වර්ෂ 2018 ක්වූ අප්‍රේල් 22 වැනිදා ඉරිදා




අමෝරාගේ විපර්යාසය ගැන කියවෙන අමෝරා
මධුර චාරිකා ආදායමට වඩා මා ලද ජය වැඩියි
පිරුණු සඳ ඇති රැයක උදාවිය ‘අමාවක’
පෙනුම පක්ෂියෙක් ඇතුළේ කොටියෙක් The Jungle Bunch
ආදරයට අලුත් අරුතක් වෛෂ්ණාවී
දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයේ දැවැන්ත වැඩ වර්ජනයක්
සැලීගේ ජීවිතය රැක ගන්න මානුෂික මෙහෙයුමක් ‘හොරා අන්කල්’
ත්‍රස්තවාදීන් දණ ගැස්සූ 7 Days in Entebbe
මෙවර ඔස්කාර් සම්මානය දිනූ චිත්‍රපටය
සීතල කඳුකරයේ යුවතියන් පමණක් හෙළි කළ රහස
සුළි සුළං මැද කොල්ලයක්
Manikya Malaraya Poovi ගීතයට ඉහළ ප්‍රසිද්ධියක්
ඇලඩින් වෙයි
හිරු මිනිසාගේ නව බලය samson
ඩී. එස්. සේනානායක චරිතයේ සලරුව ‘නිදහසේ පියා ඩී. එස්.’
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්
සත්‍ය සිදුවීමක් රැගත් දේශපේ‍්‍රමි කතාවක්
ලංකාවේ ප්‍රශ්නයක් ඉන්දියාවේ කතාවක්
රහසක් අරමුණක් අතර ගෙවෙන එක් රැයක්
අද කාලයේ යුවතියක අතින් තැනුණු අපූරු චිත්‍රපටයක්
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය

සිංහල සිනමාවේ අලුත්ම වසංගතය

අපි කුඩා කාලයේ සිංහල චිත්‍රපටයක් බලන්න යන්නේ හරියට මඟුල් ගෙදරකට යන්නාක් මෙන් සැරසිලාය. ඒ දවස එන තෙක් අපි ඉන්නේ අතේ ඇඟිලි ගනිමිනි. එදා දවසේ අම්මා ඉක්මනින් කෑම සාදා චිත්‍රපට දර්ශනයට පැයකට පමණ වේලාසනින් චිත්‍රපට ශාලාව වෙත අපව රැගෙන යයි. අපිත් ඉතින් චිත්‍රපට ශාලාව ඉදිරිපස ඇති මහා සෙනඟ අතරින් මහත් උජාරුවෙන් ගමන් කරන්නේ අපි දිහා කවුරුත් බලනවා කියන හැඟීමෙනි. ඉදිරියේ ඇති දිගු පෝලිමට අම්මාත් අපිවත් ළං කොට තාත්තා අසල ඇති තාප්පයට හේත්තු වී සිගරුට්ටුවක් උරමින් අහසට දුම් වළලු පිට කරන්නේ හරියටම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සිගරුට්ටුවක් අතේ තියාගෙන මහත් තේජස් අයුරින් සිටින ඡායාරූපයක් දිහා බලා සිටි මමත් මාගේ කට උල්කොට දුම් වළල්ලක් පිට කරන්නාක් මෙන් සිතින් රඟපාමින් පෝළිමේ සිටියෙමි.

ටිකට් ගන්නට ටිකෙන් ටික පෝළිම අඩු වී ටිකට් කවුන්ටරයේ අපි ද ටිකට් ගෙන සෙනඟ පිරී තියෙන සිනමා ශාලාවට ඇතුල් වී අසුන්වල වාඩි වී වට පිට බලන්නේ මහා ලොක්කන් සේය. දර්ශනය පටන් ගන්නට සීනුව නාද වී ශාලාව අඳුරු වී චිත්‍රපටය තිරය මත පතිත වන විට අපි ඉන්නේ ඒ ලෝකයේය.

විවේක කාලය එළඹුණු පසු තාත්තා අපිට අයිස් චොක්ස් සහ කජු පැකට් ගෙන එනකම් අපි පුටුවලට උඩින් ඔළුව දමමින් බලා සිටින්නේ මහත් කෑදරකමිනි. චිත්‍රපටය අවසන් වූ පසු මම සිනමා ශාලාවෙන් එළියට එන්නේ එම චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළුවාව ආරූඪ කරගෙනය. මගේ ඇඟට ඒ චරිතය ඇතුල් වී ඇති බව මට හැඟේ. හැබැයි විනාඩි පහක් යන්නට පෙර නැවත නිකම්ම නිකන් මම බවට පත් වේ.

