වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 20 වැනිදා සඳුදා




සුපර් මෑන් මිය ගියාට පස්සේ
මාලිනිගේ සිට අනෝමා දක්වා එතෙර බුහුමන් ලද අපේ රංගනවේදිනියෝ
කඟවේනාට එරෙහිව පෝනි හයදෙනෙක්
සියදිවිනසා ගන්නට පෙර සීමා නෑ ආකාසේ නරඹමු
තෝරගේ වික්‍රමය තෙවැනි වරටත්
බ්‍රිතාන්‍යයේ මිලියන හතක් නැරඹූ ගුඩ් කර්ම රෝහල . . .
විවිධ දෑ සිතන අමුතු තරුණයකුගේ කතාව බහුචිතවාදියා
අජේ දේව්ගන් අවතාරයක් සමඟ අකරතැබ්බ රැසක
ගතට නොව හිතට බේත් දෙන Dr. නවරියන්
තෙල් සායමින් ඇඳි ලොව මුල්ම චිත්‍රපටය Loving Vincent
අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
සරිගම නරඹා විඳ ගත්තෝ

සෝබාව හැංඟූ මේ ලෝ තලේ

සරිගම නරඹා විඳ ගත්තෝ

සිටි සිනමාහලටම කඳුළු පිරුණු දවසක්

“ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙළෙක

මට දැනෙනවා එය අල්ලන හැමවිටෙක

පාට කියා ඇත්නම් ගතියක් මලෙක

අම්මේ අත නොගෑවෙන එක තමයි දුක....”

මා කුඩා කල කියැ වූ සාගර පලන්සූරිය ලියූ ‘සුදෝසුදු’ කවි පන්තියේ මේ කවිය මගේ සිතට නැඟුණේ ඉබේටම ය. ඒ කවදත් මේ කවිය කියවන විට දැනෙන සෝකී හැඟීම වඩාත් මගේ සිතට දැඩිව දැනෙන්නට පටන් ගත් දිනයක් පසුගියදා එළැඹිණි. මේ අපූරු අවස්ථාව උදා වූයේ ගල්කිස්ස සිටි සිනමා ශාලවේදී ය. සිටි සිනමා ශාලාවටද එදා විශේෂ දිනයකි. ඒ සිනමා ශාලාවේ උදේ 8.30ට හා 10.30 දර්ශන කපලා එකක් වීම ය. එසේ ඒ ශාලාව කපලා එකක් වූයේ සුදෝ සුදුට සැරසුණ සුදු කොක්කු රෑනක් වගේ ඇඳ ගත් පාසල් ළමුන්ගෙන් පිරී ඉතිර ගිය බැවිනි. මෙහි වන අනෙක් විශේෂත්ය වන්නේ ඔවුන් අනෙක් පාසල් ළමුන් මෙන් නොව විශේෂ අවශ්‍යතා රැගත් ළමුන් පිරිසක් වීම ය. එලෙස රත්මලාන ඤඥචට චදඤ ඡතඪදඤ විද්‍යාලයේ මේ ළමුන් එක්රොක් වූයේ සිනමා පටයක් නරඹන්නට ය. ඒ මේ දිනවල සාර්ථකව තිරගත වන සෝමරත්න දිසානායකගේ ‘සරිගම’ චිත්‍රපටය නැරැඹීමේ අදහසෙනි.

