වර්ෂ 2017 ක්වූ අප්‍රේල් 30 වැනිදා ඉරිදා




“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට

 භීෂණයේ අලුත් කතාවක් සිනමාවට

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය තාක්ෂණයෙන්

ගොවිතැන ප්‍රධාන ජීවිකාව කර ගත් පහතරට සුන්දර ගම්මානයකි. එගම වෙසෙන මැණික්හාමි හා පුංචිරාළ යනු යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම්වලට ප්‍රසිද්ධ ඥාති සොහොයුරන් දෙපළකි. පුංචිරාල යනු මැණික්හාමිගේ බාප්පාගේ පුතාය. පිය පක්ෂයේ දේපල පිළිබඳ ආරවුලක දෙදෙනාම සෑහෙන කාලයක සිට පැටලී සිටිති.

මැණික්හාමි පිය පාර්ශවයෙන් පැවත එන සියළු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මනාලෙස උගත් කට්ටඩියෙකි. බිරිය ඇලිස් නෝනාය. ඔවුන්ට සිටින්නේ එකම දියණියකි. ඇය නන්දාවතීය. නන්දාවතීගේ සැමියා වන ආරියපාල මැණික්හාමිලාගේ නිවෙසේ බින්න බැස සිටියි. ඔහු ජීවිකාව ගෙන යන්නේ සිය මාමණ්ඩියගේ ගොවිතැන් හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අත් උදව් දීමෙනි.

පුංචිරාල යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව මැණික්හාමි තරම් උගත් අයෙකු නොවේ. පුංචිරාලට සිටින්නේ දුවෙක් හා පුතෙකි. හැඩි දැඩි අඟපසඟකින් යුතු විමලසිරි වන පුතා තරමක දඩබ්බරයෙකි. දියණිය පියසීලීය. පියසීලීගේ දියණිය වන සුමනා පියකරු, සුකුමාල හත් හැවිරිදි දැරියකි. අට හැවිරිදි පුතා සිරිනිමල්ය. පියසීලිගේ සැමියා හෙවත් සුමනාගේ හා සිරිනිමල්ගේ පියා වනුයේ ජයසෝමය. ඔහු නගරයේ බේකරියක් පවත්වාගෙන යයි. පුංචිරාළගේ මව ද නිවසේ ලැඟුම් ගෙන සිටියි. අනූ වියැති ඇය සෙලෙස්තිනාය. දේපල පිළිබඳ පුංචිරාළ සමඟ නිතර ආරවුල් ඇතිකර ගන්නා මැණික්හාමි තම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් උපයෝගී කරගෙන පුංචිරාළ පරලොව යැවීමට අවසානයේ තීරණය කරයි. කෙම්මුර දිනක තම බෑණනුවන් වන ආරියපාල සමඟ සොහෙන් පිටියකට පිය නඟන මැණික්හාමි අලුත වලදැමූ මළමිනියක් ගොඩට ගෙන මතුරන්නට පටන් ගනී. මැතිරීම අවසානයේ මළමිනියට කෙමෙන් ප්‍රාණය ලැබෙයි. දිව එළියට දැමීමත් සමඟ දිව කඩුවකින් කපා ගන්නා මැනික්හාමි සිහිමුර්ජා තත්ත්වයකට පත් කළ කළු බළලෙකුට එම දිව කන්නට දෙයි. ඒ පිල්ලියකි.

පුංචිරාලට පිල්ලිය හමුවන්නේ කුඹුරකදීය. මැණික්හාමි ආරියපාල සමඟ පුංචිරාලගේ මලගෙදර පැමිණෙන නමුත් පුංචිරාළගේ පුතා වන විමලසිරි ඔවුන් හා දබර කර ගනී. ඉන්පසු මැණික්හාමි මලගෙදරින් පිටවෙන්නේ විමලසිරි ඇතුළු පවුලේ අනෙකුත් අයගෙන් ද කිසියම් දිනෙක පලිගන්නා චේතනාවෙනි. පුංචිරාලගේ මරණයෙන් පසුව වැට මායිම් තම සිතුම් පැතුම් පරිදි වෙනස් කර ගැනීමට මැණික්හාමිට හා ආරියපාලට හැකිවූයේ ඔවුන්ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව පුංචිරාළගේ පවුලේ පිරිසට තිබූ බිය නිසාය.

