වර්ෂ 2017 ක්වූ ජනවාරි 18 වැනිදා බදාදා




ඇම්ඩාගේ වැඩ ගැන කියන එරංග සේනාරත්නගේ නෝනා හරිම වසයි
ජීවිතය සිතුවම් කළ ඉන්ද්‍රජාලිකයා
ජාතීන් අතර සංහිඳියාව ගැන කියවෙන දේදුනු පාලම
මගේ ඇක්ටිං පල් කියලා ප්‍රසන්න සර් මූණටම කිව්වා
ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයට ගෙන යන චිත්‍රාල්
පහුගිය සති කිහිපයේ තරම් මම නීතිය ඉගෙන ගත්තේ නැහැ ජීවිතේ කවමදාකවත්
හීරෝ නීරෝ
එකම දවසේ සම්මාන දෙකක් දිනුවා
පෙම්වතා අතහැර පාසල වෙනුවෙන් කැපවන ගුරුවරියකගේ කතාව
සිංහල සිනමාවේ අලුත්ම වසංගතය
රජ වෙන්න අවසර !
සිනමාකරුවකුගේ සිනමා සටහන
අලි කතාව හදද්දී අලි ඇබැද්දි රැසක්
සිනමාවේ දෙවැනි ස්වර්ණමය යුගය . .
‘මෝටර් බයිසිකල්’ මගේ ජීවිතයට ගොඩක් සමීපයි
සැබෑම ජාත්‍යන්තර සිනමා උලෙළක්
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේ
‘මහ ගෑනි කන්ද’ මගේ මීළඟ චිත්‍රපටයයි
“මං පොර” ජාතකේට මං කැමැති නෑ
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ . . . .
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයි
කෝඩුකාරයෙකුගේ සිනමා විජයග්‍රහණය
ඩිරෙක්ටර්’ රූගත වෙයි
එක් සිරුරක් ආත්ම දෙකක් ශ්‍රි ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ චිත්‍රපටය
Independance Day : Resurgence
රොබෝවරුන් සිනමාවට එයි
ප්‍රේක්ෂකයෝ අරුණිවයි මායි පටලවගෙන
ඩේටාවලින් ප්‍රේමය මනින යුගයක සැබෑ ආදරණීය කතාවක්
මම ලිංගිකත්වය මා(ර්)කට් කරනවද නැද්ද කියන . . .
ආදරණීය කතාවක් අන්තර්ජාලයට එක්වූදා
‘පත්තිනි’ චිත්‍රපටයේ රඟපාන්න ‘පූජා’ මුලින් බෑ කිව්වා
සුරංග ද අල්විස් තෙවැනි සිනමා නිර්මාණය හොරා පොලිස්
පවුල් සංස්ථාව අහිමි ස්ත්‍රීත්වය ගැන කියන ‘මං විතරයි’
ගී‍්‍රම් සොහොයුරන්ට අලුත් අරුතක්
‘සිංහයා’ සහ සැඟවුණ මිටියාවත සූදානම්
නේපාලයේ රූගත කළ චිත්‍රපටයක්
අපේ දළ ජාතික ආදායමෙන් හරි අඩක් ලැබූ චිත්‍රපට මාලාව
උපන් දින, විවාහ සංවත්සර සැමරුම් මැද හැදෙන පුංචි අන්දරේ
ගෙවීගිය දොළොස් මහේ ජගත් සිනමා කෙළි මඬලේ විකුම් පෑ ශ්‍රී ලාංකේය චිත්‍රපට
මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු
ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ සෙ ර් ජි යේ ලි යෝ න්

වින්දනීය සිනමා සටහනක්

ජීවිතය කියන්නේ සිනමාව යැයි ඇදහූ සෙ ර් ජි යේ ලි යෝ න්

උපන් රට - ඉතාලිය

උපන් දිනය - ජනවාරි 3, 1929 - අප්‍රේල් 30, 1989

විශිෂ්ට චිත්‍රපට - අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස්, ෆො අ ෆිව් ඩොලර්ස් මෝ, ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි, වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්, වන්ස් අපෝන් අ ටයිම් ඉන් ඇමරිකා

