වර්ෂ 2017 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි

ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි

ප්‍රේමය නම් ප්‍රේමණීය ආමන්ත්‍රණයේ අදියුරුවන්

කල්පන හා වින්දන ආරියවංශ

නිතර නිතර මනෝ විද්‍යාව පරිශිලනය කරන්නෙකුට හමුවන සුලබ කරුණක් නම් සෑම සජීවි මිනිසෙකුම ජීවිතේ කිනම් හෝ මොහොතක කිනම් හෝ මානසික රෝගයකින් පෙළෙන බවයි. ඉතිහාසය පුරාම ෆ්‍රොයිඩියානු විශ්ලේෂණ උඩින් පල්ලෙන් විග්‍රහ කළත් කෙනෙකුට ඒ පිළිබඳ විද්‍යාත්මක තත්ත්වයන් අවබෝධ කොට ගත හැක. දියුණුවේ ඉහළම අතු අල්ලන්නට තැත් කරන ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල ස්වභාවයෙන්ම පවතින අනවබෝධය ඉහත කාරණාව දැඩි ලෙස යටපත් කරනු ඇත.

මුල්ලේරියාව යන ස්ථානය ගැන ඉතිහාසය හා බැඳි කතා සිංහලයාට ඇසෙන විට රෝමෝද්ගමනය වන නමුත් වර්තමාන මුල්ලේරියාව ගැන චිත්‍රයක් මනසට එන විටම උද්ගමනය වූ රෝම සියල්ල අවගමනය වෙයි. එය නොදැනුවත්භාවයේ ප්‍රතිඵලයක් මිස වෙන කිසිවක් නොවේ. අංගොඩ ප්‍රදේශයේ මානසික රෝහල පසෙක තිබියදී අනෙක් පස ගොඩ නැගෙන්නේ කර්මාන්ත පුරයකි.

එසේ වූවා යැයි කියා කිසිම සිංහලයෙකුට නැවත රෝමොද්ගමනය වන්නේ නැත. වින්දන හා කල්පන ආරියවංශ සොහොයුරන් මමෝ ව්‍යාධියක් ගැන කතා කරන්නට එන්නේ මෙවන් අවධියකය. එයට මාධ්‍යය වන්නේත් බොහෝ දෙනා අවභාවිත කරන සිනමාව හරහාය. ඔවුන්ගේ ආමන්ත්‍රණයේ ප්‍රබලකම නිසාම ප්‍රේමය නම් වෙත සෑහෙන පිරිසකගේ අවධානය ලක් විය. OCD WpK Obsessive - Compulsive Disorder යනුවෙන් හැඳින්වෙන සුලබ මමෝ ව්‍යාධියත් ගැන ප්‍රේමණීය කතාවක් වන ප්‍රේමය නම් පසුගිය 18 වනදා සිට තිරගතවීම ඇරැඹුණි. 17 වනදා චිත්‍රපටයේ මංගල දර්ශනය මා හට නරඹන්නට යෙදුණේ ද මමෝ ව්‍යාධින් පිළිබඳ වාර්තා කරන මාධ්‍යවේදිනියක ද වන මගේ හිතවතියකගේ මවක සමඟයි.

මෙම O C D එනම් ග්‍රස්ති නියුරෝසියාව යන ව්‍යාධිය කොතරම් දරුණු තත්ත්වයකට මිනිසෙකුව ඇද දමන්නට හැකි ද යන්න මා හඳුනා ගත්තේ ඇය මා සමඟ පැවසූ කතාවක් හේතුවෙනි. මම ඒ කතාව නැවත නොකියමි. කෙසේ වෙතත් දෙසොහොයුරන් සරසවිය හා සම්මුඛ විය. ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශයන්ගේ පුත්‍රයන් දෙදෙනා වන කල්පන හා වින්දන සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුම හා අත්දැකීම් එකතු කොට ගෙන ඇත්තේ කාලාන්තරයක සිටය. අප එකට සම්මුඛ වුව ද චිත්‍රපටය සම්බන්ධයෙන් වඩාත් ක්‍රියාශිලීම ප්‍රකාශකයා වනුයේ වින්දනයි. මේ අප කළ සංවාදයයි.

