වර්ෂ 2017 ක්වූ අප්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා

ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා

(ක්‍රිස්ටොෆ් කිසලොව්ස්කි සිනමාකරුවා ගැන සටහනක්)

ක්‍රිස්ටොෆ් කෙසලොව්ස්කි යනු සිනමාවටම පහල වූ අපුර්ව සිනමා කවියෙකි.. හුදු සිනමා නිර්මාණයන් ඉක්මවා යන ඔහුගේ සිනමා රීතිය සැබැවින්ම අති විස්මිත වූවකි . ලොව ජීවත් වන මිනිසාගේ සැබෑ ආත්මය ඉව අල්ලා තනන ලද ඔහුගේ සිනමා කතාන්දර තුලින් වෑහෙන්නේ මිනිසත්බවේ සැබෑ සුවදයි.. ඒ බව ඔහු විසින් නිර්මිත බොහෝ නිර්මාණ විමසීමේදී අපට පසක් වෙයි..

මධ්‍යම යුරෝපයේ ජර්මනියට යාබදව පිහිටි පෝලන්තයේ ජන්මය ලද කෙසලොව්ස්කි ළමා කාලයේ ජීවත් වුවේ විවිධ වු කුඩා නගර වලට මැදිවය. ස්වසන රෝගියකු වු තම පියාට බෙහෙත් හේත් කිරීමට සිදුවීම නිසා ගමින් ගමට නගරයෙන් නගරයට යැවුනු කෙසලොව්ස්කි කුඩා කල සිටම දෙවියන් හා රහස් සම්බන්ධයක් ගොඩ නගා ගත්තකුද වෙයි. එසේ වුවද සිය ජීවිතයේ අනාගත අඩිතාලම කෙසේ විය යුතු දැයි හෙතෙම දැන සිටියේ නැත. 16 වියේදී ගිනි නිවන භටයකු වීමට තැත්කල ඔහු ඉන් මාස කීපයකට පසුව එම පරාසයෙන් ඉවත් කරනු ලබන්නේද අසමත්කම් නිසායි.

අනතුරුව සිය නෑදෑයකු විසින් පවත්වාගෙන ගිය පෝලන්තයේ අගනුවර වන වර්සෝහි නාට්‍ය ආයතනයට යන ඔහු නාට්‍යකරුවකු වීමට සිතයි. එහෙත් එහි දොරකොඩද කෙසලොව්ස්කිට විවර නොවන්නේ නාට්‍යකරුවකු වීමට සම්පුර්ණ කල යුතු සුදුසුකම් නොමැති නිසාමය. ඉන් කම්පාවට පත්වන ඔහු පසුව පෝලන්ත සිනමාව ගැන උගෙනීමට මාන බලයි. ඒ අනුව නාට්‍ය පාසලේ ඇදුම් මහන්නකුව සිටි කෙසලොව්ස්කි පෝලන්ත ලොඩ්ස් සිනමා පාසලට ඉල්ලුම් පතක් යවයි. ඒ අන්කිසි නිසාවක් නොව එකල එම සිනමා පාසලින් ජගත් සිනමාකරුවන් වු රෝමන් පොලොන්ස්කි සහ ඇන්ඩෘ වජිඩා වැන්නවුන් බිහිවීම නිසාය. එහෙත් සිනමා පාසලටද ඇතුළු වීමට ඇවැසි සුදුසුකම් නොලැබීම නිසා කෙසලොව්ස්කිට දෙවරක්ම සිනමා දොරගුළු විවර නොවෙයි. . අනතුරුව යුධමය තත්වය මත කෙසලොව්ස්කිටද යුධයට යාමට සිදුවෙයි. එහෙත් සිනමාවට ඇති ආසාව නිසා යුධ භටයකු වීමෙන් බේරීමට ඔහු කදිම උපායක් යොදා ගනී. ඒ සිය කාය ශක්තිය වැහැරී යන ලෙසට ආහාර ගැනීමයි. යුධ භට පරීක්ෂණයෙන් අසමත් වන ඔහු කෙසේ හෝ තෙවෙනි වර පෝලන්ත සිනමා පාසලේ කඩුල්ල පැන ගනියි.