සෙරජියේ ලියෝන් 1960 දශකයේ කැපී පෙනුණේ බටහිර ශෛලිය තාලේ චිත්‍රපටවලට (කව්බෝයි චිත්‍රපට) මුලුමනින්ම නව ජීවයක් දෙමින් ස්පැගට් වෙස්ටරන්ස් යන නම් ලත් චිත්‍රපට කිහිපයක්ම ලෝකයාට තිළිණ කරමින්, මනරම් පුළුල් දසුන් ද ඊටම ඈඳා ආකර්ෂණීය සමීප රූපවලින් අලංකාර වූ අතරින් පතර සිදුවන ප්‍රචණ්ඩ සිදුවීම්වලින් සැරසුණු එනියෝ මොරිකොනීගේ සංගීතයෙන් ඔප දැමූ තුවක්කු සහ ඉර එළියේ ඔපෙරා බඳු වූ ලියෝන්ගේ මෙම චිත්‍රපට ක්ලින්ට් ඊස්ට්වුඩ් ඇතුළුව ඇමරිකානු නළුවන් ගණනකට රැකියා සොයා දෙන්නට සමත් වුණා.

රෝමයේ ඉපදුණු ලියෝන්ගේ පියා වුණේ සිනමා පුරෝගාමියකු වූ වින්සෙන්සෝ ලියෝන් (ඔහු අධ්‍යක්ෂ රොබේර්තෝ රොබර්ට් නැතහොත් ලියෝන් රොබෙර්තේ රොබෙරට් යන නම්වලිනුත් හැඳින්වුණා). මව වුයේ නිහඬ චිත්‍රපටවල රඟපෑ නිළියක් වූ එඩ්විග් වැල්කරන්ගිය. සිය පියා චිත්‍රපට දර්ශන තලවල වැඩ කරනවා බලා සිටි ලියෝන් අවුරුදු 18 දී තමාගේ සිනමා ජීවිතය ආරම්භ කළේ විශ්ව විද්‍යාලයේ නීතිය හැදෑරීම අතරමඟදී නවතා දමමින්.

1950 දශකයේදී ලියෝන් තිරනාටක ලියන්නට පටන් ගත්තා. වැඩි හරියක් ලියවුණේ ඒ කාලයේ ජනප්‍රියව පැවති මහා ඓතිහාසික වීර කාව්‍ය. ඔහු රෝමයේ සිනෙසිට්ටා චිත්‍රාගාරයේ රූගත කෙරුණු මහ පරිමාණයේ අන්තර් ජාතික නිෂ්පාදනවලට සහය අධ්‍යක්ෂවරයකු ලෙස දායක වුණා. කෝ වාඩිස් සහ බෙන්හර් (1959) ඇමරිකානු චිත්‍රාගාරවලින් මුදල් ආයෝජනය කළ ඔහු දායක වූ චිත්‍රපට දෙකකි.

1959 දී ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ යන ඉතාලියානු වීර කාව්‍ය අධ්‍යක්ෂණය කරමින් සිටි මාරියෝ බොනාරාඩ් නිෂ්පාදනය අතරතුර රෝගාතුර වීම හේතුවෙන් එය නිම කිරීමේ වගකීම ලියෝන්ට පැවරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමන්ගේ ප්‍රථම ඒක පුද්ගල චිත්‍රපට අධ්‍යක්ෂණය ලෙස කොලීසස් ඔෆ් රෝඩ්ස් එළි දකින විට ලියෝන් අධික වියදම් දරා නිපදවෙන හොලිවුඩ් චිත්‍රපටවලට සමාන එහෙත් වියදම අඩු චිත්‍රපට නිපදවීමේ මනා හැකියාවන්ගෙන් පිරිපුන් වූවා.

