වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




අතීතය වසාගත් සොඳුරු කතාවක්
ජැකී චෑන්ගේ විශිෂ්ට රංගනය
මා නිෂ්පාදකවරයකු වූයේ ලාභ ගන්නට නොවෙයි
ඉතිහාසයේ එක දවසක් සොයායන වර්තමානයේ චාරිකාව
මැණිකක් රකිනා ලෙස පුතු රකින නාග මාතාව කුසල්
වෙන්වූ නිවුන් සොහොයුරන්ගේ කතාව යළිත්
එන්න සකුරා මල් පිපෙන රටේ අසිරිය විඳින්න
මකරාගේ උත්පත්ති කතාව Birth of the Dragon
පාරමී හා නිශාට මැදි වූ විමුක්තිගේ කතාව
අලුත් ජීවිතේ අඳුරු සෙවනැලි
මිනිසකුගේ රූප විපර්යාසය ගැන කියවෙන
ඉන්දිරා සමයේ ඉන්දියාවේ කතාවක්
අඳුරු ගම එකලු කරන අපූරු දරුවකු පිළිබඳ
ද්‍රෝහීන් කලඹන වීරයෙක්
කතා කරන හීන අරන් එන අපූර්වගේ කතාව
වීරයෙක් හොයන කෙල්ලක් A Gentleman
කන්දක් ගිනි උසුලන්නී කන්දක්සේ නොසැලෙන්නී නූපා
හිම තාරකා කුතුහලය ගෙන එන කතාවක්
ශාරුක්ගේ ආදරය ඇස්වලින්ම පේනවා
පාළුව දෙවනත් කරලා නාඬන් ‘උලලේනි’
සේයා ඇගේ ආත්මය ඔබ ලුහු බඳිනු ඇත
හීන හොයන සමනල්ලු මගේ අන්තිම බලාපොරොත්තුවයි
ජැක්සන් බොලිවුඩ් එයි
තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි

‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි

සිග්නීස් සම්මානයෙන් පුද ලද ‘සැමීගේ කතාව’ තැනූ පි‍්‍රයංකර විතානාච්චි කියයි

2016 දෙරණ සිනමා සම්මාන උළෙලේ කිසිදු සම්මානයකට හිමිකම් නොකියූ ‘සැමීගේ කතාව’ ඉන් පසු පැවැති ‘සිග්නීස්’ සම්මාන උලෙළේදී සම්මාන අටකින් පිදුම් ලැබීය. ඒ නිර්මාණශීලී අධ්‍යක්ෂණය, ප්‍රතිභාන්විත රංගනය ඇතුළු විවිධ අංශයන් වෙනුවෙනි.

‘සැමීගේ කතාව’ ජාත්‍යන්තර සිනමා රඟමඬලේ ද සම්භාවනාවට පාත්‍ර වූ චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂවරයා ප්‍රියංකර විතානාච්චිය. කැනඩාවේ පදිංචි ප්‍රියංකර පසුගිය දා ලංකාවට පැමිණයේය. ඔහුගේ ඊළඟ චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතු ද ඒ හරහා සිදුවීම සුවිශේෂත්වයකි.

මඳ ඉසිඹුවක් ලද මොහොතක ‘සරසවිය’ හා සංවාදයකට එක්වීමට ද ඔහු අමතක කළේ නැත.

* ‘සැමීගේ කතාව‘ ප්‍රදර්ශනයට මුදාහැර සෑහෙන කාලයකට පසුවයි සම්මානයට පාත්‍ර වුණේ?

ඔව්. 2014 චිත්‍රපටය මුදා හැරියේ. 2015 අවසන් භාගයේ තමයි සම්මාන ලැබුණේ. ඒ කියන්නේ 2014 වසරේ තිරගත වුණු චිත්‍රපට වෙනුවෙන්.

* මොකද හිතෙන්නේ මේ සම්මාන ගැන?

