වර්ෂ 2017 ක්වූ පෙබරවාරි 28 වැනිදා අඟහරුවාදා




ටවුමේ ඉස්කෝලේට ගිය දැරියගේ ඉරණම කුමක්ද?
ප්‍රේමය යනු මහාර්ඝ ඖෂධයකි
ඔවුන් උපන්නේ එකම වැල්ලක ය පිහිනුවේ එකම සයුරක ය
ෂාරුක් ඛාන් මාව බාල්දු කළා
භීෂණයේ ගිනිදැල් අහස උසට නැඟෙන ගින්නෙන් උපන් සීතල
සත්‍ය කතාවක් ඇසුරෙන්
රයිගමයයි ගම්පලයයි රිවර්ස්ටන් යති
එම්.නයිට් ශ්‍යාමලන්ගේ අලුත් චිත්‍රපටය Split ලොව කලඹයි
සරිගම නරඹා විඳ ගත්තෝ
“රේඛාව” තැනූ හැටි
ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි

‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි

සමනලී ෆොන්සේකා විවෘත කතාබහක...

මම නම් කවදාවත් එහෙම කරන එකක් නෑ. මොකද ටානියා කියන්නේ මම අවුරුදු දාසයේ, දාහතේ හිටපු චරිතය නෙවෙයි. එයා හරිම බය ළමයෙක්. එයාගේ ජීවිතය එයාට අයිති නෑ කියලා ජීවත් වෙන ළමයෙක්. ඉතිං මම එහෙම නෑ. මම හැමදාම ජීවත් වුණේ මගේ ජීවිතය මට අයිතියි කියලා. මම තෝරා ගත්තේ මට ඕනෑ යාළුවෝ. මට ඕනෑ ප්‍රේමවන්තයෙක්. මම හැසිරුණේ මට ඕනෑ විදිහට.

යෞවනයේ මල්වර වූ හැඟුම් සමුදාය නිල් අහස් ගැබ සිසාරා පියා සළන්නේ විහඟ රෑනක් පරිද්දෙනි. ඉබාගාතේ ඉඟිළෙන ඒ හැඟුම්වලට සීමාවක්, මායිමක් නැත.

ඒ සිතිවිලි විහඟුන් මාන බලන්නේ, සිත අද්දරින් එළියට පැන කොතැනක හෝ සෙනෙහසින් ලැගුම් ගන්නටය.

සිහින සිතිවිලි අතර ඔමරි කරනා ඒ සෙනෙහස කෙතරම් පිවිතුරුදැයි, අවිහිංසකදැයි, සොඳුරුදැයි දන්නේ ප්‍රේමයෙන් ආතුර වූවකු පමණි.

රංග හා ටානියා එකිනෙකාගේ ජීවිතවලට එබිකම් කළේ ද ඒ ආදරයේ උණුසුම සොයාය. ජීවිතය ඔහේ ගලාගෙන ගියේය. බලාපොරොත්තු, ප්‍රාර්ථනා වෙරළේ පෙන කැටි නංවමින් විසිරෙන අයුරු ඔවුන් නිසොල්මනේ බලා සිටියහ.

නමුදු ඒ වෙරළට, රළ අහිමි වන දිනක් උදාවනු ඇතැයි ඔවුනට කිසි විටෙකත් සිතුණේ නැත. එහෙත් රතු එලිය දැල්වුණු මල් මාවත කෙළවර එක් දිනක ඒ සෙනෙහසට විරාමය තබන්නට ඔවුනට සිදු විය. ඒ ටානියාගේ වුවමනාවටය.

හරි ආත්මාර්ථකාමී කෙල්ලෙක් නේද ටානියා?

මා එසේ විමසුවේ ටානියාට ජීවය දුන් සමනලීගෙනි. ඈ මොහොතක් කල්පනාවේ නිමග්නව සිට හඬ අවදි කළාය.

ඔව්. එයා ගත්තේ දැඩි තීරණයක්. රංගගේ පැත්තෙන් බලන කොට නම් ඒ තීරණය ආත්මාර්ථකාමී තමයි නේද?

සමනලී ෆොන්සේකා එසේ ‘ටානියා’ ගේ චරිතයට පණ පොවන්නේ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයේය. එහි රංගගේ චරිතය දසුන් පතිරණ නිරුපණය කරයි. මේ අපූරු පෙම් යුවළ සිංහල සිනමාවේ අප දුටු සාම්ප්‍රදායික පෙම් ජවනිකාවලට එක් කරන්නේ නවතාවයකි. එය කිසිවකුගෙන් ණයට ඉල්ලා ගත්තක් නොවනා බැවින් ඉස්මතු වන්නේ ඔවුන්ගේ දක්ෂතාවය හා අනන්‍යතාවයම පමණි.

