වර්ෂ 2017 ක්වූ මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
ෂාරුක් ඛාන්

ෂාරුක් ඛාන් මාව බාල්දු කළා

විමුක්ති ජයසුන්දර හෙළි කරයි

චත්‍රක් විසිහතරවැනිදා ටී.වී දෙරණින් නරඹන්න

කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං සුරංගනා කතාවක් වගේ එකක් කියලා. බප්පාදිත්‍ය බන්දෝපාද්‍යන් කියලා අධ්‍යක්ෂවරයෙක් හිටියා බෙංගාලයේ. ඔහු මගේ ෆේස්බුක් මිත්‍රයෙක්. දවසක් අපි චැට් එකක ඉන්නකොට ඔහු මගේ චිත්‍රපට ගැන විස්තර ඇහුවා. ඒ වන විටත් මගේ චිත්‍රපටයක් බාගෙට නිෂ්පාදනය වෙලා තිබුණේ. ඔහු ක්ෂණිකව කිව්වා ඉන්දියාවට එන්න චිත්‍රපටයක් කරන්න කියලා. කොටින්ම කියනවා නම් දවස් 3 ක් ඇතුළත නිෂ්පාදකයෙකුත් හම්බ වෙලා ඉන්දියාවට එන්න ගුවන් ටිකට් පතකුත් ලැබුණා.

විමුක්ති ජයසුන්දර පසුගිය කාලය තුළ චිත්‍රපට සම්බන්ධයෙන් කොතරම් සක්‍රීය වූවා ද යන්න සිනමා ලෝලයෙකුට පැනයක් විය හැකිය. සම්භාව්‍ය සිනමාවේ සිටින තම වෘත්තීය සගයන් තම සිනමාපට තුළින් කතාබහක් ඇති කර ගනිද්දී කලක සිටම විමුක්ති සිටියේ ගුහාව තුළ හිඳීමේ ප්‍රතිපත්තියකය. ලාංකේය අග්‍රගණ්‍ය සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස් 50 දශකයේ 'රේඛාව' ද රැගෙන ලෝ ප්‍රකට 'කාන්' සිනමා උලෙළට ගිය පසු මීළඟට එම උලෙළ නියෝජනය කළේ විමුක්තිය. ඒ 'සුළඟ එනු පිණිස' ඔහුගේ චිත්‍රපටය සමඟය. ඉන් මත්තට 'අහසින් වැටෙයි', 'සුළඟ ගිනි අරන්', 'චත්‍රක්' නමින් චිත්‍රපට 3 ක් විමුක්ති නිර්මාණය කළත් ලාංකීය සිනමා ලෝලියාට ඒ ගැන අදහසක් ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණේ නැත. ප්‍රේක්ෂක සමූහයාට ඉදිරිපත් නොවූ චිත්‍රපට අතරින් 'චත්‍රක්' චිත්‍රපටයට එක්තරා සුවිශේෂත්වයක් ඇත. එකක් වනුයේ එය විමුක්ති ඉන්දියාවට ගොස් බෙංගාල බසින් කරන ලද ඉන්දීය චිත්‍රපටයක් වීමයි. ඉන්දියාවේදී ප්‍රාන්ත බසකින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ එකම ලාංකික සිනමාකරු විමුක්ති ඉතිහාසයට එක් වෙයි. දෙවනුව එය කාන් උලෙළ නියෝජනය කිරීමට වරම් ලද විමුක්තිගේ දෙවන චිත්‍රපටය වීමයි. මේ සුවිශේෂතා මැද ඔහු ඉන්දියාව තුළදීත් ප්‍රංශයේ කාන් උලෙළ තුළත් නොමඳ ආකර්ෂණයක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව 'චත්‍රක්' ලාංකීය ප්‍රේක්ෂකයාට රූපවාහිනිය ඔස්සේ විවර කරන්නට විමුක්ති කටයුතු සලසා ඇත. එළැඹෙන පෙබරවාරි 24 වැනිදා රාත්‍රී 10.30 ට ටී. වී දෙරණ ඔස්සේ 'චත්‍රක්' විකාශය කරන්නට නියමිතයි. බෙංගාල බසින් 'බිම්මල්' යන අරුත දෙන මේ චිත්‍රපටය ගැන මෙතෙක් විමුක්ති නොකී කතා රැසක් සරසවිය හෙළි කරන්නේ මේ අයුරිනි.