වසර පහක් තුල සිනමා පාසලෙන් සිනමාවේ සකස්කඩය කියවු කෙසලොව්ස්කි ඉන් අනතුරුව තමා මෙතෙක් මුහුණ දුන් ජීවිත අත්දැකීම් ඇසුරින් විත්ති චිත්‍රපට නිර්මාණයට පිවිසෙයි. . සීතලේ ගැහෙමින් දිළිදු කම නිසාම දුක් විදිමින් මහත් දෝමනස්සයන්ට භාජනය වු පෝලන්ත නගර වැසියන්- කම්කරුවන්- හමුදා භටයින් ගැන කතා කරන ඔහුගේ සිනමා බස සෙමින් සෙමෙන් හිස ඔසවා වැඩෙන්නට පටන් ගනියි. පෝලන්ත දේශපාලඥයින් නිසාම පීඩාවට පත් ජනතාව ගැන කතා කරන මෙම සිනමා පට වලට කදිම නිදසුනක් වන්නේ 1970 දී ඔහු විසින් නිර්මිත – වර්කර්ස්-71- විත්ති චිත්‍රපටයයි.

ඉන් අනතුරුව ඔහු සිය මිනිස් සගයින් ගැන කතා කරන්නට -කර්කියුලම් විටේ- චිත්‍රපටය නිර්මාණය කරයි. එසේ වුවද කෙසලොව්ස්කිගේ විත්ති චිත්‍රපට රැගුම අඛන්ඩව පත්වන්නට ඔහුට පෝලන්ත රජයෙන් අවසර නොලැබෙයි. ඒ අනුව ඔහු සිය ජීවිතයේ ඉතා වැදගත් තිරණයකට එලඹෙයි. ඒ විත්ති චිත්‍රපට තවත් නොසෑදීමටයි. බලධාරීන් සමග හැප්පෙමින් ඉන් උපන් කලකිරීම නිසාම ඔහු එදා ගත් තීරණය ජගත් සිනමා රන් දෙවොලට නව හිරු පායා ඒමක් වෙයි.

විත්ති චිත්‍රපටයට ආයුබෝවන් කියූ අප සිනමා සහෘදයා සිය ජීවිතයේ මංගල සිනමා මල්දම ජගත් සිනමාවට තිලිණ කරන්නේ - 1975 වර්සයේදී - පර්සනල්- චිත්‍රපටයෙනි. මිනිස් ජීවිත සන්තානයේ පවතින අදුරු අහුමුළු කියාපාන මෙම චිත්‍රපටය එම වසරේදී මැන්හයිම් සිනමා උලෙලේදී ප්‍රධාන සම්මානය දිනා ගැනීමට සමත් වෙයි.ඉන් අනතුරැව කෙසලොස්කි විසින් නිර්මාණය කරනුයේ -ද ස්කාර්- චිත්‍රපටයයි. මද වාර්තා ස්වරුපයෙන් නිර්මිත මෙම සිනමා කෘතිය සදහා හෙතෙම බොහෝ විට යොදා ගත්තේ පලපුරුදු රංග ශිල්පීන්නොවේ .. එසේ වුවද එම චිත්‍රපට චිත්‍රපට තුල කෙසලොව්ස්කි විසින් භාවිතා කල සිනමා විධි ක්‍රමයන් අති විශිෂ්ඨ වෙති.

එහෙත් පෝලන්ත සිනමා බලධාරීන්ට ඔහුගේ මෙම සිනමා කෘති දිරවා ගැනීමට අපහසු වු අතර ඔවුන් හුදු දේශපාලන අදහස් කරපින්නා ගෙන මෙම චිත්‍රපට දෙස බලන්නට වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස කෙසලොව්ස්කි විසින් නිර්මිත චිත්‍රපට දේශපාලනය පිලිබදව කතා කලැයි හංවඩු ගැසුනු අතර ඔහුව මහත් සෙයින් විවේචනයටද භාජනය කරන ලදී.ඒ අනුව ඔහුගේ අගනා චිත්‍රපට වාරණයටද ලක් විය.මෙම තත්වය නිසා 1987 දී කෙසලොව්ස්කි විසින් නිර්මිත -බ්ලයින්ඩ් චාන්ස්- සිනමා කෘතිය වසර 06 ක් යනතුරුම තහනමට ලක්විය.

