වර්ෂ 2017 ක්වූ සැප්තැම්බර් 19 වැනිදා අඟහරුවාදා




පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3
‘සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව . . .
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද

යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි

ජෝන් සහ මාටින් ගජ මිතුරන් දෙනෙකි. වෘත්තීයෙන් ඔවුන් කනත්තක මුරකරුවන්ය. ආර්ථික ප්‍රශ්න එමට ඇති ජෝන් සහ මාටින් දුකසේ ජීවිතය ගත කරති. දිනෙක රාත්‍රියේ ඔවුන් දෙදෙනා කනත්ත මුර කරද්දී එක්තරා එළියක් පෙනෙයි. ඒ ආලෝකය අමුතුය.

එහෙයින් ජෝන් සහ මාටින් ඒ දෙසට යති. එළිය අතරින් පැමිණෙන දෙදෙනෙකි. රජ ඇඳුමින් ඔවුන් සැරසී ඇත. එහෙයින් ජෝන් සහ මාටින් ඒ දෙදෙනාට නාට්‍යකරුවන් යැයි සිතා බැන වදිති.

ඒ ලෙස පැමිණ තිිබෙන්නේ යමරජු සහ ඔහුගේ සෙනවියාය. ඒ දෙදෙනා කොතරම් තමන් ගැන හඳුන්වා දුන්න ද ජෝන් සහ මාටින් ඔවුන් ගැන සැක කරති.

අවසනදී යම රජ ගිනිජාලා මවමින් ඉන්ද්‍රජාලයක් සිදු කරයි. ජෝන් සහ මාටින් තුෂ්නිම්භූත වෙති. යම රජ ඉදිරියේ වැඳ වැටෙන ඔවුහු ලංකාවට පැමිණියේ ඇයිද යන වග අසති.

එවිට යම රජු පවසන්නේ මේ ගමන ආවේ පංච කල්‍යාණයක් සොයා ගැනීමට බවය. ඒ කාර්යය ඔහු බාර දෙන්නේ ජෝන් සහ මාටින්ටය.

ඒ වෙනුවෙන් මුදල් ඇතුළු සියලු පහසුකම් යමරජු ජෝන් සහ මාටින්ට ලබා දෙති. මේ දෙදෙනා යම රජුට කාන්තාවක් සොයති. ඒ අතර නිල්නයනි නමැති තරුණියක් හමුවෙයි.

ජෝන් සහ මාටින් ඇයට යම රජු ගැන පවසති. මුලදී අකැමැති වුවත් නිල්නයනි පසුව යම රජු හමුවීමට කැමැත්ත ප්‍රකාශ කරයි.

යම රජුගේ මේ කාර්යය හේතුවෙන් ජෝන් සහ මාටින් නිතර නිතර නිල්නයනිව හමුවේ. එහෙයින් ඒ දෙදෙනා නිල්නයනිට ආදරය කරන්නට පටන් ගනිති.

යම රජුගේ කාර්යය අමතක වේ. මේ අතර යම ලෝකයේ සිට යම රජු ජෝන් සහ මාටින්ගෙන් පණිවුඩයක් එනතුරු කල්මරති. යම රජුගේ වෙනස් හැසිරීම හේතුවෙන් යම දේවිය ඔහුව සැක කරයි.

කාරණාව සොයා බලන කළ යම දේවියට ඇත්ත හෙළිවේ. ඇය විශේෂ බලයකින් ලංකාවට පැමිණෙයි. නිල්නයනිව ද සොයා ගනියි. ඇය නිල්නයනිගේ වේශය ගනියි. එතැන් පටන් යම දේවිය සියල්ලන් රවටයි.

සජීව සංකල්ප අධ්‍යක්ෂණය කළ යම රජ සිරි සිනමාපටයේ කතා පුවත ගලා යන්නේ එලසින්ය. වසර ගණනාවකට පසු ටෙනි බන්දු යුවළ එකට රංගනයේ යෙදෙන මෙම සිනමාපටය ප්‍රහසනාත්මක ගණයට වැටෙනා සිනමාපටයකි.

මෙහි ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවන නදීශා හේමමාලිගේ ද පළමු ප්‍රහසන සිනමා සිතුවම වන්නේ ද මෙයයි.