වින්දන ඔබ ග්‍රස්ති නියුරෝසියාවෙන් පෙලුණු කෙනෙක්. මේ ගැන වැඩිදුරටත් අප සමඟ කතා කරන්න කැමතිද?

කිසිම ප්‍රශ්නයක් නැහැ. කැමති දෙයක් අහන්න.

ඔබ මේ රෝගය ගැන කොතරම් දුරට දැනුවත්ද?

OCD හෙවත් ග්‍රස්ති නියුරෝසියාව කියන්නේ අද ලෝකයේ දක්නට ලැබෙන සුලබම මානසික රෝගය. මේ රෝගයටත් පසුව තමයි Depression එහෙමත් නැත්නම් ආතතිය කියන තත්ත්වය (දෙවනුව) ස්ථානගත වන්නේ. ඒ තරමටම ග්‍රස්ති නියුරෝසියාව සුලබයි. අවුරුදු 16 ත් 25 ත් අතර වයස් සීමාවේ අයට තමයි සමාන්‍යයෙන් මානසික රෝගයක් හටගන්න වැඩිම අවස්්ථාවක් තිබෙන්නේ. අනෙක් කාරණය ග්‍රස්ති නියුරෝසියාව ලෝකයේ කොච්චර මිනිස්සු ගොදුරු වුණත් එයට ප්‍රතිකාර ගන්නේ 10% ක් වගේ ප්‍රමාණයක්. වැදගත්ම කාරණය තමයි ලෝක ජනගහනයෙන් 25% ක් කුමන හෝ මානසික රෝගයක ගොදුරක් කියන එක තහවුරු වෙලා තියෙනවා.

ග්‍රස්ති නියුරෝසියාව සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම කොයි ආකාරයද?

මට වයස අවුරුදු 26 ඉද්දි තමයි මට දැනුණේ මට පාලනය කරන්න බැරි මානසික තත්ත්වයක් තිබෙනවා කියලා. ඒ කාලයේ මම ඇමරිකාවේ හිටියේ. එහේදී මම ඉගෙන ගත්තේ ඉංජිනේරු විද්‍යාව. කොටින්ම කියනවා නම් මම අවුරුදු 10 ක් මේ නිසා දුක් වින්දා.

මේ රෝගය සම්බන්ධ වෙන්නේ පවතින හැසිරීම් රටාවන් සහමුලින්ම වෙනස් වීමකට ලක් වෙනවා. ඔබ මේ සම්බන්ධයෙන් ප්‍රතිකාරවලට යොමු වුණාද?

මේ තත්ත්වයත් එක්ක මම අවුරුදු 10 ක් හිටියා. මාත් එක්ක නිතර ඉන්න පිරිස පවුලේ අය මගේ හැසිරිම් නිසා දුක් වින්දා. ඒ වගේම මම මේ වගේ දේකින් පෙළෙනවයි කියන එක තාත්තට තියෙන කීර්ති නාමයත් එක්ක නිව්ස් එකක් වෙන්න පුළුවන් විත්තිය මම දැනගෙන හිටියා. ඒ නිසා මම හිටියේ අමතර පීඩනයකින්. මම කාලයක්ම ප්‍රතිකාරවලට යොමු වුණා.

ඒ ප්‍රතිකාර ඔබට කොහොමද බලපෑවේ?