සමනලී මේ සැරසෙන්නේ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය හා එහි තම රංග භූමිකාව පිළිබඳ වෙනස්ම කතාබහකටය.

ටානියා, වත්මන් තාරුණ්‍ය නියෝජනය කරනා චරිතයක්. මොකද සමනලීට හිතෙන්නේ මෙවැනි චරිතයක් රඟපාන්න ලැබීම ගැන?

ඇත්තටම සතුටුයි. මොකද අපේ තාරුණ්‍ය ගෙවුණෙත් යම්කිසි දුරකට මේ විදිහට තමයි. මං හිතන්නේ ලාංකේය මධ්‍යම පාන්තික තරුණ තරුණියන් බොහෝ දෙනකුගේ තාරුණ්‍යය ගෙවෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටයේ කතා කරන්නේ ඒ තාරුණ්‍යයේ එක්තරා සුළු සිද්ධියක් විතරයි. නමුත් ඒ සුළු සිද්ධිය තුළින් ලංකාවේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතිය ස්පර්ශ කරනවා කියා මම හිතනවා. ඒ නිසා ඇත්තටම සතුටුයි මේ වගේ චිත්‍රපටයකට දායකත්වය ලබා දෙන්න හැකිවීම ගැන.

මේ චිත්‍රපටයට දායක වූ අයත් මම හිතන්නේ එකම කුලකයකට අයිති පිරිසක්?

ඔව්. මේක අපේ පරපුරේ වැඩක්. මේ කාර්යේදී අපි ඒ අත්දැකීම බෙදා හදා ගත් විදිහ මතක් කරන්න කැමැතියි. ඒවා හරිම උණුසුම් අත්දැකීම්. විශේෂයෙන්ම ශමීර රංගන වගේ නිර්මාණශීලී තරුණ අධ්‍යක්ෂවරයෙක් අපේ සිනමාවට එක්වීමත් සතුටක්. මේක අපි හැමෝගෙම කතාව.

සමනලීගේ ජීවිතෙත් මේ වගේ ආදර සබඳතා තිබිලා තියෙනවා?

ඔව්. අනිවාර්යෙන්ම A/L කරන කාලේ මම බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක පා(ර්)ක් ගිහිින් තියෙනවා. ඔය විදිහට ‘බීච්’ ගිිහින් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක්ම අත් විඳලා තියෙනවා තරුණ, තරුණියන් ලංකාවේ. සහ අත්විඳින්න වෙන්නෙත් ඔන්න ඔය විදිහට තමයි. ඇත්තටම අපේ ආදරය නෙවෙයි අපිට ප්‍රශ්නය. අපිට ප්‍රශ්නයක් හදලා. ඒක සමාජය විසින් හදපු ප්‍රශ්නයක්. මේ සංස්කෘතිය විසින් හැදු ප්‍රශ්නයක්. මං හිතන්නේ තරුණ තරුණියන් ඉතාම අසහනකාරී තත්ත්වයක ඉන්නවා කියලයි මේ රටේ. තමන්ට අවශ්‍ය තමන්ට සුදුසු ජීවිතය ගෙවා ගන්න බැරුව ඔවුන් ළත වෙනවා.

ආදරයට විතරක් නෙවේ. ඔවුන්ගේ ආශාවන්ට, ප්‍රාර්ථනාවන්ට නිදහසේ හුස්ම ගන්න බැරි වටපිටාවක් අද නිර්මාණය වෙලා තියෙන්නේ?

රංගගේ බලාපොරොත්තුව ගායන ශිල්්පියෙක් වෙන්න. Super Star  කෙනෙක් වෙන්න. නමුත් ඔහුට අවශ්‍ය විකල්ප ධාරාවේ සංගීතය ඉදිරියට ගෙනි යන්න අවස්ථාවක් නෑ. අද මේ මොහොත වන විට ලංකාවේ තරුණයන් අත් විඳින ඉරණම ගැන තමයි මේ චිත්‍රපටයේ කතා වෙන්නේ. ඒක ඉතින් මගේ ජීවිතයට ගොඩක් සමීපයි. මගේ තරුණ කාලයේ මගේ යාළුවෝ හැමෝගෙම ජීවිතවල මේ අඳුරු පැතිකඩවල් අපි දැකලා තියෙනවා.

