වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon

මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon

මෙහි බෲස් ලී ගේ චරිතය ප්‍රධාන චරිතය වුවත් සුදු ජාතික තරුණයාගේ චරිතය හේතුවෙන් එය දෙවැනි ස්ථානයට පත් වී ඇති බවට විචාරකයන් චෝදනා කරනවා. ආසියාතික පිරිමින්හට හොලිවුඩයේදී ප්‍රධාන චරිත ලබා නොදීම එයට හේතුව දැයි ඔවුන් විමසා සිටිනවා. එසේම මෙයින් බෲස් ලී පිළිබඳ වූ මතකය විනාශ වන බවත් ඔවුන් සඳහන් කරනවා

බෲස් ලී ලොව බිහි වූ හොඳම සටන් කලා ශිල්පියා ලෙසින් හැඳීන් වේ. ලොව ප්‍රථම සටන් කලා සුපිරි තරුව ලෙසින් ද විරුදාවලි ලත් ඔහු හොං කොං - අමෙරිකානු සටන් නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, සටන් ශිල්පියෙක්, සටන් උපදේශකවරයෙක් පමණක් නොව සටන් දාර්ශනිකයකු ලෙසින් ද ජනප්‍රිය යි. කුංෆු සටන් කලාව පාදක කොටගෙන ජිත් කුන් ඩෝ සටන් කලාව නිර්මාණය කරන ලද්දේ ද ලී විසිනි. 20 වැනි ශත වර්ෂයේදී අමෙරිකානුවන්හට ආසියානු පුද්ගලයන් හඳුන්වාදීමේදී බෲස් ලී සංකේතයක් වූ බවත් කිව හැකියි. ඔහු බෞද්ධ දර්ශනය අනුගමනය කරමින් භාවනාව ප්‍රගුණ කළ අයකු ලෙසින්ද ප්‍රකට වන අතර 1940 වසරේදී උපත ලබා 1973 වසරේදී මිය යන විට බෲස් ලී ගේ වයස අවුරුදු 32ක් විය. වර්තමානයේ වුවද සටන් කලාව කී සැණින් කාගේත් සිහියට නැඟෙන්නේ බෲස් ලී බව අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය අගෝස්තු 25 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ Birth of the Dragon  චිත්‍රපටය ද මේ සටන් කලා වීරයාගේ ජීවිතයේ සිදුවීමක් ලෙස ප්‍රබන්ධය කෙරුණු චිත්‍රපටයක් බව කියවේ. මෙයට ලී සහ වොන් ජැක් මන් නම් වූ ෂැඔලින් පූජකවරකු අතර ඇති වන සටනක් පාදක වෙනවා. වොන් ජැක් මන් යනු 1960–2005 කාලයේ ක්‍රියාකාරීව සිටි චීන ජාතික සටන් කලා ගුරුවරයෙකි. බෲස් ලී ගේ අදහස සැමට කුංෆු සටන් පුහුණුව ලබාදිය යුතු බව වුවත්, පූජක වොන් ජැක් ගේ අදහස එයට පටහැනි වෙනවා. ඔහුගේ මතය වන්නේ, එකවර සැමට මෙම සටන් කලාව පුහුණු කළ නොහැකි බවත් එයට භාවනා කරමින් සිත ද යම් තත්ත්වයකට දියුණුකර ගත යුතු වන බවයි. මේ මත ගැටුම සටනක් දක්වා වර්ධනය වන අතර ලී ගේ සුදු ජාතික ගෝලයා පූජක වොන් ජැක්ගේ මතයට එකඟ වේ. ස්ටීව් මැකී නම් මෙම සුදු ජාතික තරුණයා ආසියානු තරුණියක වෙත ප්‍රේමයෙන් බැඳෙන අතර ඇය දිනා ගැනීමට නම් සටනකට පිවිසිය යුතු වේ. ඔහු සටන් කලාවේ දක්ෂයකු නොවන බැවින් ඒ වෙනුවෙන් බෲස් ලී සටනට පිවිසේ. ප්‍රතිවාදියා වන්නේ පූජක වොන් ජැක් ය.

