වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා




ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා

එකම දවසේ සම්මාන දෙකක් දිනුවා

ලාල් වීරසිංහ

ලාල් වීරසිංහ කියන්නේ අනූව දශකයේදී සිංහල සිනමාවට පැමිණ ජනප්‍රියත්වයට පත් වූ නළුවෙක්. ‘වැඩ බැරි නම් වැඩක් නෑ’, ‘විජේ සහ අජේ’, ‘රඹා සහ මධූ‘, ‘බොඩිගාර්ඩ්’, ‘සුන්දරයි ආදරේ’, ‘මුතු සළඹ’ වැනි සිනමා නිර්මාණ තම රංගනයෙන් ඔපවත් කළ ලාල් ‘සිංග මචං චාලි‘ චිත්‍රපටය සමඟින් අධ්‍යක්ෂණයටත් පිවිසුණා.

ලාල් කියන්නේ තම සිනමා ගමන ආරම්භයේදීම සරසවියට සම්මානයට පාත්‍ර වූ නළුවෙක්. ඒ විතරක් නෙවෙයි, එකවර සරසවිය සම්මාන දෙකකින්ම පිදුම් ලබන්න ඔහු වාසනාවන්ත වුණා. ඒ 1992 වසරේදීයි. එවර සරසවිය සම්මාන උලෙළේ හොඳම නවක නළුවා වගේම ජනප්‍රිය නවක නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර වුණේ ඔහුයි. එදා ඒ සුන්දර මතකය ඔහු අද යළිත් සිහිපත් කළේ මෙලෙසින්.

* ප්‍රථම රංගනයටම සරසවිය සම්මාන දෙකක් හිමිවීම ගැන මොකද හිතෙන්නේ?

සම්මානයක් කියන්නේ ඇගයීමක්. ඇගයීමක් කිරීමෙන් සිදු වන්නේ ධෛර්යවත් කිරීමක්. ඒ ඔස්සේ සිදුවන දිරිමත් කිරීම කලාකරුවෙකුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. එදා මම නවක නළුවෙක් විදියට සිනමාවට පැමිණිවිට මේ සම්මාන මට විශාල ධෛර්යමත් කිරීමක් වුණා.

ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය විසින් එක සම්මානයකුත් දෙනවක හාමිනේ විසින් අනෙක් සම්මානයත් මට පිරිනැමුවා. එදා මෙදාතුර අපේ රටේ කවුරුත් පිළිගන්නා වටිනාම මෙන්ම පැරණිතම සම්මාන උලෙළ වන්නේ සරසවිය සම්මාන උලෙළයි.

ඒ සමඟින් කලාකරුවෙකු ලබන සම්මාන අතරේ සරසවිය සම්මානය ඉහළින්ම වැජඹෙනවා. මටත් එහි සම්මාන දෙකකටම හිමිකම් කියන්න ලැබීම විශාල සතුටක් වගේම භාග්‍යයක්. එදා සිනමා ක්ෂේත්‍රයට පැමිණි නවකයෙක් විදියට විශාල දිරිමත් කිරීමක් මා ලද සරසවිය සම්මාන ද්විත්වයෙන් මට හිමි වුණා.

* එදා ඇත්තටම සම්මානයක් බලාපොරොත්තු වුණාද?

එහෙම බලාපොරොත්තුවක් නම් තිබුණේ නැහැ. එදා ජනප්‍රිය නළුවා තෝරන්න තිබුණේ කූපන් ක්‍රමයටයි. නමුත් ඒ වෙනුවෙන් මට කූපන් දාන්න කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. මොකද ඒ වෙනකොට ඒ අවුරුද්දේ වැඩිම දින ගණනක් තිරගත වෙලා වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත් වෙලා තිබුණේ මගේ ප්‍රථම රංගන දායකත්වය ලද ‘වැඩ බැරි නම් වැඩක් නෑ’ චිත්‍රපටය යි.

වැඩිම ආදායමක් ලැබුවා කියන්නේ මම ජනප්‍රිය නළුවා කියලා මම හිතුවා. ඒ නිසා ජනප්‍රිය නවක නළුවාට හිම සම්මානය වගේම එහි කළ රංගනයත් නිසා ඔවුන් හොඳම නවක නළුවා සම්මානයටත් මා තෝරා ගන්න ඇති.

* මේ විදියට සම්මානනීය වෙන්න නළු හීනය දැක්කේ කවදාද?