විමුක්ති මට මුලින්ම දැනගන්න අවශ්‍ය චිත්‍රපටයට 'චත්‍රක්' නැත්නම් 'බිම්මල්' කියලා නම දාන්න හේතුව වුණේ මොකක්ද කියලා?

චිත්‍රපටයේ වටපිටාව තනිකරම සැකසෙන්නේ බෙංගාලයේ අගනුවර කොල්කටාය (යටත් විජිත සමයේ කල්කටාව) මත. එක කාරණයක් තමා බිම්මල් එහෙමත් නැත්නම් හතු පිපෙන්න නිශ්චිත වටපිටාවක් අවශ්‍ය නැහැ. ඒවට මුලක් නැහැ. අනෙක් කාරණය කල්කටාව පුරාම හතු පිපෙනවා වගේ හැදෙන මහ ගොඩනැගිලි. ඒකේ ඉවක් බවක් නැහැ. මිනිස්සුන්ගේ පාරම්පරික වාසස්ථාන වගේම විශාල කුඹුරු යායවල් යට කරගෙන තමයි මේ ගොඩනැගිලි හැදෙන්නේ. අනික යම් හතු ජාතියක් තිබෙනවා අමුවෙන් කෑවොත් මත් වෙලා උමතු ගතියට පත් වෙනවා. හරියට ගංජා ගැහුවා වගේ.

ඔබ ඉන්දියාව තුළ 'චත්‍රක්' ප්‍රදර්ශනය කරනවාද?

නැහැ. ඉන්දියාව තුළ කිසිම වාණිජ ප්‍රදර්ශනයක් අපි කළේ නැහැ.

ලාංකීය අධ්‍යක්ෂවරයකුට ඉන්දියාව වගේ දැවැන්ත තැනකින් චිත්‍රපටයක් කරන්න අරාධනා ලැබීම එක්තරා විදිහක විරළ සිදුවීමක්?

ඇත්තෙන්ම ඔව්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක නිකං සුරංගනා කතාවක් වගේ එකක් කියලා. බප්පාදිත්‍ය බන්දෝපාද්‍යන් කියලා අධ්‍යක්ෂවරයෙක් හිටියා බෙංගාලයේ. ඔහු මගේ ෆේස්බුක් මිත්‍රයෙක්. දවසක් අපි චැට් එකක ඉන්නකොට ඔහු මගේ චිත්‍රපට ගැන විස්තර ඇහුවා. ඒ වන විටත් මගේ චිත්‍රපටයක් බාගෙට නිෂ්පාදනය වෙලා තිබුණේ. ඔහු ක්ෂණිකව කිව්වා ඉන්දියාවට එන්න චිත්‍රපටයක් කරන්න කියලා. කොටින්ම කියනවා නම් දවස් 3 ක් ඇතුළත නිෂ්පාදකයෙකුත් හම්බ වෙලා ඉන්දියාවට එන්න ගුවන් ටිකට් පතකුත් ලැබුණා.

ඔබ යන්නේ චිත්‍රපටයටකට වස්තු බිජයක්වත් නොමැතිව, හිස් අතින්?

ඔව්. මම ගියේ කල්කටාවට. ඒ ගිහින් මම කල්කටාවේ සෑහෙන කාලයක් ගත කළා. කල්කටාවේ ඇවිදින්න පුළුවන් හැම තැනකම මම ඔහේ ඇවිද්දා. ඒ ඇවිදින අතරේ මම ශාන්ති නිකේතනනයට පවා ගියා. එහෙම ඇවිදලා මම එහෙදිම පිටපත ලියන්න පටන් ගත්තා.