ඔයත් පා(ර්)ක් ගිහින්, බීච් ගිහින් තියෙනවා කිව්වනේ පෙම්වතා එක්ක. හැබැයි මේ වගේ කබල් මෝටර් බයිසිකලේක නැගලා කවදාවත් කොළොම්පුරේ සවාරියක් යන්න නැතුව ඇති?

මම ආදරේ කරපු කිසිම බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙකුට අඩුම තරමේ මෝට(ර්) බයිසිකලයක්වත් තිබිලා නෑ. පුෂ් බයිසිකලයක් තිබිලා තියෙනවා එක් කෙනෙක්ට, දෙන්නෙක්ට.

ඒවායේ නැගලා ගිහින් තියෙනවා?

ඒවයේ යන්න බැහැනේ ඉතින්. අපි බස්වල තමා යන්නේ.

රංගගෙත්, ටානියාගේත් ප්‍රේමය අවසන් වන දිනයේ ඔවුන් චිත්‍රපටයක් බලන්න යනවා. පා(ර්)ක් එකට යනවා. නමුත් ඒ එක තැනකදිවත් ඔවුන්ට ‘නිදහස’ භුක්ති විඳින්න ලැබෙන්නේ නෑ. අන්තිමට ඔවුන් නවතින්නේ ලැගුම්හලක...

ඔව්...

නමුත් එතැනදි ටානියා හැසිරෙන්නේ හැඟීම් දැඩිව පාලනය කරගනිමින්. ඒත් එහෙම තරුණියන් ඇත්තටම අද ඉන්නවාද?

නෑ. මම හිතන්නේ නෑ ඒ තරුණයයි, තරුණියයි කාමරයකට ගිය පළමුවැනි අවස්ථාව ඒක කියලා. මේ චිත්‍රපටය ඇතුළේ ඒක කියැවෙනවා. මං හිතන්නේ ‘අද බෑ’ කියලා ටානියා එක තැනක කියන්නේ ඒ නිසයි. ඉතිං ඒ දවස ඇතුළත ඇගේ මානසිකත්වයයි එතන නිරූපණය වෙන්නේ කියලා මම හිතන්නේ. මොකද ඒ වෙද්දිත් ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා, පාක් එකට ගිහිල්ලා, ඒ හැම දෙයක්ම වෙලා වෙලා මානසිකත්වය බිංදුවටම බැහැලා තිබුණ වෙලාවක තමයි ඇය මේ ගමන යන්නේ. ඒ රංගනගේ වුවමනාවට.

‘යොවුන් ප්‍රේමය’ අධ්‍යක්ෂවරයා විසින් මේ වගේ තැනකට තල්ලු කිරීම පිළිබඳ ඔයා මොකද හිතන්නේ?

තරුණ තරුණියන් මේ වගේ හැසිරෙන එක අරුම පුදුම දෙයක් නෙවේ. ඒක තමයි අවුලත් මේ සංස්කෘතිය කියන කෑල්ල ඇතුළේ. ඉතිං මේ තවත් එක සෙක්ස් කෑල්ලක් විදිහට සලකන්න එපා කියලයි මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ. ඒක එහෙම එකක් නෙවෙයි. ඒ කැලඹිල්ල නිසා ඒ මොහොතේ මනස ක්‍රියා කරන විදිහ, ඒ කියන්නේ වැඩේ කෙරෙනවද නැද්ද කියන එක නෙවෙයි. මේ මොහොතේ ඔවුන් දෙදෙනා ඉන්නේ මොන වගේ මානසික මට්ටමක ද කියන එකයි අපි චිත්‍රපටය නරඹද්දී හිතන්න ඕනෑ.

චිත්‍රපටය නැරඹූ ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ මතය තමයි ඒ දර්ශනය චිත්‍රපටයට අදාල වෙන්නේ නෑ කියන කාරණය?

මම හිතන්නේ ඒක ඉතාම අදාලයි ඒ චිත්‍රපටයට. ඒක අතිශය අදාළයි සහ අපි මේකෙ පෙන්නන්නේ සංකේතාත්මකව මේ මොහොතේ ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන ඛේදවාචකය. මේ චිත්‍රපටයේ එක්තරා උපක්‍රමයක් තමයි සංකේතාත්මකව එවැනි දේවල් යොදා ගැනීම. ඉතින් මම හිතන්නේ මේ එහෙම සංකේතාත්මක දර්ශනයක්. මම හිතනවා ඒ දර්ශනය තිබිය යුතුමයි කියලා මේ චිත්‍රපටය ඇතුලේ. හැබැයි ඕනෑ කෙනෙකුට මේක විවේචනය කරන්න පුළුවන්. ඕනෑම කෙනකුට විවෘතයි එය විවේචනාත්මක ඇහෙන් බලන්න.