මෙම චිත්‍රපටයේ කියවෙන පරිදි බෲස් ලී දැඩි සටන්කාමී චරිතයක් වන අතර පූජක වොන් ජැක් බොහොම නිවුණු අදහස් ඇති තමා පිළිබඳ අධි තක්සේරුවෙන් නොසිතන පුද්ගලයකු වෙනවා. වරෙක පූජක වොන් ජැක් ලී හට මෙසේ පවසනවා. "ඔබේ ක්‍රමවේදය බොහොම ආකර්ෂණීය යි. නමුත් එහි බාධාවක් වන දෙයක් ඇතුළත්. ඒ ඔබමයි" යනුවෙනුයි.

Birth of the Dragon චිත්‍රපටය පසුගිය වසරේදී ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ විශේෂ ඉදිරිපත් කිරීම් යටතේ තිරගත කෙරුණා. මෙය රචනා කරන ලද්දේ, සුපිරි බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලීගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු Ali චිත්‍රපටය සහ සංගීතඥ මයිල්ස් ඩේවිස්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණ කෙරුණු  Miles Ahead චිත්‍රපටයේ ද තිර රචනයට දායක වූ ක්‍රිස්ටොපර් විල්කින්සන් සහ ස්ටෙෆන් ජේ. රිවෙලි විසින්. හොං කොං හි උපත ලද අමෙරිකානු නළු පිලිප් නෙග් මෙහි බෲස් ලී ගේ චරිතයට පණ පොවන අතර චීන ජාතික නළු ෂියා යූ, පූජක වොන් ජැක්ගේ චරිතයටත් අමෙරිකානු නළු බිලී මුග්නුසෙන්, සුදු ජාතික තරුණයාගේ චරිතයටත් පණ පොවනවා. Birth of the Dragon චිත්‍රපටය අධ්‍යක්ෂණය අමෙරිකානු තිරරචකයකු, නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු වන ජෝර්ජ් නොල්ෆි විසිනි. Birth of the Dragon ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන අතර මීට පෙර 2011 වසරේදී ඔහු විසින් The Adjustment Bureau චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරුණා.

Birth of the Dragon චිත්‍රපටයේ සටන් සේම ආදර කතාවක් වෙනුවෙන් ද ලොකු කාලයක් වෙන් කරලා. නමුත් විචාරකයන්ගේ අදහස නම්, බෲස් ලී ගේ චරිතය සහ සටන් කලාව මෙයට පාදක වූයේ නම් ක්‍රියාදාම ජවනිකා වෙනුවෙන් මීට වඩා වැඩි අවකාශයක් හිමි විය යුතු වූ බවයි. මෙය බෲස් ලී ගේ සැබෑ ජිවිතයේ සිදුවීමක් නොව සත්‍ය සිදුවීමක් සේ පෙන්වන ප්‍රබන්ධයක් බව කියවේ. බෲස් ලී ගේ චරිතයට සුදු හුණු ගෑ චිත්‍රපටයක් සේ පෙන්වා දෙමින් බොහෝ දෙනෙක් මෙම චිත්‍රපටයට විරුද්ධත්වයද ප්‍රකාශ කළ බවත් හොලිවුඩ් ආරංචි මාර්ග ගෙන එනවා. එසේම Birth of the Dragon විචාරක මනාපය සෘණ මට්ටමෙන් දිනාගත් චිත්‍රපටයක් ද වෙනවා.

මෙහි බෲස් ලී ගේ චරිතය ප්‍රධාන චරිතය වුවත් සුදු ජාතික තරුණයාගේ චරිතය හේතුවෙන් එය දෙවැනි ස්ථානයට පත් වී ඇති බවට විචාරකයන් චෝදනා කරනවා. ආසියාතික පිරිමින්හට හොලිවුඩයේදී ප්‍රධාන චරිත ලබා නොදීම එයට හේතුව දැයි ඔවුන් විමසා සිටිනවා. එසේම මෙයින් බෲස් ලී පිළිබඳ වූ මතකය විනාශ වන බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ හේතුවෙන් දුකක් ඇති වූ බව තවත් ආසියාතික විචාරකයකු පවසා සිටිනවා. කෙසේ නමුත් මෙහි දෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට නියමිත බවත් එහි බෲස් ලී ගේ දියණිය ෂැනොන් ලී ද රංගනයෙන් දායක වීමට නියමිත බවත් ආරංචියි.