ඒ එදාය. නමුත් අද චිත්‍රපට ලෝකය සම්පූර්ණයෙන් කණපිට පෙරළී ඇති බව දැනෙන විට මහත් කනගාටුවක් ඇති වේ. අද නිපදවන බෙහෝ චිත්‍රපට මෙලෝ රහක් නැත. අතරින් පතර හොඳ චිත්‍රපටයක් දකින්නට ලැබුණත් වැඩිපුරම දකින්නට ලැබෙන්නේ එළොවටත් නැති මෙළොවටත් නැති චිත්‍රපටය. නළු නිළියන් ද එසේමය. හරියට පෙන්ටෝච් බැටරි වගේය. ඇඟපතින් කුඩා ඔවුන් විශාල තිරය මත පතිත වන්නේ අඟුටු මිට්ටන් ලෙසිනි. එහාට පනිති. මෙහාට පනිති. රිලා නැටුම් නටති. සින්දු හරියට කනට බ්රේක් ඔයිල් වත් කරන්නාක් මෙනි. ඒ සින්දු ඇහෙනා මම පුටුව උඩ එහාට මෙහාට ඇඹරෙමින් වට පිට බලනා විට පෙනෙන්නේ එක් කෙනෙක් ෆේම් බුක් එකේ ඔළුව ඔබාගෙනය. තව කෙනෙක් ඉස්සරහ පුටුව උඩට කකුල් දෙක තබාගෙන ගන්නේ පුදුමාකර ජොලියකි. තව අයෙක් කාත් එක්ක දෝ මහ හයියෙන් දුරකථන සාකච්ඡාවකි. පෙම්වතුන් යුවළක් සිටින්නේ ඔවුන් ඉන්නේ සිනමාහලේ නොව කාමරයක යැයි සිතාගෙය. චිත්‍රපටයේ රඟපාන නළු නිළියන්ට වඩා හොඳට ඔවුන් රඟපානවා යැයි මට සිතේ.

මේ අයුරින් සිංහල සිනමාව ඉදිරියට යමින් සිටිනා මේ අවදියේ තවත් අපූරු වසංගතක් නිර්මාණය වෙමින් පවතී. ඒ ඩී. වී. ඩී. වසංගතයයි. මුදල් ටිකක් කොහෙන් හෝ මඟඩියක් කර සොයා ගන්නා නිෂ්පාදකයින් මඟුල් ගෙවල් රූපගත කරන කැමරාවකින් අර ඉහත කී නළු නිළියන් කිහිප දෙනෙකු දමා මුල මැද අග නැති චිත්‍රපටයක් යැයි දෙයක් රූගත කොට කනට බ්රේක් ඔයිල් දමා ගන්නා සිංදු දෙක තුනක් ඇතුල් කර දවස් දෙක තුනකින් මොකක්දෝ විගඩමක් නිර්මාණය කරයි. දැන් මේ විගඩමට මෙලෝ තේරුමක් නැති නමක් දමා චිත්‍රපට බෙදා හරින සමාගමකට අර පිස් පෝච්චිය බාර දෙන්නේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන්නටය. අසරණ සිනමා ශාලාව ද අර පිස් පෝච්චිය කර තබාගෙන ගෙනවිත් ප්‍රදර්ශනය පටන් ගනී. මෙහි අරමුණ සිනමා ශාලාවක පෙන්වන චිත්‍රපටලට වඩා ඩී. වී. ඩී. වෙළෙඳ පොළේ ඇති වැඩි ඉල්ලුමයි. පරිප්පුව කන්නේ සිනමා ශාලාවයි. අර ගඳ ගහන පිස් පෝච්චිය සිනමාහලේ ප්‍රදර්ශනය කරන විට සිනමාහලේ කළමනාකරුගේ සහ සේවක මණ්ඩලයේ පැටිකිරිය මුල සිට අගටම අර චිත්‍රපටය නරඹපු පිරිසගෙන් අසන්නට ලැබීම සිනමාහලේ භාග්‍යයක්. මොකද සිනමාහලේ කළමනාකරුගේ සහ සේවක පිරිසගේ මාපියන් ද ඔවුන් හොඳට මතක් කර දෙන බැවිණි. අර කසිකබල් චිත්‍රපටය බෙදා හැරිය චිත්‍රපට සමාගමට කිසිම ප්‍රශ්නයක් නැත. ඔවුන් ඉන්නේ ගලිවර්වරු වාගේය.

අර කසිකබල් බාල චිත්‍රපටය තිරගත වී සතියකින් හෝ දෙකකින් ඩී. වී. ඩී. පටයක් ලෙස කවරයක බහා සිනමාහල ඉදිරිපිට තියෙන ඩී. වී. ඩී. කඩයේ එල්ලා සිටින්නේ හරියට සිනමාහලේ කළමනාකරු බෙල්ලෙන් එල්ලී සිටින්නාක් මෙනි.