වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 20 වැනිදා සඳුදා




සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව

කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව

අපූර්වට වයස අවුරුදු දහසයකි. නව යොවුන් වියෙහි සුන්දරත්වය විඳීමට අපේක්ෂාවෙන් සිටින ඔහුට විටෙක මහත් වු තනිකමක් දැනෙයි. තමන්ට මව්පියන් ආදරය නැතැයි සිතෙයි. එලෙස වීමට හේතු කාරණ කිහිපයකි. අපූර්වගේ පියා නීතිඥයෙකි. මව බැංකුවක ඉහළ නිලධාරිනියකි. එහෙයින් දෙදෙනාම ගත කරන්නේ අති කාර්යබහුල දිවියකි. ඔවුන් රැකියාවට මුල්තැන දීම හේතුවෙන් අපූර්වට ඔවුන්ගේ ආදරය ලැබෙන්නේ නැත.

ඔහුට බිම්සර නමින් සහෝදරයකු ද වෙයි. බිම්සර ජීවත් වන්නේ තමන්ගේ ලොවකය. පරිගණකය ඔහුගේ ජීවිතයයි. එතැනින් එහා ලොවක් ඇත්නම් ක්‍රීඩාව පමණක්ය. අපූර්ව ක්‍රමයෙන් තමන් මවාගත් සිහින ලොවක ජීවත් වන්නට පටන් ගනියි. ඔහු තමා අවට පවතින සියලු දේ වලට ජීවය ඇතැයි සිතයි.

අපූර්ව ගස් වැල්, තරු, වලාකුළු, පොත්වල අකුරු ආදී දේ සමඟ කතා කිරීමට පටන් ගනියි. ඔහු අමායා නමැති ඇවිදීමට නොහැකි ගැහැනු ළමයකු සිය හොඳම යෙහෙළිය කර ගනියි. සිහින තුළ ජීවත්වන අපූර්වට ඉගෙනීම අප්‍රියජනක වේ. ඔහු පරිසයෙන් ඉගෙන ගන්නා දෙයට ඇලුම් කරයි.

අපූර්ව මෝඩයකු වී බිම්සර උගතකු වේ යැයි බිය ගන්නා අපූර්වගේ මව්පියන් අපූර්ව උගතකු කිරීමේ වෑයමක යෙදෙයි. ඒ නිසාම අපූර්වගේ හැඟීම් තේරුම් ගැනීමට මව්පියන්ට නොහැකි වේ. ඔය අතර අපූර්වට යහළුවකු මුණ ගැසෙයි. ඒ කතන්දර සීයාය. ඔහු වාහන සාදන වැඩපළක සේවය කරයි.

සීයා අපූර්වටත් අමායාටත් දැඩි ලෙස ඇලුම් කරයි. නොහඳුනන විශ්වාස කළ නොහැකි ආගන්තුකයකු බැවින් කතන්දර සීයාට අපූර්වගෙන් ඈත් වෙන ලෙස අපූර්වගේ මව්පියන් දැනුම් දෙයි. සීයා අපූර්ව මුණ නොගැසෙන්න පරිස්සම් වෙයි. යළිත් අපූර්ව තනි වෙයි.

ඒ අතර මව්පියන් අපූර්වව නගරයේ පාසලට ඇතුව කිරීමට තීරණය කරයි. අපූර්වගේ ජීවිතයේ අලුත් පිටවක් පෙරළෙන්නේ එතැන් සිටය. අපූර්වගේ කතාව සිනමා සිතුවමකට රැගෙන එන්නේ සෝමලතා හේරත් මැණිකේය. ඇය එම සිනමාපටයට කතා කරන හීන යනුවෙන් නම තබා තිබේ. සෝමලතාගේ කුලුුඳුල් නිර්මාණය වන එය නිෂ්පාදනය කොට ඇත්තේ ද ඇය විසිනි.

කතා කරන හීන සිනමාපටයේ නළු නිළි පිරිවර

බුද්ධික ජයරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, චන්ද්‍රසෝම බිංදුහේවා, දිනුල් රංසිත්, ආනන්ද අතුකෝරල, මනීෂා ශ්‍යාමලී, අංජන ප්‍රේමරත්න, බුද්ධික කලිඳු, රුබන් ඛාන් රනිල් ප්‍රසාද්, මහින්ද කරුණාරත්න, පුජානි හෙට්ටිආරච්චි, ආර්. සම්පත්, අමායා මියුලැසි, ටිමේෂ් ජනිත්, අදීෂ රත්නායක, යශෝරා හරිෂ්චන්ද්‍ර, කුල්ගෙත්මි නිල්මිධ මෙෂිත් හරිෂ්චන්ද්‍ර, නෙත් වින්සර, මෙති මිහිසර

අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනය - සෝමලතා හේරත් මැණිකේ

කැමරා අධ්‍යක්ෂණය - අජන්ත ඒකනායක

සහාය අධ්‍යක්ෂණය සහ කලා අධ්‍යක්ෂණය -දක්ෂි ප්‍රසංගා

අංග රචනය - ජයන්ත සිරිමාන්න

සහාය - ශනිල් වැලිවිට

විශේෂ දාෂ්‍ය ප්‍රයෝග - සුමේධ පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - සුජිත් මිල්රෝයි, ප්‍රසන්න සංජීව

ගායනය - දිල්ශාන් මල්ෂක, මධුෂිකා ප්‍රනාන්දු, චමල්ක ප්‍රනාන්දු, සම්පත් ගුරුන්නාන්සේ

ගී පද - සෝමලතා හේරත් මැණිකේ

නිෂ්පාදන කළමනාකරණය - ගීත් නිශාන්ත මැල්, හේරත් රත්නින්ද

වර්ණ සංකලනය - ඩිලාන් ගුණවර්ධන