මේ රෝගයට සායනික හා චිකිත්සක ප්‍රතිකාර වෙන වෙනම කරනවා. මම වැඩි හරියක්ම යොමු වුණේ චිකිත්සක ප්‍රතිකාරවලට. මගේ මනස උපතින්ම සැකසිලා තිබෙන්නේ විශලේෂණාත්මක විදිහට. මම දෙයක් කවුරුවත් කිව්වට පිළිගන්නේ නැහැ. මම ගැන මගේ හැසිරිම් ගැන මමම විශ්ලේෂණය කළා. කෙසේ වෙතත් කලක් යද්දී මටම තේරුණා මේ චිකිත්සක ප්‍රතිකාර අසාර්ථකයි කියලා. චිකිත්සාව කරන වෙලාවේ මම ඒ කියන දේවල් කළත් ඉන් මත්තට කරන්නේ පරණ දේවල්මයි.

ඔබ වැඩේ අතහැර දැමුවා?

ඔව්. චිකිත්සා අතහැර දැමුවා. නමුත් මම සාර්ථක වුණා. මමම හිතලා මමම මේ හැසිරීම් යටපත් කරලා දැම්මා.

මනෝ විද්‍යාව පිළිබඳ ඔබ සැහෙන පරිශීලනය කරන්න ඇති ඔබ ඒ වෙනුවෙන්?

ඇත්තෙන්ම කිව්වොත් මම ඇමරිකාවේ ඉන්න කාලේ ඉගෙන ගත්ත වැදගත් දෙයක් තමයි නුතන මමෝ විද්‍යාව කියන්නේ. ඒක අප දකින සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ නෙවෙයි. අලුත් දෙයක්. උදාහරණයකට කාලෙකට කළින් සම ලිංගිකත්වය රෝගයක් හැටියට හඳුනා ගත්තට නූතන මමෝ විද්‍යාව පිළිගන්නේ නැහැ ඒක රෝගයක් කියලා. අන්න ඒ වගේ අලුත් තත්ත්වයන් මට දැනගන්න ලැබුණේ ඇමරිකාවෙන්. අඩුම ගානේ ලංකාවේ වෛද්‍යවරුන්ටවත් බැරි වුණා නූතන මනෝ විද්‍යාව ගැන යාවත්කාලීන වෙන්න. සේවය ඉවර වෙලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් දුවන්න වෙලානේ වෛද්‍යවරුන්ට. අපි එහෙම බලාපොරොත්තු වෙන එකත් වැඩක් නැහැ.

ඔබ මුහුණ දුන් තත්ත්වයත් එක්ක චිත්‍රපටයක් කරන්න අදහසක් පහළවීම කදිමයි?

ඇත්තටම ඒක මගේවත් කල්පන අයියාගේවත් අදහසක් නෙවෙයි. තාත්තාගේ තමයි ඒ අදහස. අපි 2000 වසරේ ඉඳන් වගේ සිනමාවට එන්න ඉතා උනන්දුවෙන් හිටියේ. කාලයක් තිස්සේම එක එක කතා පුවත් අපි වැඩි දියුණු කර කර හිටියේ. නමුත් තාත්තාගේ අදහස නිසා මමයි අයියයි මේ කතාව වැඩි දියුණු කරලා පිටපත ලිව්වේ.

ඔබ ඇමරිකාවේ සිටි නිසා සිනමාව ගැන දැනුම අත්දැකීම ගන්න සෑහෙන්න පහසුවක් වෙන්න ඇති නේද?

මම විතරක් නෙවෙයි. කල්පන අයියත් හිටියේ ඇමරිකාවේ. අයියා මට වැඩිය අවුරුදු 3 යි මාස 8 ක් වැඩිමල්. මට කළින් ඔහු තමයි ඇමරිකාවේ ගියේ. මම ඉගෙන ගත්තේ ඉංජිනේරු විද්‍යාව. නමුත් අයියා ඉගෙන ගත්තේ සිනමාව හා නිර්මාණකරණය. ඔහු කොලම්බස් කොලේජ් ඔෆ් ආර්ට් ඇන්ඩ් ඩිසයින් කියන විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. මම කෙන්ටකි විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. නමුත් මම සිනමාව ඉගෙන ගන්න එක අතහැරියේ නැහැ කවදාවත්. වෙලාවකට මටම හිතෙනවා ඇයි මම ඉංජිනේරුවෙක් වෙන්න හැදුවෙ කියලා.