පියසීලිගේ දියණිය වන සුමනාට සර්පයකු දෂ්ඨ කරන්නේ මේ අතරය. පියසීලී දැරිය රැගෙන දිව යන්නේ ගමේ සිටින එක සර්ප වෙදැදුරු වන මැණික්හාමි වෙතය. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා මැණික්හාමි සිහිමුර්ජා තත්ත්වයෙන් පසුවන සුමනා දැරියගේ ශරිරය තුළට යක්ෂ ආත්මයක් ඇතුළු කර හිසට කටුවක් ද ගසයි. ඒ සමඟම ඔහු පියසීලීට පවසන්නේ තුන් මසක් ගෙවීයනතුරු ඇගේ හිසකෙස් නොපිරිමදින ලෙසත් හිසකෙස් නොකපන ලෙසත්ය.

සුමනා දැරිය සුපුරුදු පරිදි නිවසේ ගත කළත් ඇයට කතා කරන්නට නොහැකි වෙයි. අසාමාන්‍ය ගති ලක්ෂණ වරින්වර ඇය තුළින් මතුවන්නට පටන්ගනී. මැණික්හාමිගේ අභිලාෂය වූයේ සුමනා දැරිය තුළ සිටින යක්ෂාත්මය විසින් බියවැද්දීමෙන් තුන් මසක් තුළදී නිවසේ සිටින සියල්ලන්ම විනාශ වනු දැකීමය. දිනක් දැරිය මරා දමන ලද හාවෙකු ලේ පෙරමින් කන අයුරු දැකීමෙන් බියට පත්වන විමලසිරි ඇය සමීපයට ගොස් බලයි. ඇගේ මුහුණ තුළින් ඔහු දකින්නේ භයංකර යක්ෂයකුගේ මුහුණුවරකි. ඒ අතරම ඇය යක්ෂාවේෂ පිරිමි කටහඬකින් ඇය විමලසිරිට බැන වදියි. මහත් කැලඹීමකට පත්වන විමලසිරි ඒ පිළිබඳව නිවසේ අයට පවසන මුත් ඔවුන් කිසිවකු එය නොපිළිගනී. පසුව විමලසිරි ආරණ්‍යයක වෙසෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්නා ස්වාමීන් වහන්සේ නමක් හමුවේ. ස්වාමීන් වහන්සේ බන්ධනය බිඳ දමන්නට පෙර බලාපොරොත්තු නොවූ මොහොතක යක්ෂ ආත්මය සුමනාගෙන් ගතින් ඉවත්වී දැඩි විනාශයක් කිරීමට මුල පුරයි.

ලබන 7 වැනි දින සිට තිරයට එන බන්ධන මේ පුවතේ අවසානය ඔබට පවසයි.

අධ්‍යක්ෂණය, තිර රචනය, නිෂ්පාදනය – උදයකාන්ත වර්ණසූරිය

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද

සංස්කරණය හා ශබ්ද මිශ්‍රණය - ප්‍රවීන් ජයරත්න

සංගීතය - නදුන් රත්නායක

කලා අධ්‍යක්ෂණය – අරුණ ඩයස්

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

නිෂ්පාදන කළමනාකරු – අශෝක ආරියරත්න

නිශ්චල ඡායාරූප – මහේෂ් නිශාන්ත

ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය

නිෂ්පාදන සහාය – ලතා කුලරත්න,නදුන් රත්නායක, කුමාර වඳුරැස්ස

පිටපත් සම්බන්ධීකරණය හා ප්‍රචාරක කටයුතු – නිහාල් සංජය සෙල් ඉදිරිපත් කිරීමක්

රංගනය - සිරිල් වික්‍රමගේ, හේමාල්රණසිංහ, සුවිනීතා වීරසිංහ, දුලානි අනුරාධා, සහේලි සමරසිංහ, නිල්මිණි තෙන්නකෝන්, රවීන්ද්‍ර යසස්, ලියෝනි කොතලාවල, ප්‍රියංකර රත්නායක, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, සුදම් කටුකිතුලේ, උදයකුමාරි රණසිංහ, ආරියරත්න ගමගේ, රන්ජිත් සිල්වා, කුමාර වඳුරැස්ස, අසංක දේවමිත්‍ර පෙරේරා, නන්ද වික්‍රමගේ, ජයතිස්ස අතුලසිරි, සෝමසිරි කොළඹගේ, රංජිත් රූබසිංහ, සුනෙත් මැල්සිරිපුර, ජානක හාල්පන්දෙනිය, හිමාෂා ද සිල්වා