පෝලන්තය තුලින් බිහිවූ දේශපාලන සිනමාකරු ලෙසින් හදුන්වනු ලැබු කෙසලොස්කි පෝලන්තයේ මාෂල් ලෝ නීතිය පැවැති සමයේදී දැඩි ලෙස විවේචනයට භාජනය වු අතර ඔහු වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමද නැවතුණි. එසේ වුවද ඉන් කෙසලොව්ස්කිගේ සිනමා වන්දනාව නතර කරන්නට පෝලන්තයට කිසි විටකින් නොහැකි විය. දෙවියන් විසින්ම දෙන ලද නිර්මාණ ආවේශයෙන් පිරිපුන් මෙම සිනමාකරු සිය ජීවිතයේ හොදම චිත්‍රපට මාලාව සදහා අත් පොත් තබන්නේ තමන් බලවත් ලෙස රජය මගින් විවේචනය කිරීමෙන් අනතුරුවය.

ශුද්ධ වු බයිබලයේ පැරණි ගිවිසුමේ මෝසෙස් තුමන්ට දෙවියන් විසින් ලබා දුන් දස පනත ඇසුරින් සිනමා පට මාලාවක් හදන්නට මුල පුරන මෙම අපුර්ව ඉන්ද්‍රජාලකයා ඒ තුලින් ජගත් සිනමා රන් දොවොල උදෙසා සිය අනගි සම්මාදම ලබා දෙන්නේ ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත සිනමා ලෝලීන්ද අමන්දානන්දයට පත් කරමිනි.

පෝලන්ත රූපවාහිනියට ඩෙකලොග් නමින් ඔහු විසින් චිත්‍රපට මාලාවක් තනන්නේ ඒ අනුවය. දස පණත ඇසුරින් ප්‍රේමය – කාම මිත්තාචාරය නිසා සිදුවන පාපය යන ආගමික සංකල්පය අළලා -ෂෝට් ෆිල්ම් එබවුට් ලව්- නමින් ඔහු අනුවේදනීය සිනමා කෘතියක් නිමවයි.

පෝලන්තයේ වර්සෝ නගරයේ තට්ටු නිවාසයක සිය මිත්තණිය හා වෙසෙන ටොමැක් නම් 19 හැවිරිදි තරුණයකු සහ එම තට්ටු නිවාසයේම පදිංචි වැඩිමහල් කාන්තාවක වන මැග්ඩා අතර දිවෙන අසම්මත ප්‍රේමයේ වෘතාන්තය කියාපාන මෙම චිත්‍රපටය සැබැවින්ම හද සසල කරවන සිතුවමකි. ටොමැක් තමාට නොදැනම තම නිවසේ ඉදිරිපස තට්ටු නිවාසයේ වෙසෙන කාන්තාවකගේ ජිවිතය දෙස හොරුහින් බලන්නට පුරුදු වෙයි. . ඒ අනුව ඇගේ ජිවිතයේ බොහෝ අවස්ථා ඔහු දුර දක්නයක් තුලින් දැක ගනියි. රාත්‍රි කාලයේ ඇගේ නිවසට එන මිනිසුන් හා ඇගේ සබදකම්- ලිංගික ඇසුරු කිරීම්- ඇගේ පින්තාරු කිරීම් - හසුකර ගන්නා ටොමෙක් තුල ඇයට ලංවිමේ ආසාවක් ඇතිවෙයි. ඒ නිසාම තමා රැකියාව කරන තැපැල් හලේ සිට ඇයට කිසිවකු විසින් පාර්සලයක් එවා ඇති ලෙසට ඔහු ලිපියක්ද යවයි. රාත්‍රි කාලයේ ඇයට දුරකථනයෙන් කතා කර ඇය පෙරළා අමතන විට නිහඩව අසා සිටියි. අන් මිනිසුන් ඇයව ලිංගික සංතර්පනය සදහා යොදා ගන්නා විට තරුණ ටොමෙක් තුල ඇය ගැන මතු වන්නේ අධ්‍යාත්මික ආදරයකි.