උදෑසන ම දර්ශනයේදී ඇදුරුතුමිය පෙරටු කර ගත් මේ දරුවෝ පිළිවෙළින් පේළි සැදී එකිනෙකා පසුපස සිනමා ශාලාවට පිවිසියේ සෙමින් සෙමින් ය. අසුන්වල ඉඳගත් පසුව සුපුරුදු ලෙස සිනමා ශාලාවේ චිත්‍රපටය ඇරැඹීමේ සංඥාවත් සමඟ ම මුළු ශාලාව පුරා ම පැතිරුණේ මීයට පිමිබාක් වැනි වූ නිශ්ශබ්දතාවකි. තිරයේ ආරම්භ වූයේ ‘සරිගම’ චිත්‍රපටයේ මරියා ගීතයක් ගයමින් නටන දර්ශන පෙළකිනි. දෙනෙත් නොපෙනුණ ද ඔවුන්ගේ දෙසවන් පූර්ණ ලෙස ම යොමුව තිබුණේ තිරයේ ඇසෙන ශබ්ද උකහා ගැනීමට ය. ඔවුහු ‘සරිගම’ චිත්‍රපටය නැරැඹූ හෝරා කිහිපයේදී සිටියේ කිසිදු හැලහොල්මනක් නැතිවම ය. එහි ගීත ඇසෙන මොහොතක් පාසා ඔවුන්ගේ මුහුණුවල නැඟුණේ සොඳුරු මන්දස්මිතයකි. ඒ මන්දස්මිතය කියාපෑවේ ඔවුන් සැබෑ ලෙස ම ‘සරිගම’ රස විඳීන බවකි. දෙසවන් නොඇසුණා වුවද, යමක් වදනින් කිව නොහැකි වුවද දරු - දැරියන් චිත්‍රපටයට දැක් වූයේ වෙනස් ම ප්‍රතිචාරයකි. ඔවුන්ගේ දෙනෙතට තිරයේ රූපරාමු හසු වුවද ශබ්දය නොඇසුණු බව සැබෑවකි. එහෙත් ඔවුන් තිරයේ පූජා ඇතුළු ළමෝ රඟනා විටත්, ගී ගයමින් නටනා විටත් ඔවුන්ගේ රංගනය රස වින්ඳේ එක ම තාලයකට අත්පුඩි ගසමිනි. වරෙක එහි රැඟූ කුඩා දරුවන් නිසා ඔවුන්ගේ හදවතේ නැඟුණු සොඳුරු අව්‍යාජ සිතුවිල්ල කියාපෑවේ විවිධ වූ ශබ්ද හා සංඥා ඔස්සේ ය. නැතිනම් හඬනඟා නගන සිනහවක ඒ සොඳුරු අව්‍යාජ සිතුවිල්ලේ සැබෑ අරුත ගැබ්ව තිබුණි යැයි මට හැඟිණි. ඒ අතරතුර සුපුරුදු ලෙස චිත්‍රපටයක් නැරැඹීමේදී වරින්වර නැගෙන දුරකතනවල නාදයක් එදින නම් ඇසුණේ ම නැත.

චිත්‍රපටය නැරැඹීමට මේ දරුවන් සමඟ තවත් අමුත්තියක් ද සහභාගිව සිටියා ය. ඒ ‘සරිගම’ චිත්‍රපටයේ මරියාගේ චරිතය රඟන නිළි පූජා උමාශංකර් ය. ‘සරිගම’ චිත්‍රපටය අවසානයේ ඈ මේ දරු- දැරියන් සමඟ සිතූ සිතූ අයුරෙන් කතාබහ කිරීමට අමතක නොකළා ය. ඒ සියලුදෙනා සමඟින් පින්තූර ගැනීමට ද එක්වූයේ අවංකව ඇගේ හදවතේ මේ දරුවන් කෙරේ නැඟි සෙනෙහසයි. ඈ අපට සිහිපත් කළේ ඇගේ සිතේ වන් නිර්ව්‍යාජ, නිහතමානී සොඳුරු ගතිපැවතුම් ය. ඒ නිර්ව්‍යාජත්වය කෙතරම් ද යත් ඕ ඒ සිනමා ශාලාවේ කම්කරු ළඳක සමඟ ද සේයාරුවකට පෙනී සිටියේ ඇයව සිය අතෙන් ම තමා අසලට ළංකර ගනිමිනි.