මම හිතන්නේ හැම නිර්මාණකරුවෙක්ම සම්මාන ඇගයුම්, ප්‍රශංසා පැත්තකින් තියලා තමන්ගේ නිර්මාණය උපරිමයෙන් කරන්න තමයි උත්සාහ ගන්නේ. මගෙත් අරමුණ වුණේ ඒකයි. එහි අතුරු ඵලයක් තමයි සම්මාන. සම්මානයක් ලැබුණාම ඉතින් පෘථග්ජන මිනිස්සු හැටියට අපිටත් සංතෝෂයි. ඇත්තටම සතුටක් තියනවා මේ චිත්‍රපටයට සම්බන්ධ වුණ ශිල්පීන් යම්කිසි ඇගයීමකට ලක්වීම ගැන.

* ඔබත් ඇගයීමට ලක් වුණා

ඔව්... ඔව්... මටත් සම්මානයක් ලැබුණා. නමුත් ඒක නෙවේ අපේ ඉලක්කය.

* එතකොට ඔබ සම්මාන බලාගෙන චිත්‍රපට හදන අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි?

නෑ කොහෙත්ම නෑ. පළමුවැනි ඉලක්කය මගේ ආත්ම තෘප්තිය. දෙවැනි එක තමයි ප්‍රේක්ෂකයා විනෝදාස්වාදයට පත් කිරිම. ඒ ඉලක්ක දෙක තමයි ප්‍රධාන.

* දැන් අපි දන්නවා මේ කලාත්මක යැයි සම්මත සිනමාව ඔස්සේ යම් මෙහෙවරක් කරන්න පුළුවන් සමාජයට. ප්‍රේක්ෂකයා ඥානනය කිරීම, ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යෑම වැනි දැ එතකොට එවැනි සංකල්පයක් නෙවේද ඔබේ සිනමා භාවිතයේ තියෙන්නේ?

මම උත්සාහ කරන්නේ නැහැ, කාගෙවත් සිතුම් පැතුම් වෙනස් කරන්නවත්, කාටවත් පණිවිඩයක් දෙන්නවත්, මගේ නිර්මාණ තුළින් කලාත්මක, වාණිජ එහෙම නැතිනම් මැද මාවතේ හෝ මොන මාවතක චිත්‍රපටයක් මම බලන්න ගියොත් මම ආසයි ඒ චිත්‍රපටයත් එක්ක බැඳී එයින් කිසියම් ආස්වාදයක් විඳින්න. සමහර විට වාණිජමය කියන චිත්‍රපටයක් වෙන්නත් පුළුවන්. කලාත්මක චිත්‍රපටයක් වෙන්නත් පුළුවන්. ඒ තුළින් මම ආස්වාදයක් ලබනවා. ඒ මා ලබන ආස්වාදය මගේ නිර්මාණයක් තුළිනුත් ප්‍රේක්ෂකාගාරයට ලබාදීමයි මගේ උත්සාහය. චිත්‍රපටය බලන අය සමහර විට එය වර්ගීකරණය කරන්න පුළුවන්. ඒක ඒ අයට තියෙන අයිතියක්. ඒකේ කිසි ගැටලුවක් නෑ.

* චිත්‍රපටයකින් ඔබ බලාපොරොත්තු වන්නේ ආස්වාදය වුණාට වෙනත් ප්‍රේක්ෂකයෙක් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන් නේද?

අනිවාර්යයෙන්ම. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ‘සැමීගේ කතාව’ චිත්‍රපටයේ මට ඕනෑ වුණේ මේ සැමී කියන චරිතයේ කතාව කියන්න. එහි වෙන ඉලක්කයක් තිබ්බේ නෑ මට. අර මම මුලින් කිව්ව ආත්ම තෘප්තිය සහ ප්‍රේක්ෂකයා ආනන්දයට පත් කිරීම වගේ දෙයක් හැර. සමහරු මට කියපු දෙයක් තමයි මේ චිත්‍රපට නැරඹුවාම මෙවැනි මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් දිහා අලුත් ආකාරයකින් නැතිනම් වෙනදාට වඩා සානුකම්පිතව බලන්න ඔවුන් උත්සාහ කළා කියන එක. මගේ ඉලක්කය වුණේ ඒක නෙවෙයි. නමුත් අතුරු ඵලයක් ලෙස එය ඉටුවෙච්ච එක ගැන මට බොහොම සතුටුයි.

* එය ඔබ බලාපොරොත්තු නොවූ දෙයක්?

