වර්ෂ 2017 ක්වූ අගෝස්තු 22 වැනිදා අඟහරුවාදා




කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
මකුළු මිනිසාට විචාරකයන්ගේ ඉහළ පැසසුම්
යමරජු හමුවන සොහොන් පල්ලන්ගේ කතාව යම රජ සිරි
නිවුන් සොහොයුරන්ගේ ඇබැද්දිය Despicable Me 3
‘සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව . . .
පිය සෙනෙහස තරම් සවියක් දියණියකට තව කොයින්ද
ගමත් නගරයත් අතර තුන් කොන් පෙමක පැටලෙන කුසල්ගේ කතාව “දෙවැනි වරම”
සිනමාවට අඳුරු විශ්වයක්
එකම මුහුණක්-චරිත දෙකක් Face 2 Face
නිසා වොන්ඩර් වුමන්
පස්සෙන් එන පාර්සලයක් ගැන කියන අලුත් චිත්‍රපටයක්
අතිඋතකර්ෂයෙන් පැවැති 70 වැනි කාන් සිනමා උලෙළ
සැබෑව, මායාව සහ ජීවිතය විශ්වනාත් බුද්ධික කීර්තිසේනගේ නවතම සිනමාපටය
ඈත මන්දාකිනියේදී ශ්‍රීමත් රිඩ්ලි ස්කොට් Alien සමඟ රණබිමට
“තෘෂ්ණාව හා බැඳුණු බන්ධන” බන්ධනය : සිනමා විමසුම
කාන්තාවන් තිදෙනකුගෙන් වීර කාන්තාවක් ගැන පුවතක්
අකුරු උගනී කුමරු සොඳවා
‘බන්ධනය’ට සිරවන සිඟිති සුරතලිය . .
සිරිමල් මගෙ සකි යහපත් ළමයෙකි ළඟදීම රිදී තිරයට
හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ගෙනා La La Land දැන් ලංකාවේ . . .
ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers
භීෂණයේ අලුත් කතාවක් සිනමාවට
වෙන් වන්න නොසිතන්න සුකුමාලියේ... සේයා
‘රන් සයුර’චිත්‍රපටයේ ප්‍රධාන නළුවාත් මම වුණේ ඉන් ගැටලු රැසක් විසඳෙන නිසා
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්

සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්

හිරු T.V වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත

‘හිරු ගෝල්්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන උලෙළ මෙම 11 වැනිදා සවස 6.00 සිට නෙළුම් පොකුණ රඟහලේදී සහ එම පරිශ්‍රයේදී අත්‍යාලංකාරයෙන් පැවැත්වේ. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු දැන් සූදානම්ය.

දෙවැනි වරටත් පැවැත්වෙන මෙම සම්මාන උලෙළේදී විවිධ අංශ නියෝජනය කරමින් සිනමා ශිල්පීන් රැසක් සම්මානයෙන් පිදුම් ලබති. ජාත්‍යන්තර සිනමා උලෙළක සියලු අංගයන්ගෙන් එය සමන්විත වේ.

'හිරු' රූපවාහිනී නාළිකාවේ වැඩ සටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත මෙසේ 'සරසවිය' හා එක්වන්නේ 'හිරු' සිනමා සම්මාන උලෙළ පිළිබඳ වැඩිදුර කතාබහකටය.

'හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2016' සම්මාන උලෙළ විශේෂාංග රැසකින් සමන්විතව පැවැත්වීමටයි ඔබ ආයතනය මෙවරත් සැළසුම් කර තිබෙන්නේ?

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව මීට වසර දෙකකට ඉහතදීයි අපි මේ සම්මාන උලෙළ ආරම්භ කළේ. එහිදී අපේ අරමුණ වුණේ ලාංකික සිනමා සම්මාන උලෙළවලට අලුත් දැක්මක්, අලුත් ගැම්මක් ලබා දෙන්න. ඒ හරහා ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළක් ලංකාවේ පවත්වන්න. ඒ සාඩම්බර පියවරේ දෙවැනි අදියරේ අත ළඟ ඉන්න මොහොතක් මේ. ඇත්තටම අපි ගියවර සම්මාන උලෙළට වඩා විශේෂාංග රැසක් සමඟයි මෙවර එය පවත්වන්නේ.

නෙළුම් පොකුණ රඟහල හා පරිශ්‍රය ආශ්‍රිතව තමයි මේ සම්මාන උලෙළ පැවැත්වෙන්නේ. ඇයි 'නෙළුම් පොකුණ' මේ සඳහා තෝරා ගත්තේ?

