වර්ෂ 2018 ක්වූ අප්‍රේල් 23 වැනිදා සඳුදා




අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමා කෘතිය ස්වරූප

මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන

ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමා කෘතිය ස්වරූප

එය සිදු විය නොහැකි දෙයකි. නමුත් එසේ සිදු වී ඇත. ඔහුගේ මිනිස් සිරුර ක්‍රමයෙන් කෘමියකු බවට පත්වෙමින් තිබේ. අවසන ඔහු කෘමියකු වූවේය. තම එකම පුතුගේ මේ රූප විපර්යාසය දැක මව වැලපීමට පටන් ගනියි.

එහෙත් ඇගේ කඳුළුවලට පුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට ශක්තියක් නැත. පියා ද කම්පනයට පත්ව ඇත. මේ පවුලේ තවත් දියණියක වෙයි. මේ සිවුදෙනා පෙර ජීවත් වුයේ ඉතාම සතුටිනි.

පුතු ඖෂධ අලෙවිකරුවකු ලෙසට සේවය කළේය. ඒ වැටුපෙන් මුළු පවුලම නඩත්තු විය. පුතුගේ කෘමි වේශය නිසා නැවතත් ඔහුට තම රාජකාරියට යාමට නොහැකි විය. එහෙයින් මේ පවුලට තව නොබෝ කලකින් මහමඟට වැටෙන්නට වේද සැකයකි.

සිය ඖෂධාලයේ සේවය කරන තැනැත්තා නොදන්වා දිගු කලකින් සේවයට නොඒම හේතුවෙන් එම ආයතනයේ අයිතිකරු ඔහුව සොයා නිවසට පැමිණෙයි. තම හිතාදර සේවකයා වෙනුවෙන් දැවැන්ත කෘමියකු දැකීම හේතුවෙන් ඖෂධාලයේ අධිපති බියට පත් වී එම නිවසින් පලා යන්නේ නැවත කෙදිනකවත් ඒ පැත්ත පළාතට නොඑන බව පවසමිනි.

කෘමියකු වුව ද තවමත් මිනිස් සිතැති ඒ අයුරින්ම පවතින බැවින් කෘමි මිනිසා නිවසෙහිම රැඳෙයි. නැගණිය සහ මව නිරන්තරයන් ඔහු අසල රැඳෙයි. මේ අතරතුරදී ඔවුන්ට ජීවත්වීමට මඟක් අවශ්‍ය වෙයි. ඒ ගැටලුවට විසඳුමක් ලෙස මහළු නීතිඥවරුන් තිදෙනෙකුට නිවසෙහි පෙදෙසක් කුලියට දෙයි.

කාලය එලෙස ගලා යයි. කෘමි මිනිසාට කාමරයේම සැඟ වී සිටින්නට නොහැකි වෙයි. ඔහු ක්‍රමයෙන් නිවසෙහි සාලය වෙතට පැමිණෙයි. අවාසනාවකි. නීතිඥයින් තිදෙනා ද එතැනය. මෙතෙක් සඟවාගෙන සිටි රහස එළි වෙයි. නීතිඥවරු කලබල වෙයි. අලුත් මෙහෙකාරියක් ද නිවසෙහි සිටියි. ඇය අතහි ඇති කොස්සකින් කෘමි මිනිසාට වියරුවෙන් මෙන් පහර දෙයි. කෘමියා මිය ඇදෙයි.

විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නවතම සිනමා කෘතිය ගලායන්නේ එකී කතාව ඔස්සේය. ලොව සුප්‍රකට සම්භාව්‍ය කෙටි කතාවක් වන ෆ්රාන්ස් කෆ්කාගේ මෙටමොෆාසිස් ඇසුරෙන් නිර්මාණය වූ එම සිනමා කෘතිය ස්වරූප ලෙසට නම තබා තිබේ. මෙහි අනුවර්තනය එරික් ඉලයප්ආරච්චිගෙනි.