ඔබ දෙදෙනා අයියා මලෝ බව සැබෑවක්. නමුත් අත්දැකීම් ඔබේ. ඔබේ අත්දැකීමත් එක්ක කතාවක් ගොඩ නඟලා ඒකමිතියක් ඇතුව අධ්‍යක්ෂණය කරන ලෙහෙසි පහසු වැඩක් කියලා මම නම් හිතන්නේ නැහැ?

දෙන්නම මේ වැඩේ කරපු නිසා තමයි ඇත්තිටම ලෙහෙසි වුණේ. අපේ අදහස්වල වැඩි වෙනසක් නැති තරම්. විශේෂයෙන්ම චිත්‍රපටය සම්බන්ධයෙන් අපිට තිබුණු අදහස් එක වගෙයි. ඒ නිසා අධ්‍යක්ෂණය කියන දේ අපිට අපහසු කාරණයක් වුණේ නැහැ. කාලෙකට කලින් ඇමරිකාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩ සටහනක් තිබුණා සිනමා විචාරය සම්බන්ධයෙන්. රොජර් ඊබට් හා ජින් සිස්කල් දෙදෙනා තමා මෙහෙයවූවේ. මොවුන් දෙදෙනාම චිත්‍රපටය වෙනුවෙන් එකඟ නම් ‘ටූ තම්බිස් අප්’ එහෙමත් නැත්නම් මහපට ඇඟිල්ල ඔසවා එකඟත්වය පළ කරනවා. අපේ පිළිවෙලත් එහෙම තමා.

ඔබ දෙදෙනාගේ සිනමා නිර්මාණයේ දැක්ක සුවිශේෂී කාරණාවක් තමා මේ මනෝ ව්‍යාධිය ගැන ගැඹුරු විශ්ලේෂණයකට නොයාම?

සත්‍ය කතාවක් සිනමාවට ගේන එකයි, සත්‍ය කතාවක් ඇසුරින් යමක් සිනමාවට ගේන එකෙයි වෙනසක් තියෙනවානේ. මමයි අයියයි කළේ සත්‍ය කතාවක් ඇසුරින් සිනමා නිර්මාණයක් කිරිම. ප්‍රේමය ආදරය කියන දේ කොච්චර දුරකට මේ වගේ ව්‍යාධි තත්ත්වයකට බලපානවද කියන දේ චිත්‍රපටයෙන් කියනවා වගේම මේ වගේ ව්‍යාධි තත්ව ගැන මිනිස්සුන්ට දැනුවත්භාවය දෙන්නයි අපිට උවමනා වුණේ. ඒකට මම හිතන්නේ නැහැ මිනිස්සුන්ට නොතේරෙන මානසික තත්ත්වයක් චිත්‍රපටය හරහා මවන්න ඕනැ යැයි කියලා. මොකද මිනිස්සු ටිකට් එකක් අරන් සිනමා ශාලාවට එන්නෙ මගෙ හැඟීම් විශ්ලේෂණ බලන්න නෙවෙයිනේ.

ඔබ ‘ආදරය ඔසුවක්’ කියන දේ චිත්‍රපටයේ තේමාව හැටියට සලකනවා?

කෙනෙක් මානසික රෝගයකට ගොදුරු වුණාම ඔහුට ඒකෙන් මිදෙන්න අවශ්‍ය වෙන්නේ ආදරය. ඒක ඔහුට හැම තැනින්ම නොඅඩුව ලැබිය යුතුයි. මට ඇති වෙච්ච තත්ත්වය නිසා ඒකේ වැඩිම පිඩාව වින්දේ මගේ බිරිඳ. ඊට පස්සේ පවුලේ අය. යාළුවන්ට ඔප්ෂන් එකක් තිබෙනවා. එකක් ඔවුන්ට මා සමඟ ඉන්න පුළුවන් නැත්නම් මාව දාලා යන්න පුළුවන්. නමුත් ගෙදර අයට එහෙම බැහැ. ඔවුන්ට මා සමඟ ඉන්නම වෙනවා. ඒ ආදරය නිසා තමයි මම එතැනින් ගොඩ ආවේ. ‘ප්‍රේමය නම්’ එහෙම ආදරයක් ගැන කියන්නේ. සමනලියි ශ්‍යාමුයි වෘත්තීය තත්ත්වයට එහා ගිහින් පවුලක අය වගේ වැඩ කළා මේ වෙනුවෙන්.

