.අපි අයිරිස් කියාය .එවිට හාමුදුරුවන් වදාලන්නේ මොන රිස් වුනත් පොත්ත සුදුයිනේ යනුවෙනි. අප ගාලු යන්නේ ඒ වීර පුරන් අප්පු චිත්‍රපටයේ පුරන් අප්පුට රඟපෑ මහා රංගධර රවීන්ද්‍ර රන්දෙණිය සමගය.

ඉංග්‍රිසි කාර සුද්දන්ගේ වැඩක් දැක ගන්නටය. ඔවුන් එහි ටෙලි වෘත්තාන්තයක් නිර්මාණය කරති. මෙයට වසරකට පෙරාතුව මේ වෘත්තාන්තය මුල් කොටස ගාල්ලේම රූප ගත කළ ඔවුන් එහි දෙවැන්න නිර්මාණය කරන්නට යළි පැමිණ ඇත.ටෙලිවෘත්තාන්තය මෙරට රූප ගත කළ ද එය අපේ මෙන් ටෙලි මාගලක් හෙවත් වැල් මාලා නාටකයක් නොවේ.කොටස් හයකි. අප යන විටත් කොටස් හයෙන් එක කොටසක එක් දර්ශනයක් දින තුනක් තිස්සේ රූ ගන්වති.සුද්දන්ට පිස්සු යැයි සිතෙන්නේ මේවාටය.දින තුනක් එක දර්ශනයක් ? අපට නම් දින තුනක් යනු කොටස් හයම රූ ගත කරන්නට ඉහටත් උඩින්ය. ඒ වුනාට මුන් සුද්දන්ය. එබැවින් එකම දර්ශනයක් දින තුනක් තිස්සේ රූ ගන්වනු ලබති.

අධි වේගී මාර්ගයේ ගාලු පාර දිගේ ගිය අප වක්වැල්ල පාරේ අලුතින් ඉදිවන සුවිසල් ගොඩනැගිලි අතරින් ඉදිරියට ගියෙමු. අලුත් ගාල්ලට නොගැලපෙන ගොඩනැගිලි අතර කුරුමිට්ටෙකු ලෙස පෙනෙන ක්වීන්ස් සිනමාහල් ගොඩනැගිල්ල පසු කර ටික දුරක් ගිය විට මාර්ගයේ පුංචි තදබදයකි. එයින් යාබද මහල් ගොඩනැගිල්ලක් බිමට කඩා වැටී ඇත. සෙනග පිරි ඇත්තේ එබැවිනි. අසල නවතා ඇති වාහන අතරින් අපි රිංගා ගියෙමු.ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවි සිටියෙකි.ඔහු වටා කිහිප දෙනෙකි.ගොඩනැගිල්ලේ සුන්බුන් හා කොයි මොහොතේ හෝ කඩාවැටිමට ආසන්න කොන්ක්‍රිට් බීම් ද අතරින් අපි යන්නට උත්සාහ කළෙමු.

කරුණාකරල පින්තූර ගන්න එපා නිෂ්පාදන කණ්ඩායමේ ඉතා ප්‍රියමනාප සුද්දෙක් අපට පවසයි.

අසල නවතා ඇති ගිනි නිවන රථයක් ඇතුලේ රියැදුරා තද නින්දකය.තවත් පසෙක ලහිලහියේ වැඩ කරන අනික් පිරිසය.අප දන්නා හඳුනන මුහුණුය. ඔවුන් ගිනි කසයට වැඩය.එහෙත් රූප ගත කිරීමට ඉක්මන් නැත.සියල්ල සූදානම් කෙරෙති.අසල ඊළඟ විධානය එනතුරු බලා සිටින පිරිසකි. ඔවුන්ගේ ඇුඳුම් පැළඳුම් කිලිටි ය. සමහරුන්ගේ සිරුර පුරා තුවාලය. රවීන්ද්‍ර රන්දෙණියන් දුටු විට ඔවුන් ඔහු කරා එති. ඒ සෙල්ෆියක් ගන්නටය. අත පය බැඳ ලේ ගලන තුවාල සහිත මේ පිරිස අතිරේක රංග ශිල්පීන්ය. ඉන්දියාවේ නම් අතිරේක නළු නිළියන් එක් අත්පුඩියකින් සොයා ගත හැක. ඔවුන්ගේ එකම වෘත්තිය ද එයයි. එහෙත් ලංකාවේ එහෙම නැත. අපි වටපිට බැලීමු. පොලිස් රථයක් ද ගිලන් රථයක් ද තවත් වාහනයක් ද එහි ඇත. ඒ සියල්ලේ ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වාහන අංකයන්ය

එනම් ම්ඹ් යන ඉංග්‍රීසි අකුරු ය. මේ ගාල්ලේ වක්වැල්ල පාරේ රූප ගන්වන්නේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ගැනය. ටෙලි මාලාව බිතාන්‍යෙය්ය. එයට පසුබිම් වනුයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයයි. රූප ගත වන්නේ දකුණු ලංකාවේය. ගාල්ල සහ උණවටුනේය.ටෙලි වෘත්තාන්තය ද ගුඩ් කර්ම හොස්පිට්ල්ය.