මේ නළු හීනය මම දැක්කේ පොඩි කාලයේ පටන්මයි. ඒ කාලයේ මම ගාමිණි අයියාගේ, විජය අයියාගේ චිත්‍රපට බලලා පික්චර් පිස්සෙක් වෙලා හිටියේ. මං ඒ කාලයේ ‘චණ්ඩියා’ චිත්‍රපටය විතරක් දහතුන්පාරක් නරඹලා තියෙනවා.

‘තුෂාරා’ චිත්‍රපටය දාහත් පාරක් නරඹලා තියෙනවා. ඔවුන් මොන තරම් සුන්දර මිනිස්සුද? තරු ගුණය ඉහළින්ම තිබුණා. ඔවුන්ගේ නිර්මාණ සමඟින් මමත් නළුවෙක් වෙන්න හීන දැක්කා.

නළුවෙක් වෙන්න ආභාෂයක් තිබිය යුතුයි කියන හැඟීම මගේ හිතේ තිබුණා. අපේ සිනමාවේ ගාමිණි, විජය අයියලා වගේම හොලිවුඩයේ රිචඩ් ගියර්, වොරන් බෙටී වගේ රඟපාන්න ඕනි කියලා හිතුවා.

* ඒ කාලයේ නළුවෙක් වෙන එක ලෙහෙසි පහසු දෙයක් වුණාද?

අපෝ කොහෙත්ම නැහැ. මම පොඩි කාලේ පටන් අධ්‍යක්ෂවරු පස්සේ ගියා. ඇතැම් අයගේ ගෙවල්වලට ගිහින් මට රඟපාන්න අවස්ථාවක් දෙනකල් බලාගෙන ඉන්නවා. කේ. ඩබ්ලිව් පෙරේරා මහත්තයාගේ ගෙදර ගිහින් වාඩිවෙලා හිටියා මතකයි.

විජය නන්දසිරි මහත්තයත් ඒ කාලයේ ප්‍රසිද්ධ නළුවෙක්. මට රඟපාන්න චාන්ස් එකක් අරගෙන දෙන්න කියලා ඉල්ලමින් එයාගේ ගෙදරටත් නිතර යනවා.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා හොයාගෙනත් යනවා. එතකොට මගේ වයස අවුරුදු දහතුනක් විතර ඇති. ප්‍රවීණ සිනමාකරු අමරනාත් ජයතිලක මහත්තයා තමයි මට සිනමාවට එන්න පාර පෙන්නුවේ. මගේ ගුරුවරයා වන්නෙත් එතුමා.

රඟපෑම ඉගෙන ගන්න කියලා මට උපදෙස් දුන්නෙත් එතුමා. ඒ අනුව තමයි මම රඟපෑම හදාරන්න ඉන්දියාවට ගියේ. නැවත පැමිණි පසු සරසවිය ඇතුළු සියලුම මාධ්‍ය මට හොඳ සහයෝගයක් දුන්නා. නිෂ්පාදකවරු මා සොයාගෙන පැමිණියේ ඒ ප්‍රචාරය ඔස්සේ තමයි. ඒ නිසා ‘වැඩ බැරි නම් වැඩක් නෑ’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙන්න මට අවස්ථාව ලැබුණා.

* ‘වැඩ බැරි නම් වැඩක් නෑ’ චිත්‍රපටයේ අත්දැකීම් ගැනත් සිහිපත් කරමු?

ඒ ගැන කියනවා නම්, දහසක් කම්කටුළු මත තමයි චිත්‍රපටය වැඩ අවසන් කළේ කිව්වොත් වඩා නිවැරදියි. මුළු චිත්‍රපටයම අමතක නොවන සිදුවීමක්. නිෂ්පාදකවරු මා සොයා ගෙන ආවේ එක අධ්‍යක්ෂවරයෙක් සමඟින්.

පසුව ඔවුන් අධ්‍යක්ෂවරයෙක් හොයන වගකීමත් මටම භාර දුන්නා. ඊට පස්සේ අධ්‍යක්ෂණය මගේ හිතවත් මාධ්‍යවේදියෙකුට භාර දුන්නා. එතුමා සියයට හැත්තැවක් විතර රූගත කිරීම් අවසන් කළා. කොහොම හරි එතැනදීත් නෙගටිව් පටි ගිනි තියන තැනට ආවාම මේ ප්‍රශ්නය විසඳන්න මම ඉදිරිපත් වුණා.

