වර්ෂ 2017 ක්වූ සැප්තැම්බර් 23 වැනිදා සෙනසුරාදා




එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3
‘සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව . . .
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි

අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි

Baby Driver

එඩ්ගා රයිට්ගේ අධ්‍යක්ෂණයෙන් නිරා පාර්ක්, ටිම් බෙවන් සහ එරික් ෆෙල්නර්ගේ නිෂ්පාදනයක් වන Baby Driver අපරාධ කතාපුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපයකි. පසුගිය ජූනි මස තිරගත කිරීම ඇරඹි Baby Driver ප්‍රේක්ෂක ආකර්ෂණය මෙන්ම විචාරක අවධානයද ඉහළින්ම දිනා ගන්නට සමත්වී ඇති විශිෂ්ට සිනමා නිර්මාණයකි.

බේබි හෙවත් මිල්ස්, සිය ජීවනෝපාය අති දක්ෂ රියදුරෙකු ලෙසින් සිය රාජකාරියේ විශිෂ්ටතමයා වීමට තමන්ටම අනන්‍ය වූ සංගීත පටයේ රිද්මය සහය කර ගනියි. දිනෙක ඔහුහට සිය සිහින කුමරිය හමු වේ. මෙතෙක් කාලයක් ගත කළ අනියත ජීවිතය අමතකකර දමා නව පිරිසුදු ජීවිතයක ඇරඹුම දැන් ඔහු අභියස ඇත.

නමුත් මෙතෙක් ගත කළ ජීවිතයේ අඳුරු සෙවනැලි ඔහු පසුපස හඹා එන්නේ, මැර නායකයකුගේ කාර්යයන්ට ඔහු බලහත්කාරයෙන් යොදා ගැනීම හේතුවෙනි. විනාශකාරී බලවේගයන්ට හසුව ඇති මේ තරුණයා සිය ජීවිතය, ආදරය සහ නිදහස රැක ගන්නේ කෙසේ ද?

එඩ්ගා රයිට්ගේ අධ්‍යක්ෂණයෙන් නිරා පාර්ක්, ටිම් බෙවන් සහ එරික් ෆෙල්නර්ගේ නිෂ්පාදනයක් වන Baby Driver අපරාධ කතාපුවතක් ගෙන එන ක්‍රියාදාම චිත්‍රපයකි. පසුගිය ජූනි මස තිරගත කිරීම ඇරඹි Baby Driver ප්‍රේක්ෂක ආකර්ෂණය මෙන්ම විචාරක අවධානයද ඉහළින්ම දිනා ගන්නට සමත්වී ඇති විශිෂ්ට සිනමා නිර්මාණයකි.

අමෙරිකානු ඩොලර් මිලියන 34ක වියදමකින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය මේ දක්වා ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 194කි. මෙහි තරුණ රියදුරා වන බේබිගේ චරිතයට පණ පොවන්නේ, carrie (2013), Divergent  චිත්‍රපටවල රංගනයෙන් දායක වු ඇන්සල් එල්ගෝර්ට් විසිනි. මැර නායකයාගේ චරිතය ප්‍රවීණ නළු කෙවින් ස්පේසි විසින්ද බේබිගේ පෙම්වතිය වන ඩෙබෝරාගේ චරිතය 2015 Cinderella චිත්‍රපටයේ සින්ඩෙරෙල්ලාගේ චරිතය මැවූ ලිලී ජේම්ස් විසින්ද නිරූපණය කරයි. ජෝර්ජියාවේ ඇට්ලන්ටාහිදී මෙහි රූගත කිරීම් සිදු කෙරුණි.

Baby Driver එඩ්ගා රයිට්ගේ හයවැනි සිනමා අධ්‍යක්ෂණය යි. බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යක්ෂවරයකු මෙන්ම තිරරචකයකු මෙන්ම නළුවකු ලෙසින්ද ප්‍රකට ඔහුගේ නිර්මාණ අතර Shaun of the Dead (2004), Hot Fuzz (2007) ~ƒ The World's End (2013) කැපී පෙනේ. The World's End  චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිරරචනය, නිෂ්පාදනය මෙන්ම ඔහු රංගනයෙන්ද දායක වීම විශේෂය.

Baby Driver චිත්‍රපටය IMDb දර්ශකයේ ලකුණු 8.2/10ක් දිනා ගෙන ඇති අතර විචාරක අවධානය යොමු කෙරෙන රොටෙන් ටොමැටෝස්හි සියයට 94ක ලකුණු ප්‍රමාණයක් හිමිකර ගෙන ඇත. රොටෙන් ටොමැටෝස් පොදු විචාරය දක්වා සිටින්නේ, Baby Driver නව්‍ය, ත්‍රාසජනක ක්‍රියාදාමයන්ගෙන් පරිපූර්ණ විශිෂ්ට සංගීත සංයෝජනයකින් යුත් චිත්‍රපටයක් බවයි.

ජේසන් ස්ටැතම් රඟන Transporter  චිත්‍රපට මාලාවට Baby Driver චිත්‍රපටයේ තේමාව බෙහෙවින් සමානකමක් ඇතත් මෙය එම චිත්‍රපට මාලාවට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටින චිත්‍රපටයක් බවද ඇතැමෙක් පවසති.