ගුඩ් කර්ම හොස්පිට්ල් මුල් අදියර ද කොටස් හයකින් යුක්ත විය. එය මේ වසරේ මුල් භාගයේ පමණ රූප ගැන්වුයේ උණවටුනේ අමරසූරිය වලව්වේය.මෙරට සියවස් එක හමාරකට ආසන්න ඉතිහාසයක් ඇති උණවටුනේ අමරසූරිය වලව්ව වර්තමානයේ ගුරු විදුහලකි. බ්‍රිතාන්‍ය යුගයේ කේරළයේ ගෘහයන් ද ලංකාවේ ගෘහයන්ද අතර සමාන ලකුනු එමටය. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය බොහෝ දුරට ලංකාව හා දේශගුණික හා පසුතල අතින් ද එක සමානය.

ද ගුඩ් කර්ම හොස්පිට්ල් මාලාවට පාදක වනුයේ එංගලන්තයේ ජීවත් වන වෛද්‍යවරියක වන රූබි වෝකර් ප්‍රේම සම්බන්ධය බිඳී යාමෙන් පසු එංගලන්තය අත හැර ඈත දකුනු ඉන්දියාවේ කුඩා ගම්මානයක රෝහලකට සේවයට පැමිනීම පිළිබඳ කතාවකි. එම රෝහල පාලනය කරනු ලබනුයේ වෛද්‍ය ලිඩියා ෆොන්සේකාය. කතාව ගොඩ නැගෙනුයේ රූබි ඒ වටාය. 2017 පෙබරවාරි 05 වැනි දා සිට මාර්තු 12 දා දක්වා ලන්ඩනයේ අයි ටී වී නාලිකාව ඔස්සේ විකාශය වූ ගුඩ් කර්ම හොස්පිට්ල් මුල් වෘත්න්තාත මාලාව ලොව පුරා රසිකයන්ගේආදරයට පාත්‍ර වූ අතර එය බ්‍රිතාන්‍යයේ පමණක් නරඹන ලද ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 7.39 ක් විය. එහි ජනප්‍රියත්වය නිසාම දෙවැනි කොටස තවත් තොටස් හයකින් යුක්තව නිර්මාණය කරන ටයිගර් නිෂ්පාදකයන් මෙවර ද ඒ සඳහා තෝරා ගත්තේ සුන්දර ශ්‍රී ලංකාවයි. ගියවර ඔවුන් සමග දායක වූ ද ෆිල්ම් ටීම් කණ්ඩායමයි. ඒ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රමුඛ ඒන්ස්ලි ද සිල්වා ගෝපි ධර්මරත්නම් එරල් කෙලී පිරිවර සැදි ෆිල්ම් ටිම් සමාගමයි. ද ගුඩ් කර්ම හොස්පිට්ල් නිපද වන ටයිගර් ඇස්පෙක්ට් සමාගම සුප්‍රකට මිස්ටර් බීන් මෙන්ම රොබින්හුඩ් ටෙලි නාට්‍යය මාලාවේ නිෂ්පාදකවරුන්ය. එමෙන්ම සම්මානනීය චිත්‍රපටයක් වන බිලි එලියට් ද ඔවුන්ගේ නිෂ්පාදන ගොන්නෙහි වෙයි.

අපි හීන් සීරුවේ දර්ශන තලයේ සැරිසැරුවෙමු. එහි තාක්ෂණ ශිල්පීන් බහුතරය අප දන්නා හඳුනන අයය. එහි ප්‍රධාන චරිතයක් රඟ න එකම ලාංකික රංගණවේදිනිය නිම්මි හරස්ගමයි. නිම්මි සරසවිය සම්මාන උලෙළේ හොදම නිළිය ලෙස සම්මානයට පාත්‍රවූයේ ඉර මැදියම චිත්‍රපටයේ රංගනය උදෙසාය. වර්තමානයේ ඇය එංගලන්තයේ පදිංචිව සිටින්නීය.

අපි කඩා වැටුණු ගොඩනැගිල්ල අසලටම ගියෙමු.එහි නටබුන් සැම අත විහිද ඇත.ගොඩනැගිල්ල තුන් මහල්ය.එහි ඇති කොන්ක්‍රීට් බීම් දැන් බිම වැටෙතැයි යන තරම්ය.එහි සිරවී ජීවිතය ත් මරණයත් අතර වැටී සිටින තැනැත්තා ගේ සමීප රුවක් රූ ගැන්වෙයි.එයින් පසු මද විරාමයකි.යට වූ තැනැත්තා සිනාසෙමින් නැගිටියි.අපේ කල්පනාව අසල ඇති කොන්ක්‍රීට් කඳ කොයි වෙලේ බිම පතිත වෙයි ද යන්නය.

