වර්ෂ 2017 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා

‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා 

සටන්කාමී නළු වසන්ත කුමාරවිල

වසන්ත කුමාරවිල සිනමාවට එක් වනුයේ සටන්කරුවකු ලෙසටය. දෙවනුව ඔහු සටන් නළුවකු බවට පත්වේ. ඉන් නොනැවතුණු වසන්ත සටන් අධ්‍යක්ෂවරයකු වන්නේ අප්‍රතිහත කැපවීම ඔස්සේයි. අනතුරුව ඔහු ප්‍රධාන නළුවකු වෙයි. වර්තමානය වන විට වසන්ත සිනමා නිෂ්පාදකවරයකු වශයෙන් තවත් භූමිකාවකට ඇතුළත් වී සිටියි. ඒ රන් සයුර සිනමාපටය සමඟිනි. එහි ද ප්‍රධාන චරිතය රඟපාන්නේ ද, සටන් අධ්‍යක්ෂණය කරන්නේ ද වසන්තය. එහෙයින් මේ ඉඩ ඔහුටය.

* වසන්ත, කොහොමද රන් සයුර සඳහා ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් සුභදායකයි. සමස්ත ප්‍රේක්ෂකයන් රන් සයුර සිනමාපටය වැළඳගෙන ඇති ආකාරයක් පෙනෙන්ට තියෙනවා. චිත්‍රපටය බලන්නට එන්නේ පවුල් පිටින්. ඉතින් එම දර්ශනයන් දැකීමට නිෂ්පාදකවරකු විදිහට මං පින් කරලා තියෙනවා. මං මේ චිත්‍රපටය හැදුවේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ඒකයි ප්‍රේක්ෂකයන් රන් සයුර හා ළෙංගතු වෙලා තියෙන්නේ.

* රන් සයුර සිනමාපටයේ අන්තර්ගතව ඇත්තේ ධීවර ජනතාව හා බැඳුණු කතාවකි. ඇයි ඔබ නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටය එවන් වූ කතාවක් අනුසාරයෙන් තැනුණේ?

චිත්‍රපටයක් කරන්න ඕන කියලා මං පළමුව කීවේ සුදේශ්ට. ඔහුත් මමත් අතර දැඩි මිත්‍රත්වයක් තියෙනවා. ඒ නිසා තමයි මම රන් සයුර හි අධ්‍යක්ෂවරයා වශයෙන් ඔහුව තෝරා ගත්තේ. සුදේශ් තමයි යෝජනා කළේ අපි වැල්ලේ කතාවක් කරමු කියලා. ධීවර ජනතාව ගැන මුල් වූ සිනමාපට හැදුණේ අඩුවෙන්. ඒ හින්දා මමත් සුදේශ්ගේ කතාවට එකඟ වුණා.

* රන් සයුර නරඹද්දී ඇතැම් අවස්ථාවල එහි කතා සාරයට වඩා පුද්ගල ඉස්මතුවක් පෙනෙන්නට තියෙනවා?

මේ කතාව ප්‍රේක්ෂකයන්ට දෙන්න අපට ඒ චරිත ඒ විදිහටම තියෙන්නට ඕන. එම චරිතයන්හි ඇතුළාන්තය සමඟ කතා කළොත් ප්‍රේක්ෂකයාව ඇද බැඳ තබා ගැනීමට හැකියාව ඇතැයි අප විශ්වාස කළා. ඇතැම් විට පුද්ගල චරිත ඉස්මතු වෙන ආකාරයක් ඔබ දකින්න ඇති. ඒ ඔබට දැනෙන විදිහනෙ.

* ධීවර ජනතාව ගැන රන් සයුර ඔස්්සේ මේ කතා කළ ප්‍රමාණය ඇතිද?

අප මේ කතා කළේ පොඩි සිමාවක් ඇතුළේ ඉඳන්. ඒ සීමාව තුළයි කතාව ගොඩ නැඟුවේ. ධීවර ජනතාව ගැන කතා කරනවා නම් තව කොච්චර නම් දේවල් තියෙනවද කතා කරන්න. නමුත් පැය දෙකක් තුළ ඒක කරන්න අමාරුයි. ප්‍රේක්ෂකයා රස වින්දනයක් ලබා දෙමින් පොඩි කතා පරාසයක් තුළ හැදුණු චිත්‍රපටයක් තමයි රන් සයුර කියලා කියන්නේ.

