වර්ෂ 2017 ක්වූ ජුනි 29 වැනිදා බ්‍රහස්පතින්දා




ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?

ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?

කුරුණෑගල ප්‍රදේශයේ ඉතා සුන්දර ගමක වෙසෙන නන්දනී සහ සුරේන්ද්‍රගේ සුරතල් දියණිය වූ ශනලි ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහළින් සමත්වේ. එහෙයින් ඇය නගරයේ ජනප්‍රිය පාසලකට යාමට සුදුසුකම් ලබයි.

ඒ හේතුවෙන් ශනලිගේ මව ඉතාම සතුටුවන අතර තරමක නිශ්ශබ්ද චරිතයක් වන ශනලිගේ පියා නගරයේ පාසලකට සිය දියණිය යාම ගැන වැඩි කැමැත්තක් නොදක්වයි. එහෙත් අවසන මවගේ බලකිරීම මත පියාගේ ද කැමැත්ත ලැබෙයි.

ශනලිගේ ගමේ සිටින නගරයේ පාසලට යන තවත් ළමුන් දෙදෙනකු සමඟ නගරයේ පාසලට යයි. ඇය එහි හයවැනි ශ්‍රේණියේ බී පන්තියට ඇතුළත් වන අතර ඇයට සමාන රූපයකින් යුතු කවිෂා එම පන්තියේ ඉතා දක්ෂ ජනප්‍රිය දරුවෙකි.

මාස කිහිපයක් ගෙවී යෑමෙන් පසු ගමෙන් පැමිණි ශනලි ක්‍රමයෙන් සිය දක්ෂතා පෙන්වමින් මෙතෙක් ඉහළින් සිටි කවිෂාගේ මට්ටමටම පැමිණෙයි. තරමක ආඩම්බරකාරියක වන කවීෂා මේ හේතුවන් ශනලි කෙරෙහි වෛර බැඳ ගන්නීය.

දෙසැම්බර් පාසල් නිවාඩුව ආරම්භ වන දිනයේ ළමුන් සියලු දෙනාම ඉතා විනෝදයෙන් පාසල් නිවාඩුව ගත කිරීමට පිටවේ. ශනලි සහ ගමේ සිට පැමිණෙන නිපුනි ද බස් රථය පැමිණෙන තෙක් එම ස්්ථානයේ සිටියි. මේ අතර නිපුනි හදිසියේම පාසල තුළට යයි.

ඒ තමාගේ වතුර බෝතලය අමතක වී ආ බව කියමින්ය. ටික වේලාවක් ගත වෙති. නිපුනි තවමත් නැත. එහෙයින් ශනලි ඇය සෙවීමට පාසලට යයි. ඇයට ශෝධන කාමරයට යාමට අවශ්‍ය වේ. ඇය ඉහළ මාලයේ ඇැති ශෝධන කාමරය තුළට යයි.

එදින පාසල වසන බැවින් සේවිකාවෝ සෑම දොරක්ම පිරික්සා බලා ඒවාට ඉබි යතුරු දමයි. වැරැදීමකින් ශනලි සිටින ශෝධන කාමරයට (wash room) ද ඔවුන් ඉබියතුරු දමයි. ශනලි එතුළ සිරවේ. ශනලිගේ ඉරණම එතැන් පටන් කුමක් වීද.

ටවුමේ ඉස්කෝලේ සිනමාපටය දිග හැරෙන්නේ එකී කතා පුවත සමඟිනි. ළඟදීම තිරගතවීමට නියමිත ටවුමේ ඉස්කෝලේ සුනිල් ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයකි.

ටවුමේ ඉස්කෝලේ නළු නිළි පිරිස

බිමල් ජයකොඩි, තාරුකා වන්නිආරච්චි, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, රොෂාන් පිලපිටිය, සුසිලා කෝට්ටගේ, ජගත් ගලප්පත්ති, දිමුතු චින්තක, චරිත් සේනානායක, ජීවනී නිරූපා, අසංක දේවමිත්‍ර, අනෝජා වීරසේකර, රංජිත් රූබන්, නිලංගනී පෙරේරා, ප්‍රභාෂි පල්ලියගේ (ළමා) මෙලිෂා යෙනුලි (ළමා) යොහානි හංසිකා (ළමා) බිනුර නාගසිංහ (ළමා).

කැමරා අධ්‍යක්ෂ - බුද්ධික මංගල

අංග රචනය - තරංග රුක්මල්වල

කලා අධ්‍යක්ෂණය - සනත් ජානක

සහාය අධ්‍යක්ෂණය - අමිල ප්‍රේමරත්න, දිලුපා වීරසිංහ

නිෂ්පාදන කළමනාකරණය - වසන්ත නිතුල්ගහමුදුන

නිෂ්පාදන සහාය - මහින්ද රත්නායක, ඩබ්ලිව්. එම්. කරුණාරත්න

නිශ්චල ඡායාරූප - උපුල් නිශාන්ත

සංගීත අධ්‍යක්ෂණය - දර්ශන වික්‍රමතුංග

ගායනය - ශෂිකා නිසංසලා, දර්ශන රුවන් දිසානායක, කුමාරි දසනායක, යොහානි මුනුශිකා (ළමා)

ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ, සුසන්ත ධර්මප්‍රිය

වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර

සංස්කරණය - අනුර බණ්ඩාර

නිෂ්පාදනය - ඉයෝන් ෆිල්ම්ස් වෙනුවෙන් - දම්මික අතපත්තු

තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න