‘බය වෙන්න එපා.ඒවා රිජිෆෝම්. ‘අපට අදහා ගත නොහැකි දෙයක් සමීර රන්දෙනිය පවසයි.සමීර එහි නිෂ්පාදන කළමනාකාරවරයාය. අපි හීන් සිරුවේ පිරික්සිමු ඒ එරල් කෙලි ප්‍රමුඛ කණ්ඩායමේ වැඩය. හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම මුල් නාමාවලියේ සඳහන් වූ ශ්‍රි ලාංකිකයක් වන එරල් කෙලි කලා අධ්‍යක්ෂණය උදෙසා කිහිප වරක්ම සරසවිය සම්මාන දිනූවෙකි.එරල් ගේ නිර්මාණයන්ගේ දී ඔහු කෙතරම් අංග සම්පූර්ණව නිර්මාණය කරන්නේ ද යත් එහි සියුම් කැටයම් වලට පවා ඔහු සිත යොමු කරයි.මේ රිජිෆෝම් බීම් කිසි විටෙකත් සැබෑ කොන්ක්‍රීට් ඒවා නොවේයැයි අපට සිතෙන්නේ නැත.අසල අතුරු පාරක් දිගේ නවතා ඇත්තේ සුඛෝපභෝගී ගිමන් වාහන පෙළකි.දර්ශන තලයේ සැරිසරන වාහන පෙළ සියයකට ආසන්න්ය.හදිසි ගිලන් රථයක් මෙන්ම වෛද්‍යවරයෙක් සහ හෙදියක ද සේවයේ යොදවා තිබේ.

සියල්ල සූදානම් වුව ද අංග සම්පූර්ණ වන තුරු අපට ඇති හදිස්සිය ඉංග්‍රිසින්ට නැත.වෙලේගෙදර රණසිංහ,ප්‍රසාද් පෙරේරා .රන්ජිත් රූබසිංහ,විමල් දේශප්‍රිය,නිමල් ෆ්‍රැන්සිස් ඇතුළු පිරිස ලහිලහියේ සියල්ල සම්පාදනය කරති.ඒ සියල්ල කාල සටහනේ හැටියටය.

ඒ අතර වාරයේ අපි ගාල්ලේ සිට මාතර බලා පිට්ත් වීමු.ඒ කොග්ගල වෙතටය.සමීරගේ මග පෙන්වීමෙන් අපි අතුරු පාරකින් හැරී මාර්ටින් වික්‍රමසිංහ විදුහල අසබඩින් කොග්ගල ඔය වෙතට සමීප වීමු.ඔය අසබඩ ගිනිජාමෙට ලොකු වැඩකි.එහි යාත්‍රාවක් තැනෙමින් පවතී.එරල් කෙලී සමග ජස්ටින්, ඇතුලු පිරිස මේ යාත්‍රාව සකසති. එය හැඩෙන්ම අපේ යාත්‍රාවක් නොවේ.මේ යාත්‍රා කේරළයට ආවේණිකය.එහි ගංගා ආශ්‍රිතව ඇති සම්ප්‍රදායික යාත්‍රා ඇතැම් ඉන්දියානු චිත්‍රපට වල නිතර දැක ගත හැක.දිල් සේ නැත්නම් උයිරේ චිත්‍රපටයේ ෂා රුක් ඛාන් සහ ප්‍රීති සින්ටා ගී ගයමින් නටන සුප්‍රකට-‍ජිය ජලේ ගීතයේ රාත්‍රි දර්ශණ රූප ගත වනුයේ ද එබඳු යාත්‍රාවකය. කේරළයේ ඇති මේ යාත්‍රා මෙරට තැනෙන්නේ ගුඩ් කර්ම හොස්පිට්ල් ටෙලි නාටකයේ එක් ජවනිකාවක් සඳහාය.කොග්ගල ඔයේ අයිනේ යාත්‍රාව වෙනුවෙන් වටේ ට දැල් ගසා ඇත

‘ගඟේ කිඹුල්ලු ඉන්නවා ඒකයි.‘ එරල් කෙලී අපට අනතුරු හැඟවූයේය.අපි යාත්‍රාවට ගොඩ වීමු.ඒ වන විටත් එය ලහිලහියේ සැකසෙමින් පවතින්නේ සාදයක රූ ගැන්විමටය. සාමාන්‍යෙයන් ටෙලි විෂනයේ නොපෙනෙන ඉතා සියුම් කැටයම් කෙරෙහි ද එරල් කෙලී ගේ ඇස යොමුවීම විශේෂයකි.