* රන් සයුර සඳහා යොදාගෙන ඇති හාස්‍යෝත්පාදක දර්ශන අනවශ්‍ය අයුරින් චිත්‍රපටයට ඔබ්බවා තිබෙන ආකාරයක් පෙනෙනවා?

නැහැ. මං හිතන්නේ ඒ දර්ශන ඒ විදිහටම තිබිය යුතුයි. ප්‍රේක්ෂකයාට විඳීම උදෙසායි ඒ දර්ශන ඇතුළත් කළේ. නැත්නම් චිත්‍රපටය බෝරිං වෙනවා.

* ඇයි ඔබ ඔබේ පළමු සිනමා නිෂ්පාදනය අධ්‍යක්ෂණය කිරීමට සුදේශ් වසන්ත පීරිස්ටම බාර කළේ?

මං අර කලින් කිව්වේ සුදේශ් සහ මම දැඩි මිත්‍රයෝ. ඔහුගේ පියාගේ චිත්‍රපටවලත් මං වැඩ කරලා තියෙනවා. සුදේශ්ගේ අදහස් උදහස් මගේ අදහස් උදහස් එක්ක ගැලපෙනවා. එහෙම අයවලුන් එකතු වුණාම වැඩ කරන්න ලෙහෙසියි. සුදේශ්ට පරිබාහිරව වෙන අධ්‍යක්ෂවරයකු ගැන සිතුණෙම නැහැ.

* රන් සයුරහි ප්‍රධාන චරිතය රඟපන්නේ ඔබ?

ඔව්. හැබැයි කලින් මම හිතාගෙන හිටියෙ නැහැ මගේ චිත්‍රපටයේ මං රඟපානවා කියලා. මයිකල් කියලා කියන්නෙ වැල්ලේ ජීවත් වන අසාධාරණයට විරුද්ධ වන අයෙක්. එහෙයින් ඔහුට ප්‍රතිවාදීන් වැඩියි. නිතර ඔවුන් හා ෆයිට් කරන්න වෙනවා. මේ චරිතයට අප ගන්න හිටියේ වෙනත් නළුවෙක්. ඒත් අපට පොඩි ගැටලුවක් ආවා. වෙනත් නළුවකුව මේ සඳහා ගත්තා නම් අපව ලොස්ට් වන්නට තිබුණා.

* ඔබ පැවසූ දේ තවත් පැහැදිලි කළොත්?

මේකෙ සටන් ජවනිකා කිහිපයක්ම තියෙනවනෙ. මට ඒවා සියල්ල අතිශය තාත්ත්විකව සහ බිහිසුණුව කරන්න වුවමනාව තිබුණා. මොකද මගේ චිත්‍රපටයේ සටන් ජවනිකා දැනෙන්නම නොතිබුණොත් මට හොඳ නැහැනෙ. එහෙයින් වෙනත් නළුවකු මේ සඳහා ගත්තා නම් අඩුම තරම් මාස තුනක්වත් ඔහුට සටන් පුහුණුවක් දිය යුතුම වෙනවා. නැත්නම් ඔහුත් ෆේල් චිත්‍රපටයත් ෆේල්. ඔය වෙලාවෙදි තමයි සුදේශ් මට කිව්වේ මයිකල්ගේ චරිතය මට කරන්න කියලා. ගැටලු රැසකට විසඳුමක් වුණා ඒක.

* රන් සයුර නරඹද්දී පේනවා ඔබ සටන් අධ්‍යක්ෂවරයකු විදිහට අභියෝග රැසක් සාර්ථකව ජයගෙන ඇති බවක්. ඒ හින්දම ඇතැම් සටන්වලදී මයිකල් කියන චරිතයට වඩා ඔබ තුළ සිටින සටන් නළුවව මතු වෙනවා?

ඇත්තම කිව්වොත් මට කොහෙත්ම වුවමනා වුණේ නැහැ මං ඉන්න සටන් දර්ශන තුළින් මාව කැපිලා පේන්න. එහෙම තිබුණා නම් තවත් සටන් වැඩි කරන්න තිබුණනෙ. මං මයිකල්ගේ චරිතය බාර ගත්තට පස්සේ චිත්‍රපටයේ තිබුණු එක් සටනක් අයින් කරලත් දැම්මා. චිත්‍රපටයට අනතර්ගත වුණ ෆයිට් ඇත්තම ඒවා වගේ දැනෙන්නට ඇති. ඒකයි ඔබ ඔවැනි ප්‍රශ්නයක් මගෙන් ඇහැව්වේ.