ඔබේ ඇමරිකන් මිත්‍රයා සෑහෙන වැඩ කෙටසකට දායක වෙනවා නේද චිත්‍රපටයේ?

ජාන් ෂෙන්බර්ගර් කියන්නේ මගේ අයියගේ මිත්‍රයෙක්. ඔහු කැමරාකරණය වගේම වර්ණ සංකලනයටත් අයියාත් එක්ක සංස්කරණයටත් දායක වෙනවා. අයියාට ඔහුව හමු වෙන්නේ විශ්ව විද්‍යාලයේ ඉන්න කොට එකම නේවාසිකාගාරයේ. ඔහු අයියට කියලා තිබුණා ඔයා වැඩක් කරනවා නම් මම නොමිලේම ඒක කරලා දෙනවා කියලා. ඒ අනුව ඔහු ආවා. ජාන් වගේම කල්පන අයියාගේ තවත් මිත්‍රයෝ ගොඩක් ඩිස්නි, පික්සාර් වාගේ තැන්වල වැඩ කරනවා. සම්භාව්‍ය සිනමාව ගැන සෑහෙන උනන්දු කෙනෙක් තමයි ජාන්.

චිත්‍රපටය ගැන කෙසේ වුණත් තරුණ සිනමාකරුවෝ හැටියට ලංකාවේ ප්‍රදර්ශන තත්ත්වය ඔබට සෑහෙන්න බලපාන්න ඇති?

අනිවාර්යයෙන්ම. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ සීමිත සිනමාහල් ගණනක. ඒ වගේම සීමිත කාලයකට. ඕක හරි සරළ කතාවක්. නිර්මාණකරුවෝ නිර්මාණවලින් ඈත් වුණා. මිනිස්සු සිනමාවෙන් ඈත් වුණා. මෙහේ විතරක් නෙවෙයි යුරෝපා සිනමාව කඩා වැටෙන්නත් මූලික හේතුව වුණේ ඕක. යාවත්කාලීන වුණේ නැහැ සමහර දේ.

සිනමා උලෙළවල් සෑහෙන ප්‍රමාණයකට චිත්‍රපටය ගියා?

උලෙළවල් 15 කට ප්‍රේමය නම් අපි ඉදිරිපත් කළා. යාපනය අන්තර් ජාතික සිනමා උලෙළටත් අපි චිත්‍රපටය ඉදිරිපත් කළා. කවදාවත් සිංහල කනට ඇහිලා නැති පරම්පරාවක් එදා ප්‍රේමය නම් බැලුවා. දෙමළ උපසිරැසි නැතත් ඔවුන් මේක බලලා ගොඩක් සංවේදී වුණා.

අන්තිමේදී මට නම් හිතෙන්නේ ඇමරිකාව නිසාම ඔබ මානසික දියුණුවක් වගේම සිනමාත්මක දියුණුවක් ලබාගත්ත බව?

ඇත්ත. අපේ අය බුරුතු පිටින් සිංගප්පූරුවට සංචාරය කළාට ඉන්නේ මහා මුස්පේන්තු මිනිස්සු. මෙලෝ රහක් නැහැ. ජපානේ ගත්තත් වැඩි වෙනසක් නැහැ. ඒත් ඇමරිකාව ඉඳුරාම වෙනස්. අපි බොහෝ දේ ගත්තේ ඇමරිකාවෙන්. අලුත් සිතීමකට අපි විවෘත වුණේ ඇමරිකාවෙන්.