වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි

මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි

‘වස්සානයේ සඳ’ සම නිෂ්පාදක ආචාර්ය මහේෂ් බණ්ඩාර

මංගල දර්ශනය 08දා ඕස්ටේ‍්‍රලියාවේ

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය වන ‘වස්සානයේ සඳ’ ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බන් නගරවල ප්‍රදර්ශනය කිරීමට සියල්ල සූදානම් ය. මෙහි එක් නිෂ්පාදකවරයකු වන්නේ ආචාර්ය මහේෂ් බණ්ඩාර ය. වෘත්තියෙන් ක්ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වන ඔහු මේ වනවිට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරයි. කලාවට බෙහෙවින් ආදරය කරන නිසා ම අධ්‍යක්ෂණයට මෙන්ම නිෂ්පාදනයට පෙලඹුණු ඔහු සිය කලා ගමන පිළිබඳත්, ඕස්ට්‍රේලියාවේ කිරීමට යන මේ නැවුම් කටයුත්ත පිළිබඳත් සරසවියට කළ කතාබහකි.

* උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය වන ‘වස්සානයේ සඳ’ ප්‍රථම වරට තිරගත වන්නේ ඔස්ට්‍රේලියාවේ. තවත් දින කිහිපයකින් සිදුවන ඒ කටයුත්ත ගැන මුලින් ම කතා බහ කරමු?

එය මුලින්ම ප්‍රදර්ශනය කිරීම සිදුවන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බන් නගරවලයි. ඒ මේ මාසයේ 08 වැනිදා සවස 6.15ට සිඩ්නි නගරයේ රවුස් හිල් රිඩින් සිනමා ශාලාවේදීයි (Reading Cinemas – Rouse Hills NSW) මුලින්ම ප්‍රදර්ශනය වන්නේ. මේ චිත්‍රපටය මෙල්බන් නගරයේ ප්‍රදර්ශනය වන්නේ මේ මාසයේ 14 වැනිදා සවස 3.15ටයි. ඒ ඩෑන්ඩිනොන් රිඩින් සිනමා ශාලාවේදියි. (Reading Cinemas – Dandenong) මේ මාසයේම 15 වැනිදා සවස 6.00ට එපින් රිඩින් සිනමා ශාලාවේදීත් (Reading Cinemas – Epping) ‘වස්සානයේ සඳ’ ප්‍රදර්ශනය කිරීමට සියල්ල සූදානම්. ඒ ආකාරයෙන් දින තුනක් එහි මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අරඹනවා. මේ කටයුත්ත සංවිධානය කරන්නේ තිමාර එන්ටටෙන්මන්ට් මඟින්. එහි සිටින කරූ කටුවන්දෙණිය බොහොම මේ කටයුතු කිරීමට වෙහෙස මහන්සි වුණා.

* එහි ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවෙන් කලාකරුවන් පිරිසකුත් සහභාගි වනවා නේද?

මේ සුන්දර චිත්‍රපටයේ ප්‍රදර්ශන කටයුතු සඳහා එදිනට උදයකාන්ත, පියුමි හංසමාලි ඇතුළු ශ්‍රී ලංකාවෙන් ප්‍රවීණ කලා ශිල්පීන් රැසක් සහභාගි වීමට නියමිතයි. ඒ දින කිහිපය එහි වසන ශ්‍රී ලාංකිකයන්ට මතක සිටින දින කිහිපයක් වේවි.

* ඔබ කලාවට අත්පොත් තියන්නේ ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටි කාලයේදීමද?

මගේ ගම පන්නලයි. එහි සඳ ලංකා මධ්‍ය මහා විද්‍යාලටය පාසල් ගිය මා පසුව තර්ස්ටන් විද්‍යාලයටයි ඇතුළත් වන්නේ. ඒ කාලයේ පටන්මයි මා කලාවට ආදරය කළේ. ඒ තිබුණු ආදරය නිසාම මා ඒ කාලයේ ඕ.සී.අයි.සී. එකේ තිබුණු සිනමා පාඨමාලා හැදෑරීමට පෙලඹුණා. ඒ විතරක් නොවෙයි ඒ කාලයේ වේදිකා ගතවුණු සෑම නාට්‍යයක්මත්, තිරගත වුණු චිත්‍රපටයක්මත් නැරැඹීමට මා අමතක කළේ නැහැ. ඒ කාලයේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයේයි චිත්‍රපට පෙන්නුවේ. මේ චිත්‍රපට නැරැඹීමට නිවෙසට හොරෙන් පාසල් ගමන කට් කළ අයුරුත් මට තාම මතකයි.

* කලාවට ආදරය කළත් ඔබ ඔස්ට්‍රේලියාව පදිංචිය සඳහා තෝරා ගන්නවා. ඒ ඇයි?