* මයිකල්ගේ ප්‍රතිවාදී චරිතයට එහෙත් නැත්නම් චිත්‍රපටයේ විලන් චරිතයට ඔබ සහ අධ්‍යක්ෂවරයා තෝරාගෙන ඇත්තේ රංගන ප්‍රේමරත්නව. අප ඔහුව මෙවන් වූ චරිත තුළින් දැක ඇත්තේම නැති තරම්.

රංගන අයියව අප ගත්තේ වෙනසක් කිරීමේ අරමුණින්. නිතර ඔහුව දැක තිබෙන රාමුවෙන් මුදවාගෙන වෙනමම රංගනයක් මං ඔහුගෙන් බලාපොරොත්තු වුණා. ඔහු ඊට මනා සාධාරණයක් ඉටු කළා. රංගන අයියට කතා කළ සැනින් ඔහු මේ චරිතයට කැමැති වුණා. ඒ වගේම කොණ්ඩය බූ ගාන්නත් ඔහු සැනින් එකඟ වුණා.

* රන් සයුර රංගනයේ යෙදෙද්දී සිදු වූ අමතකම නොවන සිදුවීම මතකද?

කෝච්චියේ කළ සටන් ජවනිකාව මට අමතක වෙන්නෙ නැහැ. අපි ඒ සඳහා කැමරා හතරක් භාවිත කළා. කාලය කළමනා කරගෙන ඒ දර්ශනය ආරම්භ කළ මොහොතේ සිට අවසානය දක්වා මට කිසිදාක අමතක වෙන්නේ නැහැ.

* මේ වන විට නිෂ්පාදකවරුන් චිත්‍රපට ක්ෂේත්‍රය අතැර යමින් සිටිනවා. එවන් වූ යුගයක ඇයි ඔබ චිත්‍රපට නිෂ්පාදකවරයකු වන්නේ?

චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා ලොකු බලාපොරොත්තුවක් සෑහෙන කාලෙක සිට මගේ හිතේ තිබුණා. ඒක මොන කාලයේ කරනවාද කියලා හිතාගෙන හිටියේ නැහැ. නමුත් මං හිතනවා රන් සයුර හැදුණෙ නියම කාලයේ කියලා. ඔබ කිව්වා වගේ චිත්‍රපට ක්ෂේත්‍රයේ යම් යම් අර්බුද තියෙනවා.

නිෂ්පාදකවරයාව රැක ගැනීමට කාගෙන්වත් කිසිම සහායක් නැහැ. ඒ වගේම චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේදී නිෂ්පාදකවරයා තනි වෙනවා. නමුත් වාසනාවට මට එහෙම වුණේ නැහැ. සුදේශ් මේ මොහාතේදීත් චිත්‍රපටයේ වැඩත් එක්ක මා සමඟ ඉන්නවා. එහෙම බලනකොට මං තමයි වර්තමානයේ බිහි වූ වාසනාවන්තම නිෂ්පාදකවරයා.

* කොතරම් චිත්‍රපටල රඟපාලා සටන් අධ්‍යක්ෂණය කරලා තිබුණත් ඔබව ප්‍රේක්ෂකයා වඩාත් හඳුනා ගත්තේ නිලංජනා ටෙලි සිතුමේ වසන්තගේ චරිතය තුළින්. ඒ හින්දා ඔබට හිතුණෙ නැද්ද රිදී තිරය වෙනුවෙන් නොව පුංචි තිරය වෙනුවෙන් නිෂ්පාදන කටයුත්තක නියැලෙන්න?

ඔබ කිව්වා වගේ මාව ප්‍රේක්ෂකයන් හඳුනා ගත්තේ නිලංජනා නාට්‍යයෙන්. නමුත් මං ආවේ සිනමාවෙන්. ඒ හින්දා මට සිනමාව වෙනුවෙන් තමයි යමක් කරන්න වුවමනාව තිබුණේ, අනික තව දෙයක් කියන්න ඕනෑ. නිලංජනා හි මට වසන්ත කියන චරිතය ලැබුණේ එය අධ්‍යක්ෂණය කළ සුකි ජයරාම් කියන විදෙස් අධ්‍යක්ෂවරයා නිසා. තිලක් අතපත්තුත් සහායට හිටියා. සුකී තදින්ම කියා සිටියා මේ චරිතයට මාවම ඕනෑ කියලා. බැරි වෙලාවත් නිලංජනා මෙරට අධ්‍යක්ෂවරයකු කළා නම් කීයටවත් මාව ගන්නේ නෑ ඒ චරිතයට.