එකක් තමයි විවිධත්වය. මෙවර අපේ සංකල්පය වෙනස්. මේ සම්මාන උලෙළ ගෘහස්ථව සහ එළිමහනේ පවත්වන්න අපි සැලසුම් කළා. අපේ ආදරණීය 'හිරු' ප්‍රේක්ෂකයන්ට ඒ පරිශ්‍රයට ඇවිල්ලා මේ සම්මාන උලෙළේ අසිරිය විඳගන්නට අවස්ථාව දිය යුතුයි කියා අප තීරණය කළා. ශාලාව ඇතුලේ සිදුවන සියලු දේවල් පුළුල් තිර හරහා එසැනින් නරඹා ඒ සොඳුරු අත්දැකීම විඳගන්න ඔවුන්ට එදාට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම නෙළුම් පොකුණ රඟහලේ තිබෙන විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කර ගනිමින් සැබෑම සංදර්ශනීය සිනමා සම්මාන උලෙළක් තමයි අපි මෙවර පවත්වන්නේ.

ගියවර මෙන්ම මෙවරත් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය 'තරු' රැසක් මේ සම්මාන උලෙළට සහභාගි වෙනවා?

ශ්‍රී දේවි, මධුරි ඩික්සිත්, සුනිල් ෂෙට්ටි, ජැකී ෂ්රොෆ්, කරිෂ්මා කපූර්, නීල් නිතින් මුකේෂ් වැනි සුපිරි තරු මේ සම්මාන උලෙළට සහභාගි වෙනවා. ඒ වගේම බොලිවුඩ් සිනමාවේ ප්‍රබල නිෂ්පාදකවරයකුත් අපි මේ සම්මාන උලෙළට ගෙන්වනවා. ඒ හරහා තවත් අවස්්ථා රැසක දොරගුළු විවර වේවි අපේ සිනමාවට. සභාපතිතුමාගේ සංකල්පයකට අනුව තමයි අපි නිෂ්පාදක බොනී කපූර් මේ සම්මාන උලෙළට සම්බන්ධ කර ගත්තේ.

ඉන්දියා - ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදන ක්‍රියාවලියක අඩිතාලම මේ හරහා වැටේවි කියා අප අනුමාන කරනවා?

ඔව්... ඔව්... එහෙම සුබවාදී බලාපොරොත්තුවක් අපට තබා ගන්න පුළුවන්.

අලුත් සම්මාන කිහිපයක්ම මෙවර පිරිනමන්න කටයුතු යොදා තිබෙනවා නේද?

මේ සම්මාන උලෙළ අපි නම් කර තිබෙන්නෙත් සිංහල සිනමාවේ මහා මංගල්‍යය කියලා. සිනමාවේ තිබෙන සියලුම අංශයන් නියෝජනය කරන ශිල්පීන්ට සම්මාන පුද කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ගොඩක් වෙලාවට ඇගයීමට ලක් නොවුණ අංශ කිහිපයක් තියෙනවනේ අපේ සිනමාවේ. හොඳම විකට රංගනය, හොඳම සටන් අධ්‍යක්ෂණය, හොඳම ප්‍රතිවීර චරිතය සහ හොඳම ඇඳුම් නිර්මාණය යන අංශයන් හතරට අපි මෙවර සම්මාන ප්‍රදානය කරනවා. ඒ වගේම අපි තවත් සම්මානයක් මෙවර හඳුන්වා දෙනවා.

ඒ මොකක්ද?

ගිය වසර දෙක ඇතුළත වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයාට තමයි ඒ සම්මානය අපි ලබා දෙන්නේ. මොකද අපේ සිනමාව දියුණු වෙන්න නම් නිෂ්පාදකයෝ ඒ සඳහා පෙළඹෙන්න ඕනෑ. ඒ පෙළඹවීම ඇති කරන්න තමයි අපි මේ සම්මානය පුද කරන්න තීරණය කළේ.

ජනප්‍රිය සම්මාන සඳහා ලොකු තරඟයක් තිබෙනවා?

ඔව්. අවසන් වටයට අංශ හතරකින් පස් දෙනා බැගින් තේරී ඉන්නවා මේ වෙනකොට. ජනප්‍රියම නළුවා, ජනප්‍රියම නිළිය, ජනප්‍රියම ගීතය සහ ජනප්‍රියම ළමා තරුව කියා අංශ තමයි මේ. ගියවර අවසන් පස් දෙනා තමයි මහා තරඟයට ආවේ. මෙවර අපි මහා තරඟයට ගෙන් වන්නේ තුන් දෙනයි.

ජනප්‍රිය නළුවා, නිළිය සම්මානය බොහෝ සම්මාන උලෙළවලදී විවාදයට ලක් වෙන කාරණයක් වෙනවා. දැන් මේ සම්මානය පිරිනමන්නේ ඉතාමත් විශ්වාසනීය ක්‍රමවේදයකට අනුකුලවද?

ඉතා වගකීමෙන් කියන්න පුළුවන් අපි ඉතාමත් නිවැරදි ක්‍රමවේදයකට අනුවයි මේ සම්මානය ප්‍රදානය කරන්නේ. එතනදි අපි භාවිතා කරන්නේ ලොව ජාත්‍යන්තර සිනමා උලෙළවලදී අනුගමනය කරන ක්‍රමවේදයම තමයි. S.M.S, I.V.R  සහ Web Voting කියන අංශ තුන තමයි භාවිත කරන්නේ.