ඉන්දියාවේ පිරිසක් එක්ක සමීපව වැඩ කරන්න ලැබීම ඔබට අලුත් අත්දැකීමක් වෙන්න ඇති නේද?

ඇත්තනේම ඔව්. විනෝද් ලානොටි තමයි චිත්‍රපටයේ නිෂ්පාදකවරයා. බප්පාදිත්‍යගේ හිතවත්කම මත මොහු තමයි නිෂ්පාදනයට සම්බන්ධ වුණේ. මට මුණගැහුණු බෙංගාලයේ පිරිස හරි අවංකයි. ඔවුන් කලාවටයි කලාකාරයන්ටයි ගොඩක් ගරු කරන පිරිසක්. කොච්චර ගරු කරනවාද කියනවා නම් නිර්මාණාත්මක වැඩවලදී මගේ අදහසකට ප්‍රතිවිරුද්ධ අදහසක්වත් දෙන්න මේ අය ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි මේගොල්ලෝ හරි කම්මැලියි. වෙලාවට වැඩක් කරනවා කියන්නේ මොකක්ද කියලවත් මේගොල්ලෝ දන්නේ නැහැ.

ඕනෑම සම්භාව්‍ය තරුණ සිනමාකරුවෙක් තමන්ගේ මුල් අවධියේ බෙංගාල සිනමාව සමඟ ප්‍රේමයෙන් බැඳීම ස්වභාවිකයි. ඔබත් එසේ ප්‍රේමයෙන් බැඳුණ කෙනෙක්ද?

අනිවාර්යයෙන්ම ඔව්. මම ලෝක සිනමාවට මුලින්ම සම්බන්ධ වෙච්ච තැන තමයි බෙංගාල සිනමාව. සත්‍යජිත් රේ වගේ සිනමාකරුවන්ගේ නිර්මාණ හින්දා තමයි මම සිනමාව ගැන උනන්දු වුණේ.

ඇත්තටම බෙංගාලය මොන වගේ තැනක්ද?

ඒක හරිම සෞන්දර්යාත්මක තැනක්. උදේට නැගිට්ටම මතක් වෙන්නේ අමරදේවයි නන්දා මාලිනීවයි. කොහොමත් කල්කටාව ඉන්දියාවේ පිළිගන්නේ බුද්ධිමතුන්ගේ නගරය කියලා. සියළු කලාවන් මෙහි ගැබ්වෙලා තියෙනවා. සාහිත්‍ය සහ කලාව කියන්නේ බෙංගාලයේ අංක එක.

සමහර ඉන්දීය මාධ්‍ය මේ ප්‍රශ්නය අරගෙන දෙපැත්තට බෙදිලා වාද කරන්න ගත්තා. ඒකට NDTV වගේ විශාල මාධ්‍යයත් හවුල්. සමහර විවාද මාසයක් විතර කාලයක් ඇදගෙන ගියා. ඒ කෙසේ වෙතත් මට පුළුවන් වුණා ඉන්දියවේ ස්වාධීන සිනමාකරුවන් රාශියකට සාර්ථක දොරක් ඇරලා දෙන්න. අද ඔවුන් කාන් උලෙළට යනවා. මට පස්සේ කාන් ගිය අධ්‍යක්ෂවරයා තමයි අනුරාග් කාශ්‍යප් කියන්නේ. බොලිවුඩ් එහෙම වුණාට ඉන්දියවේ අනෙක් ස්වාධීන සිනමාකරුවෝ මා සමඟ ඉතාමත් සුහදයි.

ඔබ ලංකාවෙන් ඉන්දියාවට ගිය පළමු අධ්‍යක්ෂවරයා නොවුණත් ඔබ විශාල අභිමානයක් අත්පත් කර ගන්නවා ඉන්දියාව තුළ?