ඉන් නොනවතින ඔහු ඇයට උදෑසන කිරි බෝතලය සපයන රස්සාවද ලබා ගනියි.සිතින් මේ සුන්දරියට ප්‍රේම කරන ඔහු කිසිවිටෙකත් ඇය හා වැඩි කතා බහට නොයයි. . පසුව මෙම තරුණයා තුල තමා ගැන සැබෑ ආදර සෙනෙහසක් ඇති බව දැන ගන්නා ඇය ඔහුව සිය කාමරයටද ගෙන්වාගනී.ජීවිතයේ ප්‍රථම ලිංගික සන්තර්පණය ඇගෙන් වටහා ගන්නා ටොමෙක් එය දරා ගත නොහැකිව සිය දිවි හානි කර ගැනීමටද තැත් කරයි. එහෙත් අවසානයේ ඔහුගේ ජීවිතය බේරෙන අතර මැග්ඩා ටොමෙක්ගේ නිවස සොයා එයි. .එහිදි ඔහුගේ මිත්තණිය තුලින් ඔහු ගැන මෙතෙක් තමා නුදුටු පැත්තක් ඇය අවබෝධ කර ගනියි. එපමණක් නොව ඇය සිය ජිවිතයේ සැබෑ නිරූපණය තරුණ ටොමෙක්ගේ කාමරයේ ඇති ඔහුගේ දුර දක්නය තුලින්ම දැක ගනියි.

ඩෙකලොග් කතා මාලාව තුලින් මෙසේ බිහිවු -ලව්- යන චිත්‍රපටය සැබැවින්ම අපූර්ව සිනමා වින්දනයක් ගෙන දෙන සැබෑ සිනමා වියමනකි. හුදු සරල රොමැන්ටික් සිනමා කතා රීතිය ඉක්මවා යන මෙම කතා පුවත ප්‍රේමය පිළිබදව අප මෙතෙක් අසා ඇති -දැක ඇති සිනමා පට පරයමින් ප්‍රේමය පිලිබදව වචන සමුදායකින් කිව නොහැකි චමත්කාරජනක හැගුම් සමුදායක් අප සිත්හි පුරවාලයි. රූප රචනය- කැමරාව තුල නළු නිළි භාවිතය- ආලෝකය හා අදුර තුල චරිත මතු කරන මනා රසයෙන් පිරි මෙම චිත්‍රපටය 1988 පෝලන්ත සිනමා උළෙලේ ප්‍රධාන සම්මාන දිනාගත් අතර වෙනිස් සිනමා උළෙලේ සම්භාවනාවටද පාත්‍රවිය.

-කිලිං- චිත්‍රපටයද කෙසලොව්ස්කි විසින් නිර්මිත තවත් මාහැගි සිනමා පටයකි. පෝලන්තයේ වර්සෝ නගරයේ වෙසෙන ලුම්පන් තරුණයකු මුහුණ දෙන අති සංවේදී කතා පුවතක් රැගත් -කිලිං - බයිබලයේ දස පණතේ සදහන් මිනී නොමරව- යන දෙව් වැකියට නව අර්ථ කථනයක් සපයයි.