ඒ වනවිටත් මේ මල්වැනි දරුවන්ට ‘සරිගම’ චිත්‍රපටයේ ගීත කටපාඩම් වී ඇති බවක් පෙනිණි. ඔවුන් එහි ‘සමනලයින් පාට පාට...’ ගීතය ගැයුවේ මියුරු ස්වරයෙනි. මේ ගීතය ගයන්නට ඔවුන් හා එක්වූයේ පූජා ය. සමනල පැටවුන් වැනි මේ ළමුන් අතර දුව පැන ඇවිදිමින් ඈ ඔවුන් සමඟ ගී ගැයුවේ රටක් රාජ්ජයක් ලද්දියක සේ ය. මේ දරු - දැරියන් ඒ ගීතය අවසන් කර ආරම්භ කරන ලද්දේ තවත් ගීතයකි. ඒ ‘කුස - පබා’ චිත්‍රපටයේ ‘ජල ධාරාවේ.... ගීතයයි. ඒ ගායනය කියාපෑවේ මීට පෙර තිරගත වූ ‘කුස - පබා’ චිත්‍රපටයේ ‘ජල ධාරාවේ... ගීතය ඔවුන්ට කට පාඩම් වී තිබුණු බවකි.

ඒ සංවේදී දසුන් එහි සිටි සියල්ලන්ගේ ම නෙතඟට නැං වූයේ කඳුළකි. චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක, නිෂ්පාදිකා රේණුකා බාලසූරිය, සිටි සිනමා ශාලාව අධිපති නිශාන්ත යන සියල්ලන් ම සිය නෙතඟ නැඟි කඳුළක් පිස දමනු මම හොරැහින් බලා සිටියෙමි. සිතට හොරැහින් මගේ නෙතඟට ද නැඟුණේ සතුටු කඳුළකි. ඒ කාරණා දෙකක් නිසා ය.

ඉන් පළමුවැන්න නම් කුමන ගැටලුවක් පැමිණිය ද මේ දරුවන්ට ‘සරිගම’ සිනමා පටය නැරැඹීමට අවස්ථාව සලසා දෙමියැයි සිතුවිල්ලේ සිටි නිශාන්ත මහතා වෙනුවෙනි. ඒ ඔහුගේ මේ ප්‍රයත්නය අගය කළ යුතු අපූරු ක්‍රියාවක් මෙන්ම එවැනි සුන්දර හදවතක් හිමි සිනමා ශාලා හිමියන් තවමත් අපේ සමාජයේ සිටින බව සිහිවීමෙනි. එමෙන්ම සියල්ල ම මිල කරන මෙවැනි සමාජයක එවැනි තීරණයකට උදව් කළ නිෂ්පාදක හා අධ්‍යක්ෂ ද සිහිවීමෙනි. දෙවැන්න නම් එදින ඒ හෝරා කිහිපයේ පූජා සමඟ අසීමිත සතුටක් බුක්ති විඳී ඒ සොඳුරු මල්කැකුළුවල හදවතේ වූ සංවේදී බව සිහිපත් වීමෙනි.

නිෂ්පාදිකා

රේණුකා බාලසූරිය

පසුගියදා ගල්කිස්සේ සිටි සිනමා ශාලාවේදී ‘සරිගම චිත්‍රපටය දර්ශන වාර දෙකක් වෙන්වූයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසකටයි. එහි විදුහල්පතිතුමාගෙන් මා විමසුවේ එවැනි දරුවන් පිරිසකට ‘සරිගම’ චිත්‍රපටය නැරැඹීමට අවස්ථාවක් ලබාදීමට තීරණය කළේ ඇයි යන්නයි. එහිදි ඔහු පැවසුවේ සංගීතාත්මක අත්දැකීම මගේ පාසලේ දරුවන්ට ද ලබාදීමට උවමනා වූ බවයි. ‘සරිගම’ චිත්‍රපටයේදී මෙවැනි කටයුත්තක් සිදු වූයේ පළමු වරට බව කිය යුතුය. ඒ අවස්ථාව සඳහා මමත්, සෝමරත්න දිසානායකත්, පූජාත් සහභාගි වීමු. එහිදි අප දුටුවේ බොහෝ සුන්දරව ගීත ගයන දරුවන් ය. ඔවුන්ට චිත්‍රපට ගීත හොඳීන් මතකයේ රැඳී තිබීම පුදුමයට කරුණකි. ඔවුහු ඔවුන්ගේ භාෂාවෙන් සිය අදහස් අප වෙත සංනිවේදනය කිරීමට ද අමතක නොකළහ. ඒ අදහස්වලින් පැවසුණේ මේ පැය දෙක ඇතුළත ඔවුන් සියලුදෙනා ලැබූ සතුට පිළිබඳ ය. ඔවුන්ගේ දෙනෙතින් වැඟිරණේ කඳුළු කැට කිහිපයකි. ඔවුන් කතාබහ කළේ ඒ සතුට නිසා ඇතිවුණු කඳුළු අතුරෙනි. පූජාගේ පැමිණීම ද ඔවුන්ට සතුට දෙගුණ තෙගුණ වීමට හේතුවක් විය.