මට පුළුවන් වෙනවා චත්‍රක් චිත්‍රපටය සමඟ නැවතත් 'කාන්' උලෙළට යන්න. කාන් උලෙලේ 'අධ්‍යක්ෂවරයාගේ දෙසතිය' කියන අංශයෙන් චත්‍රක් තෝර ගත්තා උලෙළ වෙනුවෙන්.

ඔබ ඉන්දියාවට අත්පත් කරලා දෙන නම්බුව සුළු පටු නැහැ?

1977 'ඔකා ඌරි කතා' කියන මිර්නාල් සෙන්ගේ චිත්‍රපටය කාන් උලෙළ නියෝජනය කළායින් අනතුරුව වෙන කිසිම ඉන්දීය චිත්‍රපටයකට කාන් නියෝජනය කරන්න බැරි වුණා. මගේ චිත්‍රපටය තමා ඉන්දියාව වෙනුවෙන් තේරුණේ. ඒක ඉන්දියාවට විශාල ගෞරවයක් වුණා. ඒ වගේම සමහර පිරිසකට ඒක දරාගන්න බැරි වුණා.

මොකක්ද ඒ කතාව?

වෙන රටකින් අධ්‍යක්ෂවරයෙක් ඇවිත් ඉන්දියාව ඇතුළේ වැඩක් කරලා නම්බුවක් උපයලා දීම ගැන බොලිවුඩය හිටියේ නොසතුටින්. බොලිවුඩය බොහොම එකමුතුයි. ඒක මාෆියාවක් වගේ. ඔවුන් කැමති වුණේ නැහැ ලංකාවේ මම ඉන්දියන් චිත්‍රපටයක් අරන් ලෝකය නියෝජනය කරනවට. විශේෂයෙන් කාන් උලෙළේදී ඒ බව මම අත්දැක්කා.

මොකක්ද ඒ සිදුවීම?

කාන් කියන්නේ ප්‍රංශයේ පොඩි නගරයක්. කාන් සිනමා උලෙළත් එක්ක කාන් නගරයේ සංදර්ශන බොහොමයි. සිනමා උලෙළ තිබෙන හැම රාත්‍රියක්ම සැණකෙළි රාත්‍රියක්. සිනමා උලෙළෙත් හැම රාත්‍රියකම සාද තිබෙනවා. මේ එක සාදයකදී මට හමු වුණා ඔය ජනප්‍රියයි කියන බොලිවුඩ් තරු. ඉන්දියාව උලෙළේ කතාබහට ලක්වුණත් ඔය කියන එක්කෙනෙක්වත් මාත් එක්ක භජනෙට ආවේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් ඒ එක්කෙනෙක්වත් මාව සත පහකට ගණන් ගත්තේ නැහැ.

ඉන්දියාව නියෝජනය කළේ ඔබ නම් අර බොලිවුඩ් තරු නියෝජනය කළේ කොහේද?

ඔවුන් එන්නේ ඉන්දියාව නියෝජනය කරන්න නෙවෙයි. කාන් උලෙළට අනුග්‍රහකත්වය දෙන අනුග්‍රහකයන්ව නියෝජනය කරන්න. අනුග්‍රාහකයන්ගේ යම් යම් ප්‍රඩක්ට්ස් වෙනුවෙන් මේ තරු පෙනී හිටිනවා. ඒවා ආවරණය කරන්න ඉන්දියාව ඇතුළු බොහෝ රටවල්වල විලාසිතා සඟරා ආදි මාධ්‍ය එදාට ප්‍රංශයට එනවා. හැම අවුරුද්දකම පාහේ බොලිවුඩ් තරු කාන් උලෙළට එන්නේ ඒ දේ වෙනුවෙන්.

ඔවුන් ඔබේ චිත්‍රපටය නැරැඹුවාද?