‘මේ ටෙලි නාට්‍යය ඉස්සරල රූප ගත කරන්න ආවේ ඉන්දියාවේ.හදිස්සියේ අපට ඔවුන් සම්බන්ධ වුණා.දින කිහිපයක් ඇතුළත ඒ නිෂ්පාදන කණ්ඩායමට අවශ්‍ය පරිදි දර්ශන තළ සොයා දෙන්න අපට හැකි වුණා.ඒ අනුව ඔවුන් ඊළඟට ලංකාවට යළි පැමිණියේ රූප ගන්වන්නට.මුල් කතාංග මාලාව නොසිතූ විරූ ජනප්‍රසාදයක් දිනා ගත් නිසා ඔවුන් එහි දෙවැනි කොටසක් නිර්මාණය කළා.මේ තැනෙන්නේ දෙවැනි කොටසයි.‘

ද ෆිල්ම් ටීම් වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය පැවසුවේය.බොම්බේ වෙල්වට්,ඇම්ඩන්,වෝටර්. වැනි විදෙස් චිත්‍රපට රාශියක් මෙරට සම්බන්ධීකරණය කරන ලද්දේ ද ෆිල්ම් ටීම් ආයතනයයි.මේ මගින් බිලියන ගණනාවක විදෙස් මුදල් මෙරටට ගෙන්වීමට ඔවුන් සමත් විය.ලංකාව යනු ස්වභාව ධර්මය මගින් බිහි කරන ලද සුන්දරම චිත්‍රාගාරයක් බැව් ජාත්‍යන්තර සිනමාකරුවන් රැසකගේ මතයයි.එයට හේතුවක් වනුයේ සෑම හැතැපුම් දහයෙන් දහයට මෙරට පරිසරය ද දේශගුණය ද වෙනස් වන බැවිනි.නැත්තේ හිම මිදෙන පරිසරය පමණී. එමෙන්ම මෙබඳු නිර්මාණයකට දායක වන අපේ ශිල්පින්ගේ කුසලතාව සහ කැපකිරීම කලාපයේ සෙසු සිනමා කර්මාන්ත අබිබවා යන්නකි සුද්දන්ගේ නම ගිය ද මෙකී කටයුතු වල හම යන්නේ අපේ ඇත්තන්ගේය.

ද ගුඩ් කර්ම රෝහල ලෙස ප්‍රධාන දර්ශන තලය උණවටුනේ අමරසූරිය වලව්වයි.සියවසකට එපිට ගොඩ නැගුණ අද ගුරු විදුහලක්ව පවතින මේ දැවැන්ත නිවාසය චිත්‍රපටය සඳහ රෝහලක් බවට පරිවර්තනය කරන්නට පෙරාතුව මුළුමනින්ම අලුත් වැඩියා කරන්නට ෆිල්ම් ටීම් පිරිසට සිදුවිය.

අප කොතැනට ගියත් හැම තැනම දැක ගත හැකි චරිතයක් වි ඒ ද ෆිල්ම් ටීම් ආයතනයේ රේඛීය නිෂ්පාදක ඒන්ස්ලි ද සිල්වාය. ඒන්ස්ලි සියලු කටයතු පිලිබඳ සොයා බලමින් දුව යන්නෙක් කඩියකු විලාසයකිනි.

මේ සුන්දර චාරිකාව නිමවා ආපසු එද්දි මටත් ඡායාරූප හිල්පී තිලක් පෙරේරාටත් තිබුනේ එකම ගැටළුවකි.බැරි වෙලාවත් අපේ ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙක් ද සමඟ ගුඩ් කර්ම හොස්පිට්ල් කෙලෙස තැනෙනු ඇත් ද යන්නය. තිලක්ගේ පිළිතුර මෙයයි.කොටස් හය හැටක් වනු ඇත.දවසට කතාංග තුනක් අවම වශයෙන් රූ ගැන්වෙනු ඇත.නළු නිළියන් චරිතයට නොව දවස් ගණනට කුලියට රඟපානවා ඇත. මම එයට ඌන පූර්ණයක් එක් කරමි.

‘අපේ නාලිකා ලොක්කෝ කොටස රුපියල් හැත්තෑ පන් දාහකට ඉල්ලනවා ඇත.‘

කෙසේ වෙතත් ද ගුඩ් කර්ම හොස්පිට්ල් බ්‍රිතාන්‍යය ටෙලි වෘතාන්තය සමග කීර්තිමත් වනුයේ දෙසිය පණහකට අධික අපේ කාර්මික ශිල්පින්ගේ කුසලතාවයි.ඔවුන්ගේ හැකියාවයි. ද ෆිල්ම් ටීම් හරහා ලොවට කියාපාන්නේ එයයි.