වර්ෂ 2017 ක්වූ අගෝස්තු 22 වැනිදා අඟහරුවාදා




කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3
‘සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව . . .
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
සිනමාකරුවකුගේ සිනමා සටහන

සිනමාකරුවකුගේ සිනමා සටහන

චෙරි ගෙඩියක නැවුම් රස

අබ්බාස් කියරොස්තාමි

එකිනෙකා පෙරළාගෙන පියාඹන්නට පොරකන රියසක නොකඩවා ඉදිරියට ඇදෙයි. දූලි වලා මැදින් ගලන හිරිගඬු පිපෙන හීතලට මැදිව වීදිය දිගේ පිය මනින මිනිසුන් කතාබහකින් තොරව ගමන් කරන්නේ අවතාර සමූහයක් මෙනි. තවමත් වීදියේ දෙපස කඩ සාප්පු විවෘතව නැති වුව ද මිනිසුන්ගෙන් වීදිය පිරී පවතියි'. වීදිය මැද සිට මැෂිමක වේගයෙන් වාහනවලට සිය දෑතින් සංඥා දෙන තරුණ පොලිස් භටයාට හුස්ම ගැනීමටවත් ඉස්පාසුවක් නෙමැත. ඔහුගේ සිත වීදියේ පෙනෙන රිය පෙළ අතරින් දසත දිව යයි. හෙට අනිද්දායින් ඇරඹෙන සිය විශ්වවිද්‍යාල විභාගයට ගෙවිය යුතු ගාස්තු සුළුපටු නොවේ. එය නියමිත දිනට ගෙවිය යුතුමය. තරුණයා පොලිස් භටයකු වූවේ ලලිත කලා උපාධිය හදාරන්නට මුදල් ඇවැසි නිසාමය. කලාව යන්න සිය ආත්මයේ නිසඟව සැඟව තිබුණ ද ඔහුට සිදු වූවේ මහ මඟ ගිනියම් අව්වේ රිය සක හා තරඟ කරන්නටය. මේ තරුණ පොලිස් භටයා අන් කවුරුන්වත් නොව පසු කලෙක ජගත් සිනමාව රන් දෙවොලට ඉරානය රැගෙන ගිය මහා සිනමාකරු වූ අබ්බාස් කියරොස්තාමිය. ඔහු ජීවිතය පටන් ගන්නේ එලෙසය.

අබ්බාස් කියරොස්තාමි යනු ජගත් සිනමාවට නුපුරුදු නාමයක් නොව්. 1997 වර්ෂයේ ලොව සිනමාකරුවන්ගේ උත්තම පාරාදීසයක් බඳු ඛාන් සිනමා උලෙළේ පාම් දෝ සම්මානය දිනා ගත්තේ ඔහුය. ඒ කියරොස්තාමි විසින් නිර්මාණය කළ අසහාය සිනමා නිර්මාණය වූ 'ටේස්ට් ඔෆ් චෙරි' චිත්‍රපටය වෙනුවෙනි.

1940 වර්ෂයේ ඉරානයේ ටෙහෙරාන් නුවර මෙලොව එළිය දුටු අබ්බාස් කියරොස්තාමි කුඩා කල සිටම චිත්‍ර ශිල්පයට දක්ෂතා දැක්වූවෙකි. දහඅට වියේ තරුණ ගැටයකුව සිටියදීම හොඳම සිත්තරා ලෙස තරුණ සම්මානය දිනාගත් ඔහු ඉන් අනතුරු ටෙහෙරාන් විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ ලලිත කලා උපාධිය ලබන්නටය. ඉන්දියාවේ මහා සිනමාකරු වූ සත්‍යජිත් රායිට මෙන්ම කියරොස්තාමිට ද සිදු වන්නේ වෙළඳ දැන්වීම් කලාවට පිවිසෙන්නටය. 1960 දී චිත්‍ර ශිල්පියෙකු ලෙස පොස්ටර් අඳිමින් දැන්වීම නිමවමින් සිටින ඔහු ඉනික්බිති ඉරාන රූපවාහිනිය වෙනුවෙන් වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන්නට පටන් ගනියි. පසු කලෙක හෙතෙම සිනමාවට පිවිසෙන්නේ ද චිත්‍ර ශිල්පියකු ලෙසිනි. ඒ චිත්‍රපටවල සිරස්තල ඇඳීම් කටයුත්තට එක් වෙමිනි.