නොහිතපු පැත්තක්. දැන් මම චිත්‍රපටයක් හදන කොට හිතුවොත් එහෙම මේ මන්ද මානසික මිනිසුන් ගැන ප්‍රේක්ෂකයාට පහන් සංවේගයක් ඇති කරවනවා කියලා එතනදි කොතනක හරි මම අතරමං වෙනවා.

* නිර්මාණකරුවාට වෙතින් ප්‍රජා සත්කාරයක් අවශ්‍ය නෑ?

අනිවාර්යෙන්ම. ඒක ලැබෙනවා නම් ලැබුණදෙන් කියන එක තමයි මම විශ්වාස කරන්නේ.

* ‘සැමීගේ කතාව’ චිත්‍රපටය දෙස ආපසු හැරී බලනකොට නිර්මාණකරුවා හැටියට එකී නිර්මාණයට මීට වඩා යමක් කරන්න තිබුණා කියලා ඔබට හිතෙනවාද?

එහෙම සිතිවිල්ලක් තියනවා. ඒක සාමාන්‍යයෙන් ඕනෑම නිර්මාණකරුවකුට හිතෙන දෙයක්. ඒක අවංකව කියන්න පුළුවන්. මොකද මම හුඟක් ගරු කරන අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රැන්සිස් ෆෝඩ් කොපොල්ලා. ගෝඩ් ෆාදර්, ඩ්‍රැකියුලා වගේ චිත්‍රපට කරපු පුද්ගලයෙකුත් හැම විටම ලැජ්ජාවක් නැතුව කියනවා ‘මම හදපු චිත්‍රපටයක් නරඹන හැම වෙලාවෙම මට හිතෙනවා අපරාදේ මීට වඩා හොඳ දෙයක් කරන්න තිබුණානේ’ කියලා. ඉතිං එවැනි පුද්ගලයෙක් එහෙම කියනකොට මං වගේ බොහොම ආධුනිකයෙක් ඒ වගේ හිතුවාට වරදක් නෑ. නමුත් සතුටක්, තෘප්තියක් තියෙනවා මේ චිත්‍රපටය කිරීම ගැන.

* කපිතාන් එල්මෝ ජයවර්ධන රචිත ‘සිංහලේ අවසන් රාජධානිය’ කෘතිය ඇසුරෙන් ඔබේ මීළඟ චිත්‍රපටය නිර්මාණය කිරීමට සූදානම් වන බව දැනගන්න ලැබුණා?

නෑ අසංක, ඒක ටිකක් පස්සට ගියා. මොකද මම හිතනවා ඒක විශාල පිරිවැයක් දරන්න සිදුවන නිර්මාණයක් කියලා. ඉහගම සෝමරත්න කියන ස්වාමින් වහන්සේ සිවුරු හැර දේශප්‍රේමී අරගලයකට එක්කාසු වෙච්ච කතාව පසුබිම් කරගෙන 1918 මාතලේ කැරැල්ල පිළිබඳවයි මෙම කෘතියේ විවරණය වෙන්නේ. බොහොම ලස්සන කතාවක්. ඒක ඓතිහාසික කතාවක්.

* පහුගිය කාලේ අපේ සිනමාවෙන් ඉතිහාසය පට්ට ගැසුවා?

පොඩි බයකුත් තියෙනවා ඉතිහාසය ගැන චිත්‍රපට හදන්න. නමුත් මේ ඒ රැල්ලට යන්න හදන චිත්‍රපටයක් නෙවේ. එහෙම රැල්ලට යන්න ඕනෑත් නෑ. අධික පිරිවැයක් යන චිත්‍රපටයක් නිසයි එය ප්‍රමාද කරන්නේ. මොකද අපි මුලින්ම හිතන්න ඕනෑ ආයෝජකයා බේරා ගන්න විදිහක්. අපේ සීමිත ප්‍රේ්ක්ෂකාගරයට අධික පිරිවැයක් යොදා තනන චිත්‍රපට ඔරොත්තු දෙන්නේ නෑ. එබඳු නිර්මාණයකට ජාත්‍යන්තර වෙළෙඳපොළකුත් අවශ්‍යයි. කෙසේ වුවත් එය මගේ අනාගත ව්‍යාපෘතියක් වේවි.