ඒ වෙනකොට සහය අධ්‍යක්ෂවරයෙක් ව සිටි උපාලි පියරත්නට ඉතිරි වැඩ කොටස නිම කරන්න භාර දුන්නා. ඔන්න දැන් සංස්කරණය කෙරෙන තැන වැඩේ හිර වෙලා. මමම ගිහින් සංස්කාරවරයා කැඳවාගෙන එනවා. අවසානයේදී මේ චිත්‍රපටය එළියට දාන්න උවමනාව තිබුණේ මට විතරයි. කොහොම හරි මගේ වාසනාවට චිත්‍රපටය තිරගත කෙරුණා. දින සියය පසු කළා. මොන ප්‍රශ්න තිබුණත් ‘වැඩ බැරි නම් වැඩක් නෑ’ චිත්‍රපටය වාණිජ තින් සාර්ථක වුණා.

* ජනප්‍රියත්වය එක්ක තරුණියන්ගේ ප්‍රතිචාර එහෙමත් නොඅඩුව ලැබෙන්න ඇති?

අපෝ ඒ ගැන නම් අමුතු වෙන් කියන්න දෙයක් නැහැ. මම නළුවෙක් වෙන්න කලිනුත් තරුණියන්ගේ ප්‍රතිචාරවල අඩුවක් වුණේ නැහැ. නළුවෙක් ලෙසින් ජනප්‍රිය වුණාම ඒක වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. හෙටටත් වෙනසක් වෙන එකක් නැහැ.

* ජනප්‍රියත්වය ඉහළින් ලැබුණත් ඔබ සිනමාවන් දුරස් වෙලා වගේ නේද?

මගේ ප්‍රථම රංගනයෙන්ම සරසවිය සම්මාන දෙකක් හිමිවීම මට ලොකු සතුටක් වුණා. ඒ වගේම වාසනාවක්. නමුත් අවාසනාවකට වගේ ඒ යුගයේ එක එක අධ්‍යක්ෂවරුන්ගේ කල්ලි තිබුණා. ඉතින් මම මේ එක කල්ලියකටවත් අහු වුණේ නැහැ. මට රඟපාන්න හැකියාව තිබුණත් මම ඉන්දියාවට ගිහින් ඉගෙන ආවත් ඒකේ වෙනසක් වුණේ නැහැ.

අනිත් කාරණය තමයි ඒ කාලයේ බොහෝ චිත්‍රපට කෙරුණේ පස්සේ දෙන්නම් සල්ලිවලට. ඒත් එක්කම පොඩි පොඩි ගණන්වලට රඟපාන තත්ත්වයකුත් ඇති වෙලා තිබුණා. ‍

ඉතින් මේ කල්ලිවලට නැති නිසාත් පොඩි පොඩි ගණන්වලට අකමැති නිසාත් මට ලැබෙන චිත්‍රපට ප්‍රමාණය අඩු වුණා. හැබැයි මම දායක වුණු හැම චිත්‍රපටයක්ම වගේ මුදල් අතින් අති සාර්ථක වුණා.

ඒ නිසා මට බයිස්කෝප් නළුවෙක් විදියට ලේබල් ගැහුණා. සම්භාව්‍ය අධ්‍යක්ෂවරුන්ට මාව දිරවන්නේ නැතුව ගියා. කාලයත් එක්ක සිදුවුණු කලකිරෙන සිදුවීම් එක්ක මට සිනමාවෙන් දුරස් වෙන්න සිදු වුණා.

සිනමාවෙන් දුරස් වුණු මම මගේ ව්‍යාපාර දියුණු කරන්න කාලය කැප කළා. කාලයත් එක්ක මම ගොඩක් කල්පනා කළා. ලාල් වීරසිංහ කියන නම මට ලැබුණේ සිනමාවෙන්. සිනමාව කියන්නේ මගේ ජීවිතය.

ඒ නිසා ආයෙමත් රඟපාන්න ඕනේ කියලා මං හිතුවා. ‘සිංග මචං චාලි‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරුණේ ඒ නිසයි. ලබන අවුරුද්දේ විතර නැවතත් චිත්‍රපටයක් කරන්න හිතාගෙන ඉන්නවා. එදාට මම කළු චරිතයකින් ප්‍රේක්ෂකයන් හමු වෙන්නත් පුළුවන්.