සිය ජීවිතයේ විදි නේක දුක්ඛ දෝමනස්සයන් නිසා විශාදයට පත් 21 හැවිරිදි තරුණයකු වන ජැක් ලාසර් අතින් හදිසියේ කැබ් රථයක් තුලදී රථ හිමිකරු වන වැල්ඩමර් රෙකොව්ස්කි මිය යයි. .කැබ් රථ රියදුරා සැබැවින්ම යහපත් මිනිසෙකි.ජැක් ලාසර් ගේ ජීවිත පසුබිම බලන විට ඔහුද සිය ජීවන චාරිකාවෙන් බැට කෑම නිසා පීඩිත වූවෙකි.මිනිමැරීම නිසා තරුණ ජැක් ලාසර් සිරගත වන අතර ඔහුව එල්ලා මැරීමට තීරණය කරනු ලබයි. ප්‍රථම වරට නීති විභාගය සමත් වු පයෝට් බැලිස්කි සිය ප්‍රථම නඩුව ලෙසින් එල්ලා මැරීමට නියම වු තරුණයා වෙනුවෙන් පෙනී සිටියි..එය ද ලෙහෙසි කාර්යයක් නොම වෙයි. තරුණයාට විරුද්ධව බලවත් සාක්ෂි පවතින අතර අවසානයේදී ඔහුව එල්ලා මැරීමට නියමිත වෙයි. ඔහු බේරා ගැනීමට නිතීඥයා බොහෝ වෙහෙස මහන්සි වුවද එය සාර්ථක නොවෙයි. ජැක් ලාසර්ගේ එල්ලා මැරීමේ දිනය උදාවෙයි. ඔහු මැරීමට පෙර අවසන් මොහොතේ නීතිඥ බැලිස්කිට ජැක් හා පුද්ගලිකව සාකචිඡාවක් කිරිමට අවස්ථාවක් ලැබෙයි.

එහිදී ඔහුට තරුණයා වෙතින් තමා මෙතෙක් නොඇසූ තොරතුරු අනාවරණය වෙයි. තමා හොදින් ජීවත් වුවද එක්තරා දිනක බීමත් රියදුරකු සිය ට්‍රැක්ටරය තම එකම බාල සහෝදරිය යට කරමින් පැදවු අතර ඉන් ඇය මිය ගිය බවත් ඒ මත තම ජීවිතය වෙනස්ව සියල්ල අහිමි වු බවත් ඔහු මරණ මංචකයේදි පවසයි. . පෙරදි තමා අහිංසකයකු වුවද වත්මන විට ඔහු මිනිමරුවකු වු බැවින් අද දවස වනවිට ජැක් ලාසර් එල්ලා මැරීමට නියමිතව ඇත. ජීවිතයෙන් තව කිසිවක් ඉල්ලා සිටින්නට ඔහුට අවස්ථාවක්ද නැත .එහෙත් අවසානයේ ඔහු ඉල්ලා සිටින්නේ තම පියා ගේ සොහොන ලග සිය මව වෙනුවෙන් තබා ඇති මීනී වල තම මවගෙන් ඉල්ලා එය තමාට ලබා දෙන ලෙසයි. නීතිඥ බැලිස්කි මහත් සංවේගයෙන් යුතුව එම ඉල්ලීම භාර ගනියි. තරුණ ජැක් ලාසර් එල්ලා මරණ ලබයි.

කිලර්- චිත්‍රපටය නැරඹීමම පහසු කාර්යයක් නොමවෙයි. එහි නිර්මිත චරිත මුහුණ දෙන සිදුවීම් -ඉන් අප සිත් සතන් හි ඇති කරන ශෝක භරිත හැගුම් සමුදායන් - චිත්‍රපටය රුප ගත කල පෝලන්ත අගනුවර පවතින අපිරිසිදුභාවයන්- සමස්ත ලෙස ගත්විට මේ සියලු සමුදායන් තුලින් නරඹන්නා තුල ඇතිවන මානසික තලයන් දරා ගැනීම සුළු පටු නොවන්නකි. ජීවිතයේ මරණය යනු කුමක්ද? මිනිසකු මරණයට පත්වීම යනු ඔහුගේ පණ නල නැවැත්වීමම පමණක්ද යන කරුණ මෙහිදී කෙසලොව්ස්කි අපගෙන් ප්‍රශ්ණ කරයි.

පෝලන්ත බලධාරීන් මෙම චිත්‍රපටයට සිය අප්‍රසාදය පල කර අතර ඒ නිසාම නැවත වතාවක් කෙසලොව්ස්කිට දේශපාලන අපවාද වලට මුහුණ දීමට සිදුවීය. එය එතෙක් පෝලන්තයේ පැවති එල්ලා මැරිමේ නිතියට එල්ල කරන ලද මරු පහරක් බදුවිය. පෝලන්තයේ එසේ වුවද – කිලිං- චිත්‍රපටය යුරෝපයේදී ඉහලම ගොරවයට පාත්‍රවිය. 1988 කාන් සිනමා උළෙලේ ජූරියේ සම්මානයෙන් පිදුම් ලද කිලර් එම වසරේ සයිට් ඇන්ඩ් සවුන්ඩ් සිනමා සගරාව මගින් ලොව පසුගිය දශකය තුල බිහිවු හොදම චිත්‍රපට 10 ටද තෝරා ගනු ලැබීය.

