වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය සරුංගල්
නොව පැරණි වන රමණි තරු සටන
අහිමි වූ පෙමක් සොයා යන රශ්මිගේ කතාව විසුරුණු මල් පෙති
ඇමරිකාවේත් සිරවුණු බාස්මතී බ්ලූස්
සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා

වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා

 

කල්යාණ චන්ද්‍රසේකර අධ්‍යක්ෂණයක්
තරංග අතුරලිය සහ ඒ. පාරිස්ටර් නිෂ්පාදනයක්
නීරෝ ෆිල්ම්ස් තුන්වැන්න

දඟකාර යෞවනියන් පස් දෙනෙක් සීතල කඳුකරයට යන්නේ ඔවුන් හදාරන සිනමා පාඨමාලාවේ එක අංගයක් වන චිත්‍රපටයක් නිර්මාණය කිරීමටය.

හිරිගඩු පිපෙන සීතල මීදුම් වලාවේ දිව යන මේ යුවතියන් කඳුකරයට යන්නේ ඔවුන් හදාරන සිනමා පාඨමාලවේ එක් අංගයක් වන චිත්‍රපටයක් නිර්මාණය කිරීමටය.

හිරිගඩු පිපෙන සීතල මීදුම් වාලවේ දිව යන මේ යුවතියන් කඳු මුදුන් සිසාරා යන සේ ගයන්නේ ඔවුන්ගේ විසේකාර තාරුණ්‍යයි.

සීතල මුතු පින්නේ

ගී හඬ රැව් දෙන්නෙ

ආදර හිත පැටලේ

මල්සර හීනයේ . . .

ඒත් ඒ මල්සර හීනය භීෂණයට තුරුලු කරනුයේ එහිදී ඔවුනට හමුවන මධුකාය.

මධුකාගේ හමුවීමත් සමඟම නිරාෂාගේ ගති සිරිත් වෙනස් වෙයි.

එය අන්‍යයන්ට මහත් ප්‍රහේලිකාවකි.

මධුකා, නිරාෂා, මාලි, ප්‍රියා, මාරි, ජිනා ඇතුළු යුවතියන් මුල්වරට හමුවන දර්ශනය රූපගත කිරීම සිදු වූයේ පතන කඳු මුදුනේය.

අවට සීතල මීදුමෙන් වැසෙද්දී අධ්‍යක්ෂ කල්යාණ චන්ද්‍රසේකරගේ උපදෙස් මත කැමරා අධ්‍යක්ෂ ලාල් ඩයස් ඇතුළු කාර්මික ශිල්පීන් යුහුසුලුව දර්ශනය රූපගත කිරීමට සැරසිණ.

මධුකා - මම ඉන්ටර් නැෂනල් එක්ෂිබිසන් එකකට ෆොටෝ ගන්න ආවා. කාර් එක කැඩුණා. ඕගොල්ල අඳුරන ගරාජ් එකක් තියෙනවාද?

නිරාෂා - අපිත් මේ පළාතෙ නෙමෙයි. ෆිල්ම් එකක් කරන්න අපි ආවෙ. අනේ දැන් අපි මොකද කරන්නෙ . . .

මාලි - කාර් එක හදාගන්න නම් ඔයා අපිත් එක්ක ජොයින් වෙන්න.

මධුකා - මම එහෙනම් මමීට කියන්නම් ගරාජ් එකකට කියලා කාර් එක හදවන්න කියලා.

මෙලෙස මධුකා නිරාෂා ඇතුළු පිරිසට වෙද්දී එම දර්ශනය අධ්‍යක්ෂවරයා නිමා කළේ මහත් සතුටෙනි.

දර්ශනයක් සාර්ථකව රූපගත කිරීම අධ්‍යක්ෂවරයාට පමණක් නොව මුළු ශිල්පීන්ටම සතුටකි.

ඒත් එකවර උදාරි පෙරේරා බෙරිහන් දෙන්න වීම කාටත් පුදුමයක් විය.

මොකද මොකද අලියෙක් ද විමතියට පත් කලා අධ්‍යක්ෂ බන්දුල ඇසීය.

ඒත් උදාරිගෙන් එයට පිළිතුරක් නැති අතර ඇය මහත් සේ බිය වී කුඩා දරුවකු මෙන් හඬයි.