1969 දී බිහිවන ඉරාන නව සිනමා රැල්ල තුළින් සිනමාවට අවතීර්ණ වන කියරොස්තාමිගේ කෝඩුකාර සිතුවම වන්නේ 'බ්රෙඩ් ඇන්ඩ් ඇලී' චිත්‍රපටයයි. පාසල් දරුවකු සහ සිය සුරතල් බල්ලා වටා ගෙතුණු මෙම චිත්‍රපටය මිනිත්තු 12 ක් පමණක් විය. පසු කලෙක සිය කෝඩුකාර සිනමා ගමන ගැන ආවර්ජනයක යෙදුණු ඔහු මෙම චිත්‍රපටය ගැන සඳහන් කළේ මෙසේයි.

බ්රෙඩ් ඇලී හදන කොට මම දුක් වින්දා. ඒ තමයි මගේ මුල්ම සිනමා අත්දැකීම. මං වැඩ කළේ ආධුනිකයන් එක්ක. අනික් අතින් මට අධ්‍යක්ෂණය කරන්න වුණේ බල්ලෙක්වයි, ළමයෙක්වයි. අත්දැකීම් තිබුණෙත් අපේ කැමරා ශිල්පියාට විතරමයි. ඔහුත් නිතරම ආඬපාලි කියන කෙනෙක්. දැන් තමයි මට තේරෙන්නේ ඔහු නිවැරැදියි කියලා. ඒකට හේතුව ඒ කාලෙදි මම සිනමාවේ සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමය. මට ඒක තේරුම් ගන්න ලොකු කාලයක් ගියා.

කියරොස්තාමිගේ සිනමා භාවිතය දෙස බැලීමේදී ඔහු බොහෝ විට සිය නිර්මාණයන්ට ළමුන් යොදා ගනු පෙනෙයි. 1973 දී කියරොස්තාමි විසින් නිර්මාණය කළ 'ද ට්‍රැවලර්' සිනමා කෘතියට පාදක වන්නේ ද ළමා පුවතකි. ඉරානයේ කුඩා ගමක වෙසෙන 12 හැවිරිදි දරුවකු පාපන්දු තරඟයක් නැරඹීමට මුදල් නොමැතිකම නිසා විඳින විවිධ දුක්ඛ දෝමනස්සයන් කියාපාන 'ද ට්‍රැවලර්' 70 දශකයේ ඉරානයේ සමාජය පිළිබඳව දැවැන්ත විවරණයක යෙදෙන සිනමා කෘතියකි.

එසේ වුව ද කියරොස්තාමිගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා කෘතිය ලෙස පිළිගනු ලබන්නේ 1977 දී ඔහු විසින් නිර්මිත 'රිපෝට්' චිත්‍රපටයයි. රජයේ මූල්‍ය ආයතනයක බදු එකතු කරන්නකුට සිදුවන මුල්‍ය වංචාවක් නිසා බිඳ වැටෙන සිය ජීවිතය කියාපාන 'රිපෝට්' හද සසල කරවන චිත්‍රපයක් ලෙස විචාරකයන් විසින් නම් කරනු ලැබිණ.

අබ්බාස් කියරොස්තාමි ජගත් සිනමාවේ සම්භාවනාවට පාත්‍ර වන්නේ 1980 දී ඔහු විසින් නිර්මාණය කළ 'චෙයා ඉස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝම්' චිත්‍රපටයෙනි. 'චෙයා ඉස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝම්' යනු සැබැවින්ම අපූරු සිනමා වියමනකි. වැඩිහිටි ලෝකයත් ළමා වියේ අහිංසකත්වයත් පෙරදැරි කරගත් මෙම සිතුවම ඉරාන ජන සමාජයෙන් නොනැවතී සකල ලෝකයටම ළමුන්ගේ සුවඳ විහිදුවමින් ගලන මහා සඳුන් රුකක් වැන්න. හදිසි අමතකවීමකින් තම පන්ති මිතුරාගේ පොතක් ළඟ තබාගත් අට හැවිරිදි දරුවකු වන අහමඩ් පාසලින් නික්ම දුවන්නේ එම පොත නැවත මිතුරාට භාර දෙන්නටයි. පොත භාර නුදුන් විට මිතුරාට පසු දින මුහුණදීමට සිදුවන කරදරය දන්නා අහමඩ් චිත්‍රපටය පුරාම දුව පනිමින් සොයන්නේ තමා නොදන්නා මිතුරාගේ නිසයි. ඉරානයේ සම්ප්‍රදායික ගැමි ජීවිතය දෙස සානුකම්පිතව බලන මෙම චිත්‍රපටය 1989 දී ලෝකාර්නෝ සිනමා උලෙළේ ප්‍රධාන සම්මානයට ද පාත්‍ර විය. කියරොස්තාමි විසින් මෙම චිත්‍රපටය තුළ තබා ඇති ඔහුගේ කවීත්වය සැබැවින්ම අපූර්වය. ළමා මනස සතු විවිධ ගුණාංගයන් සියුම් හූයකින් සිතුවම් කරමින් ඉරාන ගැමි සංස්කෘතියේ නේක රටාවන් අපට විදහා පෙන්වන 'චෙයා ඉස් මයි ෆ්‍රේන්ඩ්ස් හෝම්' ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍රවීම අරුමයක් නොවේ. එය එතරම්ම කාව්‍ය ගුණයෙන් පිරි අගනා සිතුවමකි.