1960 දශකයේ මුල් භාගයේදී ඓතිහාසික වීර කාව්‍යයවලට ප්‍රේක්ෂකයින්ගේ තිබූ කැමැත්ත කෙමෙන් හීන වෙන්න ගත්තා. නමුත් ලියෝන් ඒ වන විට තමන්ගේ අවධානය ස්පැගෙට් වෙස්ටරන්ස් නමැති උප ශෛලියක් කෙරෙහි යොමු කර තිබුණා. ඒවායේ මූලාශ්‍රය වූයේ ඇමෙරිකානු බටහිර චිත්‍රපටයයි. ඔහුගේ අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස් නැමැති චිත්‍රපටය අකිරා කුරොසාවා විසින් 1961 දී නිර්මාණය කළ සමුරායි චිත්‍රපටයක් වූ යොජිම්බෝ ආශ්‍රයෙන් ගොඩ නැඟුණා. එම නිසා ජපන් අධ්‍යක්ෂවරයා විසින් ලියෝන්ට නීතිමය වශයෙන් අභියෝග කර තිබුණා. මෙම චිත්‍රපටය තවත් වැදගත් වන්නේ එය රංගන ශිල්පී ක්ලින්ට් ඊස්ට්වුඩ් මුල්වරට තරුවක් බවට පත් කළ නිසයි. ඊට පෙර ඊස්ට්වුඩ් ඇමරිකානු රූපවාහිනී නළුවෙකු සහ චිත්‍රපට අතළොස්සක රඟපෑ සාමාන්‍ය නළුවෙකු ලෙස පමණක් ප්‍රසිද්ධිය දිනාගෙන තිබුණා.

අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස් චිත්‍රපටයට එහි පෙනුම ලබා දුන්නේ ස්පාඤ්ඤයේ වටපිටාවයි. ඇමෙරිකාවේ පුරාණ බටහිරට සමාන ප්‍රචණ්ඩ සහ සංකීර්ණ සදාචාරාත්මක දැක්මක් එම පරිසරය තුළින් චිත්‍රපටයට ලබා දී තිබුණා. මෙම චිත්‍රපටය ගතානුගතික ඇමරිකානු බටහිර චිත්‍රපටවලට උපහාර කළ නමුත් කතාව, කතා සාරය, චරිත ගොඩ නැඟුම සහ මනෝභාවය යන කරුණු එම පැරණි චිත්‍රපටවලට සපුරා වෙනස් වුණා. බටහිර ශෛලී සිනමාවේ අදටත් නොනැසී භාවිතා වෙන එක් ප්‍රධාන සොයා ගැනීමක් නැතිනම් විශාල ඉදිරි පියවරක් තැබීම සඳහා හිමි ගෞරවය ලියෝන්ට සම්පූර්ණයෙන්ම හිමි වෙනවා. එය නම් ලියෝන්ට පෙර ගතානුගතික බටහිර චිත්‍රපටවල වීරයන් සහ දුෂ්ටයන් වෙස් ගන්වා තිබුණේ හරියට විලාසිතා සඟරාවල කවරවලට ගත් ඡායාරූප මෙනි. තවද වීරයා හා දුෂ්ටයා අතර සදාචාරාත්මක වෙනස ද කළු සහ සුදු ලෙස පෙන්වා දී තිබුණා. උදාරණයක් ලෙස ගත්තොත් වීරයා සුදු හිස් වැසුමක් පැලඳ සිටියා නම් දුෂ්ටයා පැලඳ ඉන්නේ කළු හිස් වැස්මක්, නමුත් ලියෝන්ගේ චරිත නම් ඊට බෙහෙවින්ම වෙනස් වුණා. ඒ චරිත වඩාත් තාත්වික, සංකීර්ණ සාමාන්‍යයෙන් තනිව හැසිරෙන පුද්ගලයන් වූවා. ඔවුන් කලාතුරකින් රැවුල බෑ, අපිරිසුදු, අධිකව දහඩිය දමන අපරාධවලට පෙලඹීමට නැඹුරුවක් ඇති චරිත වූවා. තවද ඔවුන් ගතිගුණ අතින් සුදු කළු නොව අළු පැහැති සදාචාරාත්මකව අපැහැදිලි, අතිශයින් අනුකම්පා සහගත අවස්ථාවේ හැටියට තමන්ගේ වාසියටම ක්‍රියා කරන අයවලුන් වුණා. ඉංග්‍රීසි කතා කළ නොහැකි, ඇමරිකානු පැරණි බටහිර ප්‍රදේශ කවදාවත් දැක නැති ඉතාලියානු අධ්‍යක්ෂවරයෙකු තනිවම සංකේතමය ඇමරිකානු කව් බෝයි ගැන ප්‍රේක්ෂක ආකල්පය සහමුලින්ම වෙනස් කරමින් යළි නිර්වචනය කළ හැටි ඇතැම් විචාරකයින් ව්‍යාංගාලාංකාරයක් ලෙස දකිනවා.

