වර්ෂ 2018 ක්වූ අප්‍රේල් 23 වැනිදා සඳුදා




අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා

විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා

මතු බලාපොරොත්තු තබාගත හැකි සිනමා නිර්මාණය

දෙරණ සිනමා සම්මාන 2017

ගමන් වාර අතරතුරදී සසිතට විවිධාකාරයේ පුද්ගලයින් රැසකුත් හමු වෙනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙකුව සසිත පෞද්ගලිකවත් ඇසුරු කරනවා. ඔහුගේ හොඳම යාළුවත් එහෙම කෙනෙක්. නම නිර්මලා.

මැද පෙරදිගත් ඔහුට මිතුරියක් ඉන්නවා. ඇය කාන්ති. බලාගෙන ගියාම සසිත වැඩිපුරම ඇසුරු කරන්නේ කාන්තාවන්. මේ අය හැරුණු කොට ඔහුට තවත් සමීපතම තැනැත්තියක් ඉන්නවා.

තාරුණ්‍යයේ පසුවන ඔහු නමින් සසිත. ටිකක් අමුතු පුද්ගලයෙකි. උගත්කම අතිනුත් සසිත හිටියේ පහළ. ඔය අතරතුරදී තමයි ඔහුට එක්තරා පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබෙන්නේ.

අන්තර්ජාලය හරහා බඩු භාණ්ඩ බෙදාදීමයි මෙම ආයතනය මඟින් සිදු කරන්නේ. ඒ ඒ අදාළ ලිපිනයන්ට එම භාණ්ඩ ගෙනි යන්නේ සසිත. ඔහු තම කාර්යය මැනවින් ඉටු කරනවා.

ඒ ගමන් වාර අතරතුරදී සසිතට විවිධාකාරයේ පුද්ගලයින් රැසකුත් හමු වෙනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙකුව සසිත පෞද්ගලිකවත් ඇසුරු කරනවා. ඔහුගේ හොඳම යාළුවත් එහෙම කෙනෙක්. නම නිර්මලා.

මැද පෙරදිගත් ඔහුට මිතුරියක් ඉන්නවා. ඇය කාන්ති. බලාගෙන ගියාම සසිත වැඩිපුරම ඇසුරු කරන්නේ කාන්තාවන්. මේ අය හැරුණු කොට ඔහුට තවත් සමීපතම තැනැත්තියක් ඉන්නවා. ඇය තමයි කාංචනා. කාංචනා කියන්නේ සසිතගේ පෙම්වතිය. මේ මේ අය අතරේ ඔහු ගෙනි යන්නේ අමුතුම ජීවිතයක්. සසිතට අවශ්‍යයි ඉක්නට රට හැර යන්න. එය කෙලෙස සිදු වේවි ද.

මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා සිනමාපටය ඔස්සේ දිග හැරෙන්නේ මෙන්න මෙවන් වූ කතා පුවතක්. සැබවින්ම එය අමුතුම අන්දමේ සිනමාපටයක් බව කතා සාරාංශයෙන් ඔබට පැහැදිලි වෙනවා ඇති. මාලකගේ කුලුඳුල් සිනමාපටය තමයි බහුචිතවාදියා.

ඒ නමහි තේරුම විවිධාකාරව සිතන තැනැත්තා කියන එක. පසුගියදා නිමාව දුටු දෙරණ සම්මාන උලෙළේදී මතු බලාපොරොත්තු තැබිය හැකි සිනමාපටය ලෙසට බහුචිතවාදියා සම්මානය ලැබීමත් විශේෂත්වයක්.