මොකද උදාරි. ඒ පැනය ලාල්ගෙනි.

කූඩැල්ලෙක් අත එල්ලිලා... එසේ කියමින් උදාරි උඩ පනිමින් හඬයි. ලාල් සහ කැමරා සහායක ඉන්දික එක් වී උදාරිගේ අතේ එල්ලී සිටි කූඩැල්ලා ඉවත් කළ ද ඇය බොහෝ වේලාවක් හඬමින් සිටින්නට විය.

සිංහල සිනමා වංශ කතාවේ ප්‍රථම වරට කාන්තාවන් පමණක් රඟන ‘සේයා’ කල්යාණ චන්ද්‍රසේකරගේ තුන්වන අධ්‍යක්ෂණයයි. මෙහි ඇති මුළු කාන්තා චරිත ප්‍රමාණය තිස් හයකි.

කාන්තාවන් තිස් හය දෙනකු සමඟ පුරා දින විසි පහක් රූපගත කිරීම ද එසේ මෙසේ කටයුත්තක් නොවේ.

උදාරි කූඩැල්ලන්ට බයයි. මැණික් මියගිය අවතාරයක් ලෙස රඟපෑව ද ඇය හොල්මන්වලට බයයි. සිනෙති රස කෑමට බයයි. එය කෙතරම් ද කිවහොත් දහවල් කෑම වේලාවට ඉන්දික ඇතුළු පිරිස සිනෙතිගේ කෑම බඳුනේ ඇති මස් කෑලි ප්‍රමාණය ගණන් කිරීම ඔවුන්ගේ විනෝදාංශය විය.

මධුකා සහ ක්‍රිෂානි මෙන්ඩිස් ලෙස රඟන මැණික් දර්ශන තලයේ සැමගේ ආදරයට බඳුන් වු යුවතියක් විය. ඇය හැම දෙනා සමඟම ලෙන්ගතුව විහිළු තහලු කරමින් සැමගේ සිත් දිනා ගැනීමට සමත් විය.

කොහොමද මගේ ඇහැ. ඇය එක් ඇසක් පෙන්නමින් අහන්නේ සිනහා වෙමිනි.

අයියෝ අවුල්. ඒ පිළිතුරෙන් මැණික් සැලෙන්නේ නැත. අපි එහෙමනම් අනිත් පැත්තෙන් ගමු.

පිස්සුද මැණික්. ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක තමයි මගේ සේයා ෆිල්ම් එක එළිය කරන්නේ.

අධ්‍යක්ෂ කල්යාණගේ ඒ බටර් පාරට මැණික් සිය සුපුරුදු බක බක ගා සිනහව පායි.

එය සුන්දර දවස් කිහිපයකි. ඒ සුන්දරත්වය වැඩි දියුණු කරන්නේ මල්කි ප්‍රනාන්දුය.

ඇය සේයා චිත්‍රපටයේ රඟපාන්නේ කොමලිගේ චරිතයයි.

ඇය නිරාෂා රාත්‍රියේ වියරු වී ගයන සහ කරන රංගනයෙන් මහත් සේ බිය වේ.

ගිනි දැල් මායාවේ - දැවෙනා හෝරාවේ

අඳුරේ සේයාවේ - යාවිලා දැවටිලා මා ආවේ සැඟවීලා

මේ රෑ යාමේ...

ඇය බිය වී දිව යයි. ඒත් ගසක් ළඟ සිටින ක්‍රිෂාණිගේ සංඥාවකින් ඇය ගස මුදුනට එසවේ.

අනේ බුදු සර් මාව බේර ගන්න. ඇය විලාප තබමින් හඬන්නට වූයේ අවට රූපගත කිරීම් නරඹමින් සිටි අයව ද සිනහා ගන්වමිනි.

ඒත් සේයා චිත්‍රපටයේ ක්‍රියාදාම මෙහෙය වන ටෙඩී විද්‍යාලංකාරගේ උපදෙස් සහ ආරක්ෂාව යටතේ මල්කි එම රූපගත කිරීම නිමා කරන්නට සමත් විය.

සේයා චිත්‍රපටයේ නිමේෂා ලෙස රඟනුයේ නිරෝෂා මෛත්‍රිය. ඇය තම රංගන ජීවිතයේ මහත් ජයග්‍රහණයක් සේයා හි නිමේෂාගේ රංගනයෙන් ලබා ගන්නා බව සැමගේ අදහස විය.