ලියෝන්ගේ මීළඟ චිත්‍රපට දෙක වූ ෆො අ ෆිව් ඩොලර්ස් මො (1965) සහ ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි (1966) අ ෆිස්ටිෆුල් ඔෆ් ඩොලර්ස් සමඟ නමක් නැති මිනිසාගේ චිත්‍රපට ත්‍රිත්වය සම්පූර්ණ කළා. (මේ තුන ඩොලර් ත්‍රිත්වය ලෙස ද හැඳින්වූවා). මේ චිත්‍රපට තුනම එකිනෙක ගත් කළ හැමවිටම පසුව ආ චිත්‍රපටය ඊට මුලින් ආ චිත්‍රපටයට වැඩිය වාණිජමය සාර්ථකත්වයක් ලැබුවා මෙන්ම තාක්ෂණික වශයෙන් ද පිරිපුන් වූවා.

මෙම චිත්‍රපට තුනේ සාර්ථකත්වයට පසුව පැරමවුන්ට් චිත්‍රාගාරය සෙරජියෝ ලියෝන්ට 1967 දී ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන්න ආරාධනය කළේ වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නටයි. මෙම චිත්‍රපටය වැඩිමනත්ම රූගත කෙරුණේ ස්පාඤ්ඤයේ අල්මේරියා ප්‍රදේශයේ සහ රෝමයේ සිනේසිට්ටා චිත්‍රාගාරයෙයි. එහි සමහර දර්ශන ඇමෙරිකවේ යුටාහ් ජනපදයේ මොනියුමන්ට් නිම්නයේද රූගත කරනු ලැබුවා. චර්ල්ස් බ්‍රොන්සන්, හෙන්රි ෆොන්ඩා, ජේසන් රොබාර්ඩ්ස් සහ ක්ලෝඩියා කාර්ඩිනේල් මෙහි රඟපෑවා. වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට් ඇමරිකානු පුරාණ බටහිර ජන ප්‍රවාද සංග්‍රහය ඇසුරෙන් කළ ඉතා දීර්ඝ, ප්‍රචණ්ඩ, සිහිනයක් බඳු භාවනාවක් වුණා. එහි පැරණි විශිෂ්ට බටහිර ශෛලී චිත්‍රපටවලට සමානකම් ද බොහෝ වුණා. තිර පිටපත ලියන ලද්දේ ලියෝන් සහ ඔහුගේ දීර්ඝකාලීන මිතුරෙකු මෙන්ම එකට වැඩ කළ සගයකු ද වූ සෙරජියෝ ඩොනාට් සමඟයි. බර්නාඩෝ බර්ටොලුවිච් සහ ඩාරියෝ ආර්ජෙන්ටෝ විසින් රචිත කතාවක් ඇසුරෙන් ඔවුන් මේ තිර රචනය සකස් කළා. කතාව ලියූ බර්නාඩෝ සහ ඩාරියෝ ද පසු කලෙක සිනමාකරුවන් ලෙස සාර්ථකත්වයට පත් වුණා. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනයට ප්‍රථම පැරමවුන්ට් චිත්‍රාගාරය විසින් එය දරුණු ලෙස සංස්කරණයට ලක් කොට තිබුණා. ඇමෙරිකා එක්සත් ජනපදය තුළ අඩු බොක්ස් ඔෆිස් ආදායමක් ලැබීමට එයත් මුල් වුණා විය හැකියි. පසු කාලයේ බොහෝ දෙනෙකුගේ මතය වූයේ වන්ස් අපොන් අ ටයිම් ඉන් ද වෙස්ට් යනු ලියෝන්ගේ හොඳම චිත්‍රපටය බවයි.

වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට් චිත්‍රපටයට පසුව ලියෝන් අධ්‍යක්ෂණය කළේ ඩක්, යු සකර් චිත්‍රපටයයි. ලියෝන් මුලින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට පමණක් සූදානම් වී සිටි අතර, මුල් අධ්‍යක්ෂක වූ පීටර් බොග්ඩැනොවිච් සමඟ සිදු වූ කලාත්මක නොගැළපීම හේතුවෙන් අවසානයේ අධ්‍යක්ෂණයත් ලියෝන්ටම කරන්නට සිදු වුණා. ඩක් යූ සකර් මෙක්සිකානු විප්ලවය පසුබිම් කරගත් ක්‍රියාදාම චිත්‍රපටයක් වුණා. අයර්ලන්ත විප්ලවවාදියෙකු ලෙස ජේම්ස් කෝබර්න් ද විප්ලවවාදියෙකු ලෙසට අහම්බෙන් පාත් වුණු මෙක්සිකානු චෞරයෙකු ලෙස රොඩී ස්ටයිගර් ද මෙහි ප්‍රධාන චරිත රඟපෑවා.

ලියෝන් දිගටම චිත්‍රපට නිෂ්පාදනය කරන්නත් සමහර අවස්ථාවලදී අනුන්ගේ චිත්‍රපටවල සමහර දර්ශන නැවත රූගත කරන්නත් ඉදිරිපත් වුණා. ටොනිනෝ වැලේරි විසින් නිර්මාණය කළ මයි නේම් ඉස් නෝබොඩි (1973) එවන් චිත්‍රපටයක්. හෙන්රි ෆොන්ඩා, වයසට ගිය වෙඩික්කාරයෙකු ලෙස එහි ප්‍රධාන චරිතය රඟපෑවා. ස්පැගට් වෙස්ටර්න් චිත්‍රපට හාස්‍යයට ලක් කළ කොමඩි චිත්‍රපටයක් වූ මෙහි හෙන්රි ෆොන්ඩාගේ චරිතය තමාගේ ගිටාරය වයමින් තමන් ආදරය කළ පැරණි බටහිර කෙමෙන් නැති වී යන අයුරු උපේක්ෂාවෙන් බලා සිටින්නෙක්. 1975 දී ලියෝන්ගේ අනික් නිෂ්පාදනය වුණේ අ ජීනියස්, ටූ පාට්නර්ස් ඇන්ඩ් අ ඩූප් යන බටහිර ශෛලියේ කොමඩි චිත්‍රපටයයි. එහි ප්‍රධාන චරිතය ටෙරන්ස් හිල් රඟපෑවා.

ගෝඩ් ෆාදර් අධ්‍යක්ෂණයට තිබූ අවස්ථාවක් ලියෝන් ප්‍රතික්ෂේප කළේ ඔහුගේ සිතේ කලින් පිළිසිඳ ගත් මැර කතාවක් තිරයට ගෙන ඒමේ අභිලාෂයෙන් ඔහු පෙළුණු නිසයි. එම චිත්‍රපටය නිර්මාණය සඳහා ඔහු අවුරුදු 10 ක්ම කැප කළා. චිත්‍රපට කතාවට පාදක වුණේ හිටපු මාෆියා මැරයෙකු වූ හැරී ග්‍රේ විසින් රචිත ද හූඩ්ස් නැමැති නවකතාවයි. එය නිව්යෝක් නගරයේ 1920 සහ 1930 දශකවල සිටි යුදෙව් මැරයන් හතර දෙනෙකුගේ කතාවක් වුණා. ඔවුන් කුඩා කල සිටම දැන ඇඳින සිටි මිතුරන් වුණා. පැය හතරක ධාවන කාලයකින් යුතු වූ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑවේ රොබට් ඩි නිරෝ සහ ජේම්ස් වුඩ්ස්ය. මෙම චිත්‍රපටය ජනප්‍රිය ඇමෙරිකානු ජනප්‍රවාදයේ තවත් පැත්තක් ගැන කළ භාවනාවක් වැනි වූවා. ප්‍රචණ්ඩත්වයේ සහ තණ්හාවේ භූමිකාව සහ මිත්‍රත්වයේ සහ ජනවාර්ගික නාමයෙන් බැඳි තිබුණු ඔවුන් දෙදෙනාගේ අසහනකාරී සහජීවනය චිත්‍රපටයේ කතාව තුළින් විග්‍රහ කරනු ලැබුවා. චිත්‍රපටය දිග වැඩි යයි සිතූ වෝර්නර් බ්‍රදර්ස් චිත්‍රාගාරය එය ඇමෙරිකානු වෙළඳපොලට සරිලන පරිදි පැය දෙකකට නැවත සංස්කරණය කරනු ලැබුවා. එවිට එහි තිබූ අතීතාවර්ජන ව්‍යුහය වෙනස් වී චිත්‍රපටය රේඛීය කතාන්දරයක් බවට පරිවර්තනය වුණා. පැය 2 කට මඳක් වැඩි මෙම සංස්කරණය උතුරු ඇමෙරිකාවේ තිරගත වූ පසු නිර්දය විවේචනයට ලක් වුණා මෙන්ම වාණිජමය වශයෙන් ද අසාර්ථක වුණා. නමුත් උතුරු ඇමෙරිකාවෙන් පිටත ලෝකයට බෙදා හැරුණු පැය 4 මුල් සංස්කරණය වාණිජමය වශයෙන් සාර්ථක වූවා පමණක් නෙව ඉතා හොඳ විචාරවලට ද ලක් වුණා. කෙසේ හෝ අවසානයේ එම මුල් සංස්කරණය ඩීවීඩී එකක් ලෙස ඇමෙරිකාවේ නිකුත් වූ පසු මෙම චිත්‍රපටය එයට හිමි ගෞරවය දිනා ගත්තා. බොහෝ විචාරකයන් එය අති විශිෂ්ට සිනමා කෘතියක් ලෙස අගැයීමට ලක් කළා.