ලංකාවෙන් මා නවසීලන්තයට පිවිසෙන්නේ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහායි. ඒ අධ්‍යාපනයෙන් පසුව එහිම ආචාර්යවරයකු විදියට කටයුතු කිරීමට මට අවස්ථාව හිමි වෙනවා. ඒත් මා එහි තිබුණු සංස්කෘතික වැඩවලට සම්බන්ධ වී කටයුතු කරනවා. කලක් ඒ තිබුණු කලා කවයේ සභාපති ලෙස කටයුතු කළේත් මමයි. සෝමරත්න දිසානායක ආරම්භ කළ ඒ සංස්කෘතික කලා කවය දිගටම පවත්වා ගෙන පැමිණීමට අපට හැකියාව ලැබුණා.

* ඔස්ට්‍රේලියාවේදියි ඔබ අධ්‍යක්ෂණයට පා නඟන්නේ?

මේ කලා කවයේ සිටි කාලයේදියි මා ‘මතක සුළඟ’ කියන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. එය රූපවාහිනියේ විකාශය වුණා. ප්‍රථම වරට ලංකාවෙන් වැඩිපුරම වෘත්තිය ශිල්පීන් ප්‍රමාණයක් සහභාගි වූයේ ඒ නිර්මාණය සඳහායි. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම්රේණු, වසන්ත විට්ටච්චි, ලක්ෂ්මන් විජේසේකර, ගීතා කාන්ති ජයකොඩි, කංචන කොඩිතුවක්කු, චතුරිකා පීරිස්, කාංචනා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඒ නිර්මාණය සඳහා ඔස්ට්‍රේලියාවට පිවිසුණා. කැමරා අධ්‍යක්ෂ අයේෂ්මන්තත් ඒ අතර සිටි බව මට මතකයි.

* ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන උදයකාන්තගේ හා ඔබගේ හමුවීම සිදුවන්නේ කෙලෙසද?

මා උදයකාන්තව මුලදි පටන්ම දන්නවා. දිනක් ඔහු මෙවැනි කතාවකින් චිත්‍රපටයක් කරන්න අදහස් කරගෙන ඉන්න බව මට පැවසුවා. එහි නිෂ්පාදනයෙන් දායක වීමටත් ඔහු මට ආරාධනා කළා. එහිදියි මා ඔහුට නිෂ්පාදනයෙන් දායක වීමට කැමැත්ත ප්‍රකාශ කරන්නේ. ඒ මා උදයකාන්ත කියන අධ්‍යක්ෂවරයාව විශ්වාස කළ නිසයි. මේ කතාවේ සමහර රූගත කිරීම් යොදාගෙන තිබුණේ ඔස්ට්‍රේලියාවේ. ඒ සඳහා මා කලින් ම අවශ්‍ය ස්ථානවලින් අවසර අර ගත්තා. ඉන්පසුවයි ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේ රූගත කිරීම් එහිදි සිදුවුණේ. මේ චිත්‍රපටය බොහොම සුන්දර කතාවක් උදයකාන්තගේ අනෙක් නිර්මාණවලින් වෙන්වුණු වෙනස් ම වානිජ චිත්‍රපටයක් ලෙසයි ‍මා ‘වස්සානයේ සඳ’ චිත්‍රපටය දකින්නේ. ලංකාවේ දර්ශන වගේ ම ඔස්ට්‍රේලියාවේත් දර්ශන සියල්ල එකතු වුණාට පස්සේ බොහොම සුන්දර නිර්මාණයක් බවට එය පත්වී තිබෙනවා. ඒ නිසා මට හැඟෙන්නේ අප වියදම් කළ මුදල්වල ප්‍රතිඵලයක් තිබෙන බවයි. මෙහිදි මේ සියලු කටයුතු කළේ තිමාර එන්ටටෙන්මන්ට් මඟින්. ඒ කටයුතු සඳහා මට සහය වූ කරූ කටුවන්දෙණියව මා සිහිපත් කරන්නේ බොහොම ආදරයෙන්.

* නිෂ්පාදකවරුන් නිර්මාණ අතහැර යන සමයක ඔබ නිෂ්පාදකවරයකු ලෙස සිනමාවට පිවිසෙන්න සිතූ කාරණය කුමක්ද?