මම හිතන්නේ මේ Take One Shoot කරපු දර්ශනයක්?

ඔව්, මේක One Shot Shoot  කරපු දර්ශනයක්. ඉතාමත් සියුම්ව මුහුණේ භාව ප්‍රකාශනයන් වෙනස් වන විදිහ, ඒ ඉරියව් වෙනස් වන විදිහ තුළ තියෙන්නේ තරුණයෙක් හා තරුණියක් කාමරයක් තුළ තනිවීම කියන සරල කතාව නෙවෙයි. මේ මුළු ජිවිතයම ඒක ඇතුලේ තියෙනවා. එය හුදෙකලා සිදුවීමක් හැටියට ගන්න එපා.

අපි දන්න සමනලී නම් තමන්ගේ පෞද්ගලික ජිවිතයේ බොහොම ‘රැඩිකල්’ තීරණ ගන්න කන්ට්‍රව(ර්)ෂල් කැරක්ට(ර්) එකක්නේ. මොන යම් බලපෑමක් ආවත් සමනලීනම් ටානියා වගේ එහෙම ප්‍රේමයෙන් සමුගන්න තීරණය කරන එකක් නෑ?

මම නම් කවදාවත් එහෙම කරන එකක් නෑ. මොකද ටානියා කියන්නේ මම අවුරුදු දාසයේ, දාහතේ හිටපු චරිතය නෙවෙයි. එයා හරිම බය ළමයෙක්. එයාගේ ජීවිතය එයාට අයිති නෑ කියලා ජීවත් වෙන ළමයෙක්. ඉතිං මම එහෙම නෑ. මම හැමදාම ජීවත් වුණේ මගේ ජීවිතය මට අයිතියි කියලා. මම තෝරා ගත්තේ මට ඕනෑ යාළුවෝ. මට ඕනෑ ප්‍රේමවන්තයෙක්. මම හැසිරුණේ මට ඕනෑ විදිහට. හැමදාම ජීවිතයේ අම්මා තාත්තාත් එක්කත් රණ්ඩු වෙවී මම ගත්තේ අවසානයේ මට ඕනෑ තීරණය තමයි. ඒවා වැරදිලා තියෙනවා. හරි ගිහින් තියෙනවා. ඒ හැම දෙයක්ම ජීවිතේ අත්දැකීම් තමයි ඉතින්.

එතකොට සමනලී කියන්නේ අකීකරු දියණියක්ද? දිරිය දියණියක්ද?

මම අකීකරු දියණියක්. හරිම අකීකරුයි.

ඔයාට සතුටුයි ද දැන්?

සතුටක්ම නෙවෙයි. ඒ මගේ Life Style එකනේ.

ටානියා, රංගට ‘බූට්’ එක තියපු වෙලාවේ මොකක්ද සමනලීට ඇති වුණ හැඟීම?

එහෙම ආදරයෙන් සමුගන්න තරම් ප්‍රශ්නයක් එතැන තියෙනවා කියලා මං හිතන්නේ නෑ. ගෙදරට බයවීම, අනාගතයට, සමාජයට මේ සිස්ටම් එකට බයවිම තමයි ටානියාගේ ප්‍රශ්නෙ වෙලා තිබ්බේ. ඉතින් එහෙම බය වෙන්නේ නැතිව ටානියාට තිබ්බා මේ සිස්ටම් එකට එරෙහිව රංග එක්ක එකතු වෙලා අලුත් ජීවිතයක් ගොඩ නඟන්න. ඒක කරන්න තිබ්බා.

අපි නම් එහෙමයි නේද?

ඔව්. මේ මොහොතේ මං කරමින් ඉන්නෙත් ඒක තමයි.

සමනලියි, දසුනුයි මේ ප්‍රේමණීය චරිත හරි අපූරුවට නිරූපණය කළා. අපිට හිතුණේ දෙන්නා ඇත්තටම Love  කියලා?