1989 අප්‍රෙල් 30 වෙනිදා හෘදයාබාධයකට ලක් වුණු ලියෝන් මෙලොවින් සමු ගත්තා. ඔහු මිය යන විට 60 වෙනි වියේ පසු වූවා.

සෙරජියෝ ලියෝන් සිනමාවෙන් පමණක් දුටු ඇමෙරිකානු සිහින සහ ඔහුටම ආවේණික වූ ජනප්‍රවාද සංයෝගයෙන් 60 දශකයේ නිපද වූ බටහිර ශෛලියේ චිත්‍රපට හතර කෙතරම් කැපී පෙනුන උසස් අසාමාන්‍ය සිනමා නිර්මාණ වුවා ද කිවහොත් ඒවාටම සුවිශේෂී නමක් (ස්පැගට් වෙස්්ටරන්ස්) පවා ගොඩ නැඟුණා. මුලින් නාස්තිකාර ලෙස ප්‍රචණ්ඩ ස්පැගට් වෙස්ටරන්ස් ලෙස සමච්චලයට ලක් කළත් අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස් (1964) ෆෝ අ ෆිව් ඩොලර්ස් මෝ (1965) සහ ද ගුඩ් ද බෑඩ් ඇන්ඩ් ද අග්ලි (1966) යන චිත්‍රපට මිලින වෙමින් තිබූ බටහිර ශෛලිය දැඩි සේ පුබුදුවමින් උත්තේජනය කළේ ලියෝන් අන්තර් ජාතික සිනමා අධ්‍යක්ෂ තරුවක් බවට පත් කරමින්. ඔහු අධ්‍යක්ෂණය කළේ චිත්‍රපට 7 ක් වැනි සුළු ගණනක් වුවත්, ලියෝන්ගේ ආභාසය 60 දශකයේ අග භාගයේ පටන්ම විශාල වශයෙන් සෑම් පෙකින්පැහ්, ජෝන් වූ, ක්වෙන්ටින් ටැරන්ටිනෝ සහ ක්ලින්ට් ඊස්ට්වුඩ් දක්වා සිනමාකරුවන්ට බලපෑ බව නොරහසකි.

Personal Quote

මගේ ජීවිතය, මගේ කියවීම, මට සම්බන්ධ හැම දෙයක්ම භ්‍රමණය වන්නේ සිනමාව වටායි. ඉතින් මට නම් සිනමාව කියන්නේ ජීවිතයයි. ජීවිතය කියන්නේ සිනමාවයි.