-ද ඩබල් ලයිෆ් ඔෆ් වෙරෝනිකා - චිත්‍රපටයද කෙසලොව්ස්කි විසින් නිර්මාණය කරන ලද මා හැගි සිනමා කෘතියකි. එය සිය ජීවිත සිනමා වන්දනාවේදී තම ජන්ම භූමියෙන් පිටතද- පෝලන්තය තුලද නිර්මාණය කල ප්‍රථම චිත්‍රපටය වෙයි. මිනිස් ජීවිතයේ හදුනාගැනීම්- ආදරය- සහ මානව ප්‍රතිභා ඥාන සම්භාරයන් ගැන තේමා කරගත් මෙම චිත්‍රපටය පැතිර යන්නේ පෝලන්තයේත් ප්‍රංශයේත් වෙසෙන එකිනෙකට සමාන වු කාන්තාවන් දෙදෙනකු වන වෙරෝනිකාවන් ගැනයි. එක් තැනැත්තියක් පෝලන්තයේ ගායිකාවක් වන අතර අනෙක් කාන්තාව ප්‍රංශයේ පාසල් සංගීත ගුරුවරියක ලෙස සේවය කරයි. . මෙම කාන්තාවන් දෙදෙනාගේ ජීවන සෞන්දර්ය චාරිකාව තුලින් ලොව මනුදහම පිළිබදව අනියත දහමක් කියාපාන – ද ඩබල් ලයිෆ් ඔෆ් වෙරෝනිකා එක්තරා අන්දමින් බලන කල ජීවන ෆැන්ටසියකි. එය යථාර්ථය ඉක්මවා දිවෙන අතර චිත්‍රපටයට හේතු පාදක වන කතාවේ අරුත මේ යැයි පැවසීමද කිව නොහැකි තරම් සංකීර්ණ වුවකි.. චිත්‍රපටයෙන් මතුවන රූපාවලියද අතිශයින් විස්මිත වුවකි. කෙසලොව්ස්කි සිය ඩෙකලොග්හි අත්හදා බැලූ සිනමා රූපාවලිය මෙහිදී අති මහත් ලෙසින් වර්ධනය වී අපට පෙනෙයි. විවිධ වර්ණ සහ එහි අරුත් මතුකර ගැනීමට විශේෂිත වූ පෙරහන් භාවිතා කරමින් කෙසලොව්ස්කි මතු කරන සිනමාලෝකනය ඔහු අපුර්ව සිනමා ඉන්ද්‍රජාලකයකු බවට කදිම නිදසුන්ය. ඒ බව සාක්ෂාත් කරමින් 1991 වර්ෂයේදී කාන් සිනමා උළෙලේ හොදම නිළිය ලෙස අයිරින් ජේකොබ් ද- කාන් හි ජූරි සම්මානය කෙසලොව්ස්කිටද හිමිවිය..

ඉන් අනතුරුව කෙසලොව්ස්කි විසින් නිර්මාණය කල ත්‍රී කලර්ස් චිත්‍රපට ත්‍රිත්වය ඔහු විසින් මෙතෙක් නිමවූ අගනාම චිත්‍රපට ලෙස බොහෝ විචාරකයින් සලකති. බ්ලූ- වයිට්- රෙඩ්- ලෙසින් නිර්මිත මෙම චිත්‍රපට වලින් ජූලියට් බීනෝචේ රග පෑ - බ්ලූ- චිත්‍රපටයට හිමිවන්නේ ප්‍රධාන තැනකි.