 

ගල්කිස්සේ සිටි සිනමා ශාලාවේ අධිපති

නිශාන්ත ප්‍රදීප්

මා සිනමාකරුවකු වන්නේ මාස තුනේ පටන්ම ය. ඒ තාත්තාගේ ව්‍යාපාරය මෙය වූ නිසා ය. ඊට මම ද බෙහෙවින් ආදරය කළෙමි. විශේෂයෙන් ම සිනමාවට මගේ සිතේ තිබුණේ දැඩි ආදරයකි. මා සිනමා ශාලාව නිර්මාණය කරන්නේ මිනිසුන් සතුටු කිරීමට ය. මුදල් ලබාගැනීමට අප සිතන්නේ දෙවනුව ය. මුදල් හම්බ කිරීමට නම් වෙනත් ව්‍යාපාර කිරීමට අපට හැකියාව ඇත. එහෙත් ඒ ව්‍යාපාර මඟින් මුදල් ලැබුණ ද මිනිස්සු සතුටු නොවෙති. ඒ නිසා මෙවැනි ව්‍යාපාරයක නිරත වී සිටින අපගෙන් දෙනෙත නොපෙනෙන හෝ දෙසවන් නොඇසෙන කෙනෙකු ඇසුවහොත් සිනමා පටයක් නැරැඹිය හැකි ද යන්න, ඒ තරම් සතුටක් ඔහුට වෙනත් දෙයකින් නොලැබෙනු ඇත. ඒ සතුට විඳීන්නට පසුගියදා මගේ සිනමා ශාලාවේදී ම මට අවස්ථාව සැලසිණි. ඔවුන් චිත්‍රපටය නරඹන්නට හැකිදැයි ඇසූ අවස්ථාවේ සියල්ලන්ට ම නොමිලේ ‘සරිගම’ චිත්‍රපටය නැරැඹීම සඳහා අවස්ථාව ලබාදීමට මම තීරණය කළෙමි. මා පළමුවෙන් ම කළ යුත්තේ නිෂ්පාදකගෙන් අවසර ගැනීම ය. ඔවුන් මේ අදහසට අවසරය නොදුණහොත් මගේ වියදමින් චිත්‍රපටය පෙන්වීමට මම අදහස් කළෙමි. එනමුදු එසේ අවශ්‍ය වූයේ නැත. ඔවුහු ඒ කටයුත්තට කැමැත්ත පළ කළහ. ඒ අනුව පාසල් දෙකක විශේෂ අවශ්‍යතා ඇති ළමෝ පැමිණ චිත්‍රපටය නරඹා රස වින්ඳහ. ඒ රස විඳීම ම මට සම්මානයක් ලැබුවා හා සමාන ය. සරසවිය සම්මානය ලැබූ මොහොතේ මා ලද සතුටටත් වඩා සතුටක් මේ දරුවන් නිසා මට ලැබිණි. මගේ ජීවිතයේ හොඳ ම දවස වූයේ ද එදා ය.