පළමුවෙන් ම මා මේ චිත්‍රපටයට නිෂ්පාදකවරයකු විදියට සම්බන්ධ වෙන්න තීරණය කරන්නේ මගේ ආත්ම තෘප්තිය සඳහායි. දෙවැන්න නම් උදයකාන්ත වර්ණසූරිය කියන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්. ඔහු සමඟ ගැවසෙන විට ඔහුගෙනුත් මට යමක් ඉගෙන ගත හැකිය යන විශ්වාසය සිතේ රැඳුණ කාරණයක්. මොකද මා වෙනත් ක්ෂේත්‍රයක සිටින කෙනෙක්. එහෙම කෙනෙකුට සිනමාව ගැන කොයිතරම් කැමැත්තක් තිබුණත්, ඒ ගැන හැදෑරුවත්, පොතපතෙන් ඉගෙන ගත්තත් ප්‍රායෝගික දැනුමක් ඇත්තේ නැහැ. ඒ දැනුම ලබාගැනීමට නම් ප්‍රායෝගිකව වැඩ කළ යුතුයි. ඒ නිසාත් මට නිෂ්පාදකවරයකු විදියට වැඩ කිරීමට අවශ්‍ය වුණා. එහෙම නැතිව ලාභ ලබාගැනීමේ අදහසින් මා චිත්‍රපට නිෂ්පාදකවරයකු වූයේ නැහැ. මේ චිත්‍රපටය ලංකාවේදි කිහිපදෙනෙකුට පෙන්වූ අවස්ථාවේ ඒ නැරැඹූ හැමදෙනාම මෙන් පැවසුවේ බොහොම හොඳට කළ චිත්‍රපටයක් බවයි. ඒ වෙලාවේ මේ චිත්‍රපටයට සම්බන්ධ වූ කෙනෙකු විදියට මට බොහෝ සතුටක් දැනුණා. මා සිතන්නේ ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන්ට මේ සිනමා නිර්මාණය හරහා නැවුම්, වෙනස් ම අත්දැකීමක් ලැබේවි යන්නයි.

* ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටකත් එහි වසන අය සිනමාපට නැරැඹීම සඳහා සිනමා ශාලාවලට පැමිණෙනවාද?

හැත්තෑවේ යුගයේ ගාමිණී ෆොන්සේකා හා මාලිනී ෆොන්සේකාට බොහොම ආදරය කළ සිනමා ප්‍රේක්ෂකයන් චිත්‍රපට නැරැඹීමට සිටියේ පෝලිම්වලයි. එවැනි යුගයක් තිබුණු ලංකාවේ සිනමාවේ නැවතත් එවැනි යුගයක් ඇති කරන්නට බැරිකමක් නැහැ. කවුරු හෝ කියනවා නම් ටෙලි විෂනය නිසා එය කඩා වැටෙනවා කියලා ඒක බොරුවක්. මොකද ඕස්ට්‍රේලියාවේ ගත්තොත් එහි තිබෙන්නේ ඩිජිටල් 4ඬ ටෙලිවිෂනයි තිබෙන්නේ. අනෙක් කාරණය නම් රූපවාහිනියේ ප්‍රමාණය ගත්තොත් එහි තිබෙන්නේ අඟල් හැටේ හැත්තෑවේ ප්‍රමාණයෙන් යුත් රූපවාහිනියි. ඒ වගේ ම සෑම ගමකම සිනමා ශාලා දහය ගණනේ තිබෙනවා. ඒ සෑම දර්ශනයකට ම සෙනඟ ඉන්නවා. ඒත් ඒ රටේ සෑම නිවෙසකම මා පෙර කියූ පරිදි රූපවාහිනි යන්ත්‍රයක් තියෙනවා. ඒත් ඔවුන් සිනමා ශාලාවලට ඇවිත් සිනමා පට නරඹනවා. එහෙම වීමට හේතුව නම් චිත්‍රපටයේ කොලිටියයි, චිත්‍රපටයයි ඒ සඳහා බලපාන්නේ. ඒ නිසා අප කළ යුත්තේ ලංකාවේ සිනමා ශාලා නවීකරණය කිරීමයි. නැරැඹිය හැකි හොඳ, ආකර්ෂණීය චිත්‍රපට කිරීමයි.

* මින් පසුවත් ඔබ සිතගෙන සිටින්නේ සක්‍රීය ලෙස ම කලා කටයුතුවල යෙදීමටද?

මේ වනවිට මා චිත්‍රපට තිරනාටක දෙකක් ලියලා තිබෙනවා. ඒ චිත්‍රපට දෙකම ඔස්ට්‍රේලියාවේ රූගත කිරීම් කළ පසුව එහි තිරගත කිරීමටයි මා අදහස් කරගෙන ඉන්නේ. එය මා නිර්මාණය කළේ ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ පොළටයි. මේ නිර්මාණවල වැඩකටයුතු ලබන වසරේ ආරම්භ කිරීමටයි සිතාගෙන සිටින්නේ. දිගු කලක පටන් මා ලියූ තවත් තිරරචනයක් නිර්මාණය කිරීමට සිතාගෙන ඉන්නවා. ඒත් ඒ නිර්මාණය කිරීමට තවම කාලය උදාවුණේ නැහැ. එයත් ඉදිරියේදි මා අතින්ම නිර්මාණයක් බවට පත්වේවි.