ඉන් අනතුරුව කිියරොස්තාමි අධ්‍යක්ෂණය කළේ 'ඇන්ඩ් ලයිෆ් ගෝස් ඔන්' චිත‍්‍රපටයයි. සිනමා අධ්‍යක්ෂවරයකු සිය පුතණුවන් ද කැටුව 'චෙයා ඉස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝම්' චිත්‍රපටයට පාදක වූ ඉසව්ව සොයා යන චාරිකාව කියාපාන මෙම සිතුවම පුරාම අප දකින්නේ ඉරානයේ සිදු වූ භූමි කම්පාවෙන් පීඩාවට පත් වූ සියල්ලයි. කියරොස්තාමි මූලික ලෙසින් චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය කළේ ද ඉරානයේ 40000 ක් ජනතාව මරුමුවට පත් කරමින් සිදු වූ මහා භූමිකාව සිදු වූ කෝකර් පෙදෙස පසුබිම් කරගනිමිනි.

ජීවිතයේ විවිධ හැල හැප්පීම්වලට ගොදුරු වන ගැමි සමාජය හා ළමා ලෝකය නිර්මාණය කරමින් සිටි අබ්බාස් කියරොස්තාමි ජගත් සිනමා සම්භාවනාවට පාත්‍ර වන්නේ 1997 දී නිර්මාණය කළ සිය අනගිභවනීය සිනමා සිත්තම වන 'ටේස්ට් ඔෆ් අ චෙරී' චිත්‍රපටයෙනි.

'ටේස්ට් ඔෆ් අ චෙරී' චිත්‍රපටයට පාදක වන්නේ මැදි වියේ ඉරාන මිනිසකු සිය දිවි හානි කර ගැනීමට අන් අයගේ උපකාරය බලාපොරොත්තු වන ආකාරයයි. මැදි වියේ ඉරාන වැසියකු වන බඩී සිය දිවි නසා ගැනීමට තීරණය කර සිටියි. එහෙත් තමා මැරුණු පසුව තම සිරුර වලදැමීමට කෙනෙකු සොයා ගත යුතුව ඇත. ඒ සඳහා ඉදිරිපත් වන්නේ නම් මිල මුදල් ගෙවීමට ඔහු සූදානම්ව සිටියි. සිය පරමාර්ථයට සහාය දෙන කිසිවකු සොයමින් ඔහු තම රිය ධාවනය කරයි. එහිදී මුලින්ම ඔහු තරුණ කර්ඩිෂ් යුධ භටයකු මුණ ගැසෙයි. එහෙත් ඔහු බඩිගේ බසට අවනත නෙවෙයි. දෙවනුව බඩීට ඇෆ්ගන් ජාතිතයකු හමුවන අතර ඔහුද බඩිගේ මරණයට සහයෝගය නොදෙන්නේ සිය දිවි හානි කරගැනීම පිළිබඳ ඇති ආගමික මතවාද නිසාය. අවසානයේදී බඩීට සිය මිය යාමේ සිහිනය සැබෑ කර ගන්නට අසිරි නම් මිතුරකු හමුවන අතර ඔහු එයට කැමැත්ත පළ කරන්නේ තම රෝගී පුතුට අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බැවිනි. එහෙත් අවසානයේදී මිතුරා පවසන්නේ තමා ද පෙර කලක දිවි නසා ගන්නට ගොස් යළි සිහි එලවා ජීවිතය අල්ලා ගත් බවයි.