දසුනුයි, මමයි හොඳ යාළුවෝ. අපි දෙන්නා කතා කරන්නේ එකම භාෂාව. ඉතින් අපි දෙන්නට පුළුවන් වුණා ඒ චරිත දෙක අලුතෙන් ගොඩ නඟන්න. මොකද රංග කියන්නේ දසුන් නෙවෙයි, ටානියා කියන්නේ මම නෙවෙයි. ඒ වගේ බය දෙන්නෙක් නෙවෙයි අපි දෙන්නා. ඉතින් ඒ චරිත දෙක ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙන්න අපට රුකුලත් වුණේ ඒ අපේ වසර ගණනාවක යාළුකම.

රංගනය හැදෑරීමෙන් ද නැත්නම් අත්දැකීම් තුළින් ද මේ චරිතය සාර්ථකව ගොඩ නඟන්න ඔයාට පුළුවන් වුණේ?

ඇත්තටම කියනවා නම් එහෙම ඇකඩමික් පැත්තක් තිබිලා නෑ මගේ රංගනය සම්බන්ධයෙන්. මම විශ්වාස කරනවා අපි යම්, යම් දේවල් ඉගෙන ගත යුතුයි. හැබැයි හැඟීම් කොහොමද අපි ප්‍රකාශ කරන්නේ කියන එක අපට එහෙම ලොකුවට ඉගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට ඉවහල් වෙන්නේ අත්දැකීම්. මම කැමැතියි ගොඩක් වෙලාවට මිනිස්සු දිහා විවේචනාත්මකව බලනවාට වඩා ඒගොල්ලන්ගේ මානසිකත්වය විචක්ෂණශිලීව දකින්න.

ඒ අවබෝධය චරිත නිරූපණයේදී බෙහෙවින්ම ඉවහල් වෙනවා?

ඔව්, කෙදිනක හෝ ඒ අත්දැකීම් ප්‍රයෝජනවත් වේවි. චරිත නිරූපණයකදී ඊළඟ මොහොතේ සිදුවන දෙය අප දන්නවා. නමුත් ඊළඟ මොහොත නොදැන සිටීමට මනස දියුණු කර ගැනීමයි රංගන ශිල්පිනියක් හැටියට මම බලාපොරොත්තු වන්නේ. ඒක මම හිතලා හදා ගත්ත දෙයක්. මම දන්නේ නෑ කොයි තරම් දුරට ඒක සාර්ථක ද කියලා. මම හිතන්නේ රංගන ශිල්පිනියට අවකාශයක් තියෙනවා ඊළඟ මොහොත නොදැන සිටීම ඇතුලේ ඇගේ රංගනයේ ඒ ස්වභාවිකව කෑල්ල එලියට ගන්න. ඒ කියන්නේ ඒ චරිතය හරියටම කරන්න. ඒකට මම මාව ට්‍රේන් කරනවා. මට දැනෙන දේ නෙවෙයි, චරිතයට දැනෙන දේම හිතන්න මම උත්සාහයක යෙදෙනවා. ඒක හරි අමාරු දෙයක්.

ටානියාට උපරිම සාධාරණයක් ඔයා අතින් ඉටු වුණා?

අපේ අත්දැකීම් එක්ක තව තව දේවල් මේ චරිතය ඇතුළට ගන්න තිබ්බා කියලත් හිතෙනවා. සමහර වෙලාවට දැන් චිත්‍රපටය නරඹන කොට මට හිතෙනවා ‘අයියෝ මෙතන මෙහෙම කරන්න තිබුණා’ කියලා. මේක අවුරුදු තුනකට කලින් කරපු චිත්‍රපටයක්. මම රඟපෑවේ අවුරුදු දාසයක, දාහතක ගෑනු ළමයකුගේ චරිතය. එකේ රඟපාන කොට මට වයස අවුරුදු 31 ක්. දැන් අවුරුදු 34 දී ආපහු හැරිලා බලනකොට මට හිතෙනවා දැන් ඒ චරිතය හොඳින් කරන්න තිබුණා මීට වඩා කියලා.ඒ වුණාට ඒ විනිශ්චය ප්‍රේක්ෂකයන්ට බාර දෙන්න මම කැමැතියි.

සාමාන්‍යයෙන් නිළියෝ වයස කියන්නේ නැහැනේ. ඒත් සමනලී එලිපිටම තමන්ගේ වයසත් කිව්වා ඔන්න?

ඔව්. ඉතින් ආයෙත් ඕකේ හංගන්න මොකුත් තියෙනවයැ . . .

ඒක නෙවෙයි ෆිල්ම් එක ෂූට් කරද්දි මාර කට්ටක් කෑවලු නේද?