කියන්න කණගාටුයි, ඔවුන් ඒක බලන්න ආවෙත් නැහැ. කොටින්ම කියනවා නම් ෂාරුක් ඛාන් එක තැනක කියලා තිබුණා චත්‍රක් අධ්‍යක්ෂණය කළේ බංග්ලා දේශ් කාරයෙක් කියලා. ඔහු බංග්ලාදේශ් කියන වචනෙම පාවිච්චි කළේ මාව බාල්දු කරන්න.

කෙසේ නමුත් ඔබේ චිත්‍රපටය ඉන්දියවේ කතාබහ වෙනඑක නවත්වන්න කාටවත් බැරි වුණා?

සමහර ඉන්දීය මාධ්‍ය මේ ප්‍රශ්නය අරගෙන දෙපැත්තට බෙදිලා වාද කරන්න ගත්තා. ඒකට NDTV වගේ විශාල මාධ්‍යයත් හවුල්. සමහර විවාද මාසයක් විතර කාලයක් ඇදගෙන ගියා. ඒ කෙසේ වෙතත් මට පුළුවන් වුණා ඉන්දියවේ ස්වාධීන සිනමාකරුවන් රාශියකට සාර්ථක දොරක් ඇරලා දෙන්න. අද ඔවුන් කාන් උලෙළට යනවා. මට පස්සේ කාන් ගිය අධ්‍යක්ෂවරයා තමයි අනුරාග් කාශ්‍යප් කියන්නේ. බොලිවුඩ් එහෙම වුණාට ඉන්දියවේ අනෙක් ස්වාධීන සිනමාකරුවෝ මා සමඟ ඉතාමත් සුහදයි.

ඒ සම්බන්ධයෙන් බෙංගාලයේ ප්‍රතිචාරය මොන වගේද?

ඔවුන් විශාල වශයෙන් චිත්‍රපටයට උදව් කළා. මේ වෙනුවෙන් පෙනී හිටියා. අරුන්දති රෝයි වගේ චරිතත් මේ වෙනුවෙන් හඬ නැඟුවා.

කාන් උළෙලෙන් පස්සේ චිත්‍රපටය ලෝකයේ ප්‍රමුඛ සම්මාන උලෙළවල් නියෝජනය ලබා ගත්තා නේද?

ටොරොන්ටෝ, ටෝකියෝ, කොරියවේ සෝල් වගේ විශාල උලෙළවල් සංඛ්‍යාවකට චිත්‍රපටය ගියා.

ඔබ ඒ මොහොතේ චිත්‍රපටය කරන්න ඉන්දියාවට ගියත් ඔබේ කැමරා සගයා වෙන්නේ චන්න දේශප්‍රිය?

ඔව්. චන්න විශිෂ්ට විදිහට චිත්‍රපටයට දායක වෙනවා. ඒ වගේම ස්ලෝවේනියාවේදී චත්‍රක් වෙනුවෙන් හොඳම කැමරා අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් දිනා ගන්නවා.

මම ඔබෙන් අහන්නයි හිටියේ, ක්‍රිකට් කියන්නේ බෙංගාලයේ අංක 1 නෙවෙයිද?

කොහෙත්ම නැහැ. කලාව හා සාහිත්‍ය තමා බෙංගාලයේ අංක 1. ක්‍රිකට් කියන්නේ අංක 2.

මා එසේ ඇසුවේ ලෝකයේ විශාලතම ක්‍රිකට් ක්‍රිඩාංගණය වන ඊඩ්න් ගාර්ඩ්න් පිටිය කල්කටාවේ පිහිටා ඇති පසුබිමකය. විමුක්තිගේ තිරගත නොවූ අනෙක් චිත්‍රපටත් මෙවැනි ආකාරයකින් ප්‍රේක්ෂක සමූහයා වෙත ළඟා විය හැකි බවට යමෙක් බලාපොරොත්තුවක් තබා ගැනීම අසාධාරණ නොවේ.