'ටේස්ට් ඔෆ් අ චෙරී' චිත්‍රපටය යනු මෙතෙක් අබ්බාස් කියරොස්තාමි විසින් නිර්මාණ්‍ය කරන ලද හොඳම චිත්‍රපටය බව සිනමා විචාරකයින්ගේ මතයයි. මෙම චිත්‍රපටය 1997 දී ප්‍රංශයේ ඛාන් සිනාම උලෙළේ පැල්ම දෝ සම්මානය දිනාගත් අතර ඉන් අනතුරුව ලොව සිනමා වියතුන්ගේ දැඩි අවධානයට ද බඳුන් විය. 2012 වර්ෂයේදී බ්‍රිතාන්‍ය සිනමා ආයතය හා සයිට් ඇන්ඩ් සවුන්ඩ් එක්ව තෝරනු ලැබූ ලොව මෙතෙක් නිර්මාණය වූ හොඳම චිත්‍රපට 10 සඳහා 'ටේස්ට් ඔෆ් අ චෙරී' චිත්‍රපටය ද අඩංගු විය.

අබ්බාස් කියරොස්තාමි යනු සිනමාකරුවකු පමණක්ම නොවේ. සකල කලා විධීන් ප්‍රගුණ කළ මහා වනස්පතියෙකි. සිනමකරුවකු, තිර රචකයකු, චිත්‍ර ශිල්පියකු, කලා අධ්‍යක්ෂවරයකු, ඡායාරූප ශිල්පියකු මෙන්ම කවියකු වූ හෙතෙම කිසි දිනෙක සිය ජන්ම භූමිය අමතක කොට පියමං නොකළ කලාකරුවකු විය.

ඉරාන විප්ලවයත් සමඟ බොහෝ කලාකරුවන් සිය මව්බිම හැර දමා යන විට කියරොස්තාමි ඉරාන පොළවේ මහා ගුණ සමුදාය අත් මිට මොළවා ගත් අදියුරුන් විය. වරක් ඔහු සිය සමස්ත සිනමා භාවිතයම එක් ප්‍රකාශයක් තුළ කැටිකොට දැක්වූවේ මෙසේයි.

'පොළවේ මුල් ඇද ඇති ගසක් ඔබ විසින් උදුරා රැගෙන ගොස් වෙනත් පොළවක සිට වූ විට එහි තවදුරටත් ඵල හට නොගනී. අහම්බයකින් මෙන් ඵල හට ගත්ත ද ඒ ඵල පෙර පොළවේ මෙන් මියුරු රස නොගනී. එය ස්වභාව ධර්මයේ රීතියයි. මා රටින් පිටව ගියේ නම් මට සිදු වන්නේ ද උදුරා පැල කළ ගසට සිදු වූ ඉරණමයි.

භාවමය සත්තාවක් වූ සිනමාව කල්පනා ලෝකයක් වුව ද කියරොස්තාමිගේ චිත්‍රපට නරඹන විට කුමක්දෝ ආශ්චර්යයක් සිදු වන බවක් මට දැනෙයි. සංගීත ශිල්පියකුගේ අගනා ස්වර රටාවක් මෙන් මතුව එන ඔහුගේ සිනමා රූප කිසිදා නෙතඟින් බැහැර නොවන්නකි. අබ්බාස් කියරොස්තාමිගේ සිනමාවේ නිර්මිත හැඟුම් සමුදාය සදා අමතක නොවන අතර විටෙක මම එමි චරිතයන් හා ආත්මිකව බැඳෙන්නෙමි. නෙතින් කිසිදා නුදුටු ඉරානයේ ගම්මානයක තනි වූ 'චෙයාර් ඉස් මයි ෆ්රෙන්ඩ්ස් හෝම්' චිත්‍රපටයේ පුංචි අහමඩ්ට මෙන්ම ටේස්ට් ඔෆ් අ චෙරි' චිත්‍රපටයේ වියපත් බඩීට මම ප්‍රේම කරමි. සිනමාව යනු රුප හරඹයක් නොව පොළවේ පය ගසා නැගිටින්නට වෙර දරන පොළව හා ගැටෙන මිනිසුන්ගේ සැබෑ ජීවිතය සිතුවම් කිරීම යැයි මම ඔබෙන් වටහා ගතිමි. ඉරාන සිනමාවේ මහා කිවිඳ, ඔබට මගේ ප්‍රණාම . . .