අපොයි ඔව්. මාර කට්ටක් කෑවේ. දස්සයි මායි ඒ කාලේ ඒ නහර කපලා තිබ්බේ. අපි අර සිංදුවට නට නටා යනවා පාර දිගේ. සමහර වෙලාවට කැමරාව පෙන්නෙත් නෑ. ඉතින් මිනිස්සු හිතුවේ අපි පිස්සෝ දෙන්නෙක් කියලා. සිංදුවක් Play  කරන්න විදියකුත් නෑ. ඒත් ඒකේ රිද්මේ අපි හිතෙන් හිතාගෙන නට නටා යන්න ඕනෑ. එතකොට අර බස් එකේ උඩ ඩාන්ස් එක. සෙනඟ පල්ලෙහා බස් එක වට කරගෙන ඉන්නවා. උඩ අපි නටනවා. ආ... සමහර වෙලාවට අර බයිසිකලේ කැඩිලා මම ඇත්තටම තල්ලු කරපු වෙලාවලුත් තිබෙනවා. ඉතින් අපි දෙන්නා ඒ විදියට කට්ට කෑවට අපේ ජීවිතවලට ඒ අත්දැකීම් එකතු කර ගත්තා.

ඔයාගේ නැන්දා නිළි රැජිණ මාලිනිය මේ චිත්‍රපටය නැරඹුවාද?

නැන්දා මෝට(ර්) බයිසිකල් බැලුවේ නෑ. ඒත් එයා ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය බැලුවා. ගොඩාක් සතුටු වුණා. ඇය මට ලොකු හාදුවක් දීලා සුබපැතුවා. ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ එදා විශේෂ දර්ශනයක් තිබුණේ. ඉඩධඹ එක ඉවර වෙලා මම හැම තැනම බැලුවේ නැන්දි කෝ, නැන්දි කෝ’ කියාල. එක පාරටම කවුදෝ පිටිපස්සෙන් ඇවිත් මගේ පිටට මුහුණ තියලා ‘හ්ම්’ කියලා තද කළා. බැලුවාම නැන්දි. එයා මගේ මුහුණ ඉඹලා ‘හරිම ෂෝක්’ ‘හරිම ෂෝක්’ කියලා මට සුබපැතුවා. එයා මේ වයසේ රඟපාපු චරිතවලට වඩා හොඳට මම මේ චරිතය කරලා තියෙනවා කියලා නැන්දා පත්තරේකටත් කියලා තිබුණා. ඒත් ඒක ඇත්තක් කියලා මම නම් හිතන්නේ නෑ. හැබැයි ඒ කතාව හරිම නිහතමානියි. හරිම ආදරණීයයි.

වත්මන් ‘සරසවිය’ කර්තෘ අරුණ ගුණරත්නගේ ‘සූර්ය විංශති’ ටෙලි චිත්‍රපටය තමයි ඔයාගේ රංගන දිවියේ පදනම. එදා හිතුවද රංගන ක්ෂේත්‍රයේ මේ තරම් දිගු ගමනක් යන්න ලැබෙයි කියා?

නෑ. කොහෙත්ම නෑ. පුංචි කාලේ මම නැන්දා එක්ක ගිහින් චිත්‍රපට කීපයක රඟපාලා තියෙනවා. ඒ මගේ දැනුවත්භාවයකින් තොරව. පොඩි ළමයෙක්ගේ චරිතයක් තිබ්බොත් නැන්දි මාව අරගෙන යනවා. යොවුන් වියට ආවාට පස්සේ ඉතින් මට හරි ලැජ්ජාවක් තිබුණේ ඇක්ට් කරන්න. ඉතිං ඒක කළේ නෑ. ටෙලි නාට්‍යය එහෙමත් ලොකුවට තිබුණේ නෑ ඒ දවස්වල. අරුණ අයියා මේ වගේ දෙයක් තියෙනවා කියලා මට කතා කළාම ‘මට බෑ මේ මොන විකාරයක්ද’ කියලා කිව්වා. මට වයස අවුරුදු දාසයක් විතර ඇති. ඒත් නැන්දි, තාත්තා සේරලම කිව්වා ඒකේ රඟපාන්න කියලා. පස්සේ කැමැති වුණා. ඒකේ මගේ නම ‘අමා’. ඒ අමා ‘මම’ම තමයි. වෘත්තිය මට්ටමක් පෙන්වපු රඟපෑමක් නොවුණත් අරුණ අයියා එදා මාව වෘත්තීය නිළියක් බවට පත් කරන්න අඩිතාලම දැම්මා.