එතකොට ජනප්‍රියම චිත්‍රපටය තෝරන්නේත් එම ක්‍රමවේදයට අනුවමද?

නැහැ. ජනප්‍රියම චිත්‍රපටයට අපි ගන්න නිර්නායකය තමයි පසුගිය වසර දෙක තුළ ප්‍රදර්ශනය වූ චිත්‍රපට අතරෙන් වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹපු චිත්‍රපටය. ඒ අදාළ සංඛ්‍යා ලේඛන තොරතුරු අපි ලබා ගන්නේ චිත්‍රපට සංස්ථාවෙන්. ඒ වගේම ඒ අදාල මණ්ඩලවලින්. ඒවා චෙක් කරල තමයි ෆයිනල් රිපෝට් එක ගන්නේ.

තවත් සුවිශේෂිත සම්මාන දෙකක් ඔබ පිරිනමනවා. ඒ පිළිබඳ සඳහන් කළොත්?

'හිරු' ජීවන ප්‍රණාම සම්මානය සහ 'හිරු' යාවජීව සම්මානය තමයි ඒ විශේෂිත සම්මාන දෙක. ගිය වසරේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මියට සහ ඇන්ඩෲ ජයමාන්න මහතාට තමයි ඒ සම්මාන අපි ලබා දුන්නේ.

'හිරු' ප්‍රේක්ෂකයෝත් මේ සම්මාන උලෙළ නැරඹීමට සම්බන්ධ කර ගන්න බව ඔබ කිව්වා?

ත 'හිරු' නරඹන 'හිරු' අසන ඒ වගේම අන්තර්ජාලය හරහා 'හිරු' සමඟ සම්බන්ධ වෙන සියලු දෙනාට මේ සඳහා ආරාධනාවක් තියෙනවා. හැබැයි 'හිරු' සිනමා සම්මාන උලෙළ නරඹන්න අවස්ථාව උදාවෙන්නේ 'හිරු' ' T.V.,  'හිරු' Radio, සහ 'හිරු' Web Site එක හරහා අප ඉදිරිපත් කරන තරඟවලින් ජයග්‍රහණය කරන අයට පමණයි. ඒ හරහා තමන්ගේ ආරාධනා පත්‍රය ලබා ගන්න පුළුවන්.

එතකොට මෙහි ප්‍රවේශ පත්‍ර අලෙවියක් සිදු වන්නේ නැද්ද?

කිසිම ආකාරයකින් මෙහි ප්‍රවේශ පත්‍ර අලෙවියක් සිදු වන්නේ නෑ. ආරාධනා ලැබෙන කෙනෙකුට විතරයි ඊට සහභාගි වෙන්න පුළුවන්.

මහේන්ද්‍ර පෙරේරා සහ පුබුදු චතුරංග තමයි ගියවර සිනමා සම්මාන උලෙළ මෙහෙය වූවේ. මෙවර එය සිදුවන්නේ කොයි ආකාරයටද?

මෙවරත් අපේ ප්‍රධාන භුමිකාව හොබවන්නේ මහේන්ද්‍රත්, පුබුදුත් තමයි. ඒ වගේම රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනී, කාවිංග පෙරේරා, අංජුලා රාජපක්ෂ, රංගන ද සිල්වා, සුදේව හෙට්ටිආරච්චි, ස්ටෙෆාන් අයේෂා, රුවන් වැනි අයත් නිවේදන කටයුතු සඳහා දායක වෙනවා.

මම හිතන්නේ සිනමා සම්මාන උලෙළක වු කවුරුත් බලාපොරොත්තු වන දෙය තමයි මේ 'විනිවිදභාවය' කියන එක. ඒ කියන්නේ කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන්න වැඩ කිරීම. ඒ සඳහා සුවිශේෂ වැඩ පිළිවෙලක් ඔබට තිබෙනවාද?

බොහොම අභිමානයෙන් අපට කියන්න පුළුවන් දෙයක් තිබෙනවා. සම්මාන උලෙළක් අවසානයේ සාමාන්‍යයෙන් පොඩි කසු කුසුවක් එනවනේ. නමුත් අපේ ප්‍රථම සම්මාන උලෙළේදී එහෙම දෙයක් වුණේ නෑ. අපට ඇඟිලි දික් වුණේ නැහැ. කවුරුවත් චෝදනා එල්ල කළේ නෑ. එය අතිශය සාධාරණ සම්මාන උලෙළක් කියා හැමෝටම හිතෙන්න ඇති. මෙවර සම්මාන උලෙළ ඊටත් වඩා හොඳින් නිම කරන්නයි 'හිරු' පිරිවර තමන්ගේ උපරිම ශක්තිය වැය කරන්නේ. මම හිතන්නේ ඒ අභියෝගය අපට ජය ගන්න පුළුවන්.