* නිර්මාණකරුවකු ලෙස එතෙක් ඔබ නිහඬයි?

නෑ. මගේ මීළඟ චිත්‍රපටයට මම සූදානම් වෙනවා. එයත් ග්‍රේෂන් සම්මානයෙන් පුද ලද නවකතාවක් ඇසුරෙන් තමයි නිර්මාණය වන්නේ. ‘ප්ලේයින් පියෝ පොලිටික්ස් ඇක්ට් එම්. ජී. කේ’ කියන ඒ සම්මානනීය ඉංග්‍රීසි නවකතාව රචනා කළේ ලාල් මැදවත්තේගෙදරයි. එහි සිංහල අරුත ‘මහ ගෑනි කන්ද’ කියන එකයි.

* ‘මහ ගෑනි කන්ද’ කොහොමද ඒ නම පටබැඳිලා තියෙන්නේ?

මේ කතාවේ ප්‍රධාන දර්ශන තලය වන්නේ ගැහැනියක් වගේ නිර්මාණය වෙච්ච කන්දක්. ඒ කන්දේ පිහිටීම, ස්වරූපය කාන්තාවක් හා සමානයි.

* නාරි දේහයක් වගේ?

නාරි දේහයක් වගේ. එම නිසයි ඒ කන්දට මහ ගෑනි කන්ද කියන්නේ.

* ඇත්තටම එහෙම කන්දක් තියෙනවාද?

එහෙම කන්දක් නුවර පළාතේ තියෙනවා කියලා ඒ කර්තෘවරයා මට කිව්වා. ඉතින් එයත් මේ කන්ද දැකලා තමයි ඒ කතාව ගොතලා තියෙන්නේ. එය හරි අපූරු නවකතාවක්. පොත කියවනකොට අතින් බිම තියන්න හිතෙන්නේ නෑ. ඒ කියන්නේ එක හුස්මට කියවන්න පුළුවන් පොතක්. පොත කියෙව්වට පස්සේ මම ඒ කර්තෘවරයා සම්බන්ධ කරගෙන මේ පොත ඇසුරෙන් චිත්‍රපටයක් කරන්න ඕනෑ බව ඔහුට කිව්වා. එයට තිබෙන අභිරුචිය මම ඔහුට ප්‍රකාශ කළා. මම හිතනවා එයින් අර ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදයක් ලබා දෙන චිත්‍රපටයක් කරන්න පුළුවන් වේවි කියලා. ඔහුත් එකඟ වුණා. ඉතිං මේ දවස්වල මම එහි තිර නාටකය සකස් කරමිනුයි ඉන්නේ.

* දැන් ඔබ හිතනවාද අධ්‍යක්ෂවරයා, තිර රචකයා බවට පත්වීම විශේෂ පිටිවහලක් කියා තමන්ගේ නිර්මාණය සාර්ථක කර ගැනීමට?

ඇත්තටම අසංක මම නම් හිතන්නේ ඊට වෙනත් ක්‍රමයක්. අපි අර ඉංග්‍රීසියෙන් කියන්නේ ඛ්ඩඥජඬ චදඤ ඕචතචදජඥ කියලා. ඒක පොඩ්ඩක් නැතිව යනවා. වෙන කෙනෙක් තිර රචනයක් ලියලා දුන්නාම අධ්‍යක්ෂවරයාට පුළුවන් තවදුරටත් ඒක ඉදිරියට ගෙන යන්න. අධ්‍යක්ෂවරයාම තිර රචනය ලිව්වාම තව කවුරුත් නෑ ඕක බලන්න. ඔහු හිතනවා මේක තමයි හරි කියලා.

* අධ්‍යක්ෂවරයා, සංස්කරණයට ඇඟිලි ගහන්න ගියාම වෙන ඇබැද්දියම වෙනවා?

හරියට හරි. ඒකෙන් පොඩ්ඩක් මිදෙන්න ඕනෑ.

* එහෙනම් ඇයි ඔබ එහි තිර රචනය ලියන්නේ?

එකක් අසංක තිර රචනය ලියනකොටත් හරි තෘප්තියක් දැනෙනවා.

* ඒකට පොඩි ලෝබකමකුත් තියෙනවා?