සේයා හි පොලිස් පරික්ෂක වරුණි දිසානායක දිල්හානි ඒකනායකය. එය ඇය ප්‍රථම වරට පොලිස් යුනිෆෝමයක් ඇඳ රඟන අවස්ථාවකි.

දීපානි එක්සිනා නම් අද්භූත රංගනයක යෙදෙනුයේ සුපුරුදු ලෙස ඇගේ පරිණත බව පෙන්වමිනි.

මාරි ලෙස රඟන සෙව්වන්දිත් ප්‍රියා ලෙස රඟන තුෂාරිත් මෙන්ම ෆාතිමා නම් අපූරු චරිතය තුළින් ඉන්දිකාගේ රංගනයත් ප්‍රෙක්ෂකයන්ට කාලයකට අමතක නෙවනු ඇත.

නීරෝ ෆිල්ම්ස් වෙනුවෙන් තරංග අතුරලිය සහ ඒ. පාරිස්ටර් එක්ව නිෂ්පාදනය කරන ‘සේයා’ හි සංගීත අධ්‍යක්ෂණයෙන් සරත් වික්‍රම ද, කැමරා අධ්‍යක්ෂණයෙන් ලාල් ඩයස් ද, කලා අධ්‍යක්ෂණයෙන් බන්දුල වීරසේකර ද, වේෂ නිරූපණයෙන් සංජය නිපුණආරච්චි ද, නැටුම් අධ්‍යක්ෂණයෙන් ඉමල්ක වෙන්රෝයි ද, ගීත රචනයෙන් චන්ද්‍රදාස ප්‍රනාන්දු සමඟ ලක්ෂ්මන් මල්ලවආරච්චි ද, ජින්ජර් සමඟ සිත්රූ පාඨලී සහ මංජුලා සජීවනී ගීත ගායනයෙන් ද, ගුණවර්ධන එදිරිසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, රුවන් කුමාර සහ අමිලගේ නිෂ්පාදන සහයෙන් ද, සම්පත් රත්නායක සහාය අධ්‍යක්ෂණයෙන් ද, ශෂික රුවන්ගේ ශබ්ද සැලසුමෙන් ද, රුවන් චාමර සංස්කරණයෙන් සහ විශේෂ දෘෂ්ඨි ප්‍රයෝගයෙන් ද, කුමුදු ළමාහේවාගේ ඇඳුම් පරිපාලනයට දුලිප් ගුණරත්න කොන්ඩා සැරසීමෙන් ද ඔපවත් වන සේයා නිෂ්චල ඡායාරූප සුජිත් කුරුප්පුගෙනි.

දිල්හානි ඒකනායක, උදාරි පෙරේරා, මැණික් විජේවර්ධන, නිරෝෂා, මෛත්‍රි, දීපානි සිල්වා, ඉන්දිකා සුභසිංහ, සෙව්වන්දි රත්නායක, මල්කි ප්‍රනාන්දු, තුෂාරි වේහැල්ල, සිනෙති අකිලා, ඉසුරි කාන්චනා, මානෙල් වානගුරු, මානෙල් චන්ද්‍රලතා, විශාකා සිරිවර්ධන, රෝමා රෝසි ජයකොඩි, හෙලන් රෙනොල්ඩා, ගයාත්‍රි ඩයස්, ෂෙහාරා, පාරමී, මාධි මිරාල් ඇතුළු නිළියන් තිස් හය දෙනෙක් සේයා සඳහා රංගනයෙන් දායක වේ.

සේයා තිර රචනය සහ අධ්‍යක්ෂණය කල්යාණ චන්ද්‍රසේකරගෙනි.

සේයා කණ්ඩායාම පුරා දින විසිපහක් රූපගත කිරිම් කර රිවස්ටන් කඳු මුදුනින් බැස ආව ද තවමත් ඒ කඳු මුදුන් සිසාරා මීදුම් පටල අතරින් හමා යන්නේ මේ ගී රාවයයි.

රෑ පුරා සිහිනෙන් පවා
මා හදේ සේයාව සේ
වෙන් වී නොයා ළඟ ඉන්නකෝ
සුරතල වදන් පවසන්කෝ
වෙන් වෙන්න නොසිතන්න සුකුමාලියේ . . .