හදිසියේ රිය අනතුරකින් මිය යන සිය සැමියා සහ දියණිය නිසා දුකට පත් බිරිදකගේ සන්තාපයන් කියාපාන – බ්ලූ- ලොව මෙතෙක් වර්ණය යන්න මැනව සංයෝජනය කල අපූර්ව සිනමා වියමනකි. චිත්‍රපටයේ කතා නායිකාව වන ජූලියාගේ හුදෙකලාව නිරූපණය කිරීමට කෙසලොව්ස්කි විසින් එහි එක් කර ඇති සංඛේත බොහෝය. ජූලියා සමීපයෙහි දිස්වන නිල් පැහැති චැන්ඩර්ලියර් ආලෝක ලාම්පුව එහි ප්‍රධාන සංඛේතයකි. . හුදෙකලාවීම තුල නිදහස සොයා ගන්නට කතා නායිකාව සිය ජීවිතය සමග කරන අරගලයේ බොහෝ අවස්ථා තුල මෙම නිල් පැහැති වර්ණය සිනමාකරු විසින් යොදවා ඇති ආකාරය අයස්කාන්තය. එසේම ජූලියා ලෙස රගන ජූලියට් බිනෝඡිගේ රංග ලීලාවෝ කෙසලොව්ස්කි විසින් ලොව සිනමා මන්දාකිණියට එක් කල මහරු තිලිණයකි. ලොව විවිධ රටවල මහා සිනමා උළෙලයන්හි සම්මානයන්ට පාත්‍ර වූ මෙම චිත්‍රපටය 1991 දී වැනිස් සිනමා උළෙලේ විශිෂ්ඨතම සිනමා කෘතියට හිමි සම්මානය දිනාගත් අතර ජුලියට් බිනෝචී එහි හොදම නිළිය ලෙසද සම්භාවනාවට පාත්‍ර වූවාය.

කෙසලොව්ස්කි යනු සැබැවින්ම විශ්ම කර්ම සිනමාකරුවෙකි. මා ඉහත දී ඔහු දෙවිදුන් විසින් අපට තිලිණ කල දායාදයක් ලෙසද හැදින්වුවේ එබැවිනි. ලොව උදෙසා මිල කල නොහැකි අමිල සිනමා පට රැසක් දායාද කල කෙසලොව්ස්කි කිසි විටෙකත් සිය සිනමා වන්දනාව ගැන ප්‍රසන්න වූවේ නම් නැත.. ස්වකීස සිනමා ගමනින් විශ්‍රාම ගන්නට සැරසෙන විට ඔහු කියා සිටියේ ද අරුම පුදුම කියමනකි.

මා සිනමාවේ යෙදී සිටියේ කැමැත්තකින් නොවේ. චිත්‍රපට කිරීම යන්න මට නම් විනෝදාස්වාදය ලබා දුන්නක් නොවිණි . මුළු සිනමා ලෝකය ගැන මා තුල ඇත්තේද පසන් සිතිවිල්ලක් නොවේ . සිනමාකරුවකු වීම යනු ගෞරවාන්විත රැකියාවක් නොවන අතර සපත්තුවක් හැදීම හෝ මැසීම මට නම් වඩා වැඩදායක වූ කරුණකි. එහෙත් මට පෝලන්තයට ගොස් සපතේරුවකු වීමට නොහැකිය. මන්ද මා සපත්තු මැසීමට නොදන්නා බැවිනි.

මෙම ප්‍රකාශයෙන් වසර දෙකකට පසුව හදවතේ ඇතිවු ආබාධයක් නිසා ක්‍රිස්ටොෆ්ස් කෙසලොව්ස්කිට සිය ජීවිතයෙන් සමුගැනීමට සිදුවිය. හෘද ආබාධය නිසා සැත්කමක් කරන විට ඔහුගේ අයස්කාන්ත නෙත් පියවි ගොස් තිබුණි. ලොව දහස් සංඛ්‍යාත සිනමා ලෝලින්ගේ බුද්ධිමය නිමිවලලු පුළුල් කල ඔහුගේ සිහි නුවණ එසැණින් නිරැත්තරව තිබිණ. . ආදරය- කරුණාව -දයාව- මරණය- යන්නෙහි අරුත අපට කියා දුන් සිනමා වනස්පති ඉනික්බිති අප හැර ගොස් තිබිණ .කෙසලොව්ස්කි යනු දෙවිදුන් විසින් අපට දායාද කල අනගි තිළිණයකැයි මම තව වරක් කියමි.