ඒකට පොඩි ලේබකමකුත් තියෙනවා. මේක වෙන කවුරු හරි ලිව්වොත් හරියට ලියන එකක් නැද්ද කියලත් හිතෙනවා. මොකද දැන් මම පොත කියවලානේ තියෙන්නේ. දැන් ඒකට මගේ අර්ථකථනයක් තියෙනවා. ඉතිං එතකොට මට හිතෙනවා තවත් කෙනෙක් තිර රචනය කළොත් මගේ ඒ අර්ථකථනය වෙනස් විදිහකට ගනීද කියලා. එහෙමත් හිතන ගමන් තවත් විටෙක හිතෙනවා කවුරු හරි ලියලා දුන්නොත් හොඳයි කියලත්.

* කොහොමද දැන් ඒ චිත්‍රපටයට නළු, නිළියන් එහෙම තෝර ගෙන ඉවරද?

මම විදෙස් ගත වෙලා සිටින නිසා මේ ලද අවස්්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම පිණිස ඊට මූලිකව සම්බන්ධ වෙන කාර්මික ශිල්පීන් කීප දෙනෙක් එක්ක මම මේ ගැන සාකච්ඡා කළා. ඔවුන්ට මම කිව්වා තිර රචනය සම්පූර්ණ කළාට පස්සේ අපි තවදුරටත් කතා කරමු කියලා. එතකොට නළු, නිළියන් කීප දෙනකු ගැනත් මගේ හිතේ තියෙනවා. කොහොමත් එම තිර රචනය ලියා අවසන් වෙලා තමයි අවසන් තීරණය ගන්නේ, කවුද මීට වඩාම උචිත නළු, නිළියන් කියලා. ඒත් තවම මම ඔවුන්ට ස්ක්‍රිප්ට් එකවත් දීලා නෑ. ඔවුන් සමහර විට මේ ගැන දන්නෙත් නෑ. මගේ හිතේ තිබ්බට මදිනේ.

* කොහොම හරි මම හිතනවා ‘සැමීගේ කතාව’ට සම්බන්ධ වෙච්ච අය වැඩි පිරිසක් මීටත් දායක වෙයි කියලා?

ඔව්, ඔව් බොහොමයක් කට්ටිය. කාගෙවත් වැරැද්දක් නෙවෙයි අසංක වැඩක් කරගෙන යනකොට අපිට තේරෙනවානේ මෙයත් එක්ක වැඩිකල් ඉන්න පුළුවන්, මෙයත් එක්ක අමාරුයි කියලා. ඒ නිසා එහෙම වැඩිකල් ඉන්න පුළුවන්, ඒ අන්‍යොන්‍ය අවබෝධය තිබෙන පිරිසක් එක්ක තමයි මම මේ නිර්මාණයට අත ගහන්නේ. ඒගොල්ලන්ගේ වැරැද්දක් නෙවෙයි මම හිතන්නේ, මනුෂ්‍ය ස්වභාවය. ඉතින් වඩා හොඳයිනේ ඒකාත්මිකව, චිත්ත ඒකග්‍රතාවයකින් යුතු පිරිසක් එක්ක වැඩ කරන එක.

* එක ජාතියේ කුරුල්ලෝ එකට එකතු වුණාම වැඩේ නැගලා යනවා?

හරියට හරි. සිංහලෙන්ම කිව්වොත් වැඩේ නැගලා යනවා.

* ඔබ වැඩි අභිරුචියක් දක්වන්නේ සම්මානනීය නවකථා ඇසුරෙන් චිත්‍රපට තනන්න. ඇයි ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?

ඔව්. විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අසංක සම්මානයක් ලැබුණා කියලා කිව්වාම ඒ කෘතියේ යම් කිසි ගතයුත්තක් ඇති කියා මා හිතනවා. එතකොට අපි හිතමු අවුරුද්දකට නවකතා දහයක් එළිදක්වා තිබෙනවා නම්, මම ඒ දහයම බලලා තීරණය කරනවා වඩා හොඳයි සම්මානනීය නවකතාව තෝරා ගන්න එක කියලා හිතනවා. මොකද ඒකේ මොකක් හරිම දෙයක් තියෙන්න ඕනෑනේ. දැන් ඒ කතාව කියවලා ඒක මට ඇල්ලුවේ නැතිනම් ඊට නිර්දේශ වූ පොතක් හරි කියවනවා. නැතිනම් ඊළඟ වසරට යන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මට පොඩ්ඩක් ලේසියි ඒ උපක්‍රමය. සමහර විට ඒක සාධාරණ නොවෙන්න පුළුවන්.

* අපි දන්නවා මෑතකදී ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘සක්කාරං’ චිත්‍රපටයත් චම්මින්ද වෙලගෙදරගේ සම්මානීය නවකතාවක් ඇසුරින් කළ නිර්මාණයක්. එහි පිටපත් රචකයාත් චම්මින්දමයි. නමුත් ඇත්ත වශයෙන්ම ඒ චිත්‍රපටය අසාර්ථක වූ බවයි විචාරක මතය. එතකොට සාර්ථක චිත්‍රපටයකට සම්මානනීය නවකතාවක් මිනුම් දණ්ඩ කර ගැනීම පමණක් ප්‍රමාණවත්ද?

ඔබ අසන ප්‍රශ්නයට සීයට සීයක් මම එකඟ වෙනවා. සම්මානනීය නවකතාවකින් චිත්‍රපටයක් කළ පමණින් එය සාර්ථක වන්නේ නෑ. මම මේ සක්කාරං පිළිබඳ අදහස් ප්‍රකාශ කරනවා නෙවෙයි. මොකද මම සිනමාකරුවෙක් වෙන්න උත්සාහ කරන නිසා වෙනත් සිනමාකරුවෙකුගේ නිර්මාණයක් විවේචනය කිරීම සුදුසු නැති බව මා සිතන නිසා. නමුත් සම්මානනීය නවකතාවක් වූ පළියටවත්, හොඳ අධ්‍යක්ෂවරයකු වූ පලියටවත්, හොඳ තිර කතා රචකයකු වූ පලියටවත්, හොඳ නළුවකු සිටි පලියටවත් හොඳ කැමරා ශිල්පියකු වු පලියටවත්, සාර්ථක චිත්‍රපටයක් බිහි වෙන්නේ නෑ. හැමෝම දන්න දෙයක් තමයි චිත්‍රපටයක සාර්ථක හෝ අසාර්ථක භාවයට සියයට අනූවක්ම බලපාන්නේ තිර රචනය බව. එතනදි අසංක වැගත් දෙයකට මගේ මනස ඔබ විසින් යොමු කෙරෙව්වා. ඒ මොකක්ද, අපි තිරණය කරන්න ඕනෑ එහෙම නැතිනම් අවබෝධ කරගන්න ඕනෑ සාහිත්‍යයේ සහ සිනමාවේ තිබෙන වෙනස. අර ඹ්ඪබඥපචබභපඥ චදඤ ජඪදඥථචබඪජ කියන එක.

* එහෙම අවබෝධයකින් කටයුතු කළෙත් වැඩේ දෙල් වෙන්නේ නෑ?

ඔව්. මම එහෙම හිතනවා. සාහිත්‍යයේ තියන දේ තිරයට ගෙන්න කවුරු හරි උත්සාහ කරනවා නම් මම හිතනවා එතනදි යම්කිසි අසාර්ථකත්වයකට පත් වෙනවා. අපි ඒකට හැම තිස්සේම දෙන්න ඕනෑ අර සිනමාත්මක ස්වරූපයක්. එම නිසා තමයි අපි පොතකින් චිත්‍රපටයක් හදන කොට හුඟක් වෙලාවට ඕචඵඥඤ ධද එහෙම නැත්නම් පදනම් කරගෙන කියන වචනය යොදන්නේ. ඒකම නෙවෙයි. මේක චිත්‍රපටයක්. මොකද සිනමාව දෘශ්‍ය මාධ්‍යයක්. නවකථාව සාහිත්‍ය මාධ්‍යයක්. සමහර වෙලාවට සාහිත්‍යකරුවා කෘතියක පිටු හතරක නැතිනම් පහ, හයක වර්ණා කරන දේ එක ෂොට් එකෙන් සිනමාකරුවාට කියන්න පුළුවන්. ඉතින් ඒක දැනගෙන අපි නිර්මාණකරණයේ